ප‍්‍රබල ඇමති රත්තරන් ජාවාරමක

Untitled-1
ජනතා විරෝධයෙන් ආණ්ඩුව පසුබසී
April 26, 2017
3
පුංචි ඡන්දයට පක්‍ෂ දෙකම බයයි
April 26, 2017
Show all

ප‍්‍රබල ඇමති රත්තරන් ජාවාරමක

ee

රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්තරන් තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බව වාර්තා වේ. මෙම ඇමතිවරයා තම අමාත්‍යාංශයේ නිල වාහන ද යොදාගෙන මෙම ජාවාරම කරගෙන යන අතර රන් තොග ඉන්දියාවට විකිණීම සිදු කරන්නේ ගුවන් මාර්ගවලින් සහ මුහුදු මාර්ගවලින් බවද හෙළි වී ඇත. කටුනායක ගුවන් තොටුපොළේ නිලධාරීන් පිරිසක්ද මෙම ජාවාරම පිටුපස සිටින බව පැවසෙන අතර ඇමතිවරයාගේ නිල වාහනයෙන් රැුගෙන යන රන් තොග ගුවන්තොටුපළේදී ඉතා සූක්ෂම ලෙස එහි සිටින නියෝජිතයකුට භාර දීමෙන් පසු ඔවුන් ඒවා ඉන්දියාවට රැුගෙන යන බවද හෙළි වී ඇත. මීට ටික කලකට පෙර මෙම ඇමතිවරයා ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මුහුදු මාර්ග ඔස්සේ රත්තරන් කිලෝ 50 ක් ඉන්දියාවට යෑවීමට උත්සාහ කළ අවස්ථාවේ ඒවා නාවික හමුදාවට කොටු වී තිබිණි..