ජනතා විරෝධයෙන් ආණ්ඩුව පසුබසී

ee
ප‍්‍රබල ඇමති රත්තරන් ජාවාරමක
April 26, 2017
Show all

ජනතා විරෝධයෙන් ආණ්ඩුව පසුබසී

Untitled-1

මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත. මෙම ගිවිසුමට අත්සන් තැබීම ජනවාරි මස 07 වන දිනට නියමිතව තිබුණු අතර දිගින් දිගටම මේ සම්බන්ධයෙන් එල්ල වුණු විරෝධතා හේතුවෙන් මෙම තීරණයට එළඹීමට සිදු වූ බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. වරාය සේවකයින් හා වෘත්තීය සමිති ද සිවිල් සංවිධාන ද භික්ෂූන් වහන්සේලා ද ජනතා විමුක්ති පෙරමුණ ද මෙම ගනුදෙනුවට විශාල විරෝධයක් එල්ල කරන ලදී. මේ නිසා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතරද කඹ ඇදීමක් සිදු වෙමින් තිබූ බව වාර්තා වේ. පසුගිය 05 වන දින පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂගේ සභාපතීත්වයෙන් රැුස් වූ ප‍්‍රවාහන සහ සන්නිවේදන ආංශික අධීක්ෂණ කාරක සභා රැුස්වීමේදීද මේ ප‍්‍රතිවිරෝධය දක්නට ලැබුණු බවත් වරාය, ප‍්‍රවාහන, මුදල් සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ වල නිලධාරීන් එම රැුස්වීමට පැමිණීම නතර කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ බවත් මේ වන විට හෙළි වී තිබේ. එසේම චීන රජයේ මැදිහත් වීම මත චීන තානාපති විසින් ශ‍්‍රීලංකා රජයට මෙම ගිවිසුම අනුව ක‍්‍රියාත්මක .