දෑස් පෙනෙන අන්ධයෝ

Untitled-1-Recovered copy
ඒ්කාධිපති පුටුව
May 8, 2017
222244444445
බූරුවෝ හා මිනිස්සු
May 8, 2017
Show all

දෑස් පෙනෙන අන්ධයෝ

66

මැණික පයේ වැදුනත් කණා එහි අගය දන්නේ නැහැයි ජනවහරේ කියමනක් තිබේ. මන්ද යත් කණාට ඒ සියල්ලම සාමාන්‍ය ‘ගල් කැට’ වන නිසාය. අපේ රටේ පාලකයන්ගේ කටයුතු ද මෙකී කණාගේ කටයුතු සේ විටෙක පෙනී යයි. දෑස් පෙනෙන අය අන්ධ ලෙස හැසිරීම කනගාටුවට කරුණකි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට පැවරීමට යාමත්, ත‍්‍රී’මලය තෙල් ටැංකි පද්ධතිය සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙතත් දෙස බලන විට මෙය වඩාත් තහවුරු වෙයි. ලෝකයේ වරායන්හි ප‍්‍රමිතිය අනුව ශ්‍රේණිගත කිරීම්වල දී කොළඹ වරාය තවමත් ප‍්‍රමුඛ ස්ථානයක් හිමි කර ගන්නා වරායකි. එහෙත් මේ වන විට එහි කොටස් වැඩි ප‍්‍රමාණයක් විදෙස් සමාගම් වෙත පවරා දී අවසන්ය. වරායේ වැදගත්ම ජැටියකින් 85%ක අයිතිය චීනයේ ක්‍ෂක්‍ඔ සමාගමට පවරන ලද්දේ පසුගිය රාජපක්ෂ පාලනය තුළ දී ය. ඒ තත්ත්වය තුළ පවා වරායේ ආදායම් විශාල ලෙස පහළ වැටී තිබේ. හම්බන්තොට ඉදි කළ වරායේ කටයුතු පවා සිදුවන්නේ මෙම කොළඹ වරායේ ආදායමෙනි. මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට පැවරීමේ ප‍්‍රශ්නය මතුව ඇත්තේ මේ පසුබිම තුළ ය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ම`ගින් ඉදි කරන ලද නැෙඟනහිර පර්යන්තයේ වැඩ බොහෝ දුරට අවසන් වී තිබේ. මීටර් 440ක් දිග, මීටර් 18ක් ගැඹුර ජැටි බැම්මක්, හෙක්ටයාර 20ක ප‍්‍රදේශයක අවශ්‍ය පහසුකම් සංවර්ධනය කර තිබේ. ඒ අනුව දැනටමත් කන්ටේනර් 18,000ක් පමණ ප‍්‍රවාහනය කළ හැකි විශාල නැව් හැසිරවීමේ හැකියාවක් මෙම නැෙඟනහිර පර්යන්තයට තිබේ. චීන ක්‍ෂක්‍ඔ සමාගමට එක් ජැටියක් පැවරීම නිසා වරාය ආදායම් ශීඝ‍්‍රයෙන් පහළ වැටීමක් ද සිදු වී තිබේ. මේ නිසා නැෙඟනහිර ජැටිය කි‍්‍රයාත්මක වීමෙන් විශාල ආදායමක් ඉපයීමේ අවස්ථාව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු ය. එසේ තිබිය දී මේ සා විශාල ධනයක් වැය කර ඉදි කළ නැෙඟනහිර ජැටියෙන් 85%ක් ඉන්දියානු සමාගමකට පැවරීමට යාම කවර මට්ටමේ තකතිරුකමක් දැයි ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත. කණාගේ පයේ වැදුණ මැණික පිළිබඳව සිහිපත් වන්නේ එවිට ය. ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි පද්ධතිය සම්බන්ධ ප‍්‍රශ්නය ඊටත් වඩා බරපතලය. ලෝක සිතියමේ ශ‍්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම අනුව එය තවත් අර්ථාන්විත කරන ස්ථානයකි ති‍්‍රකුණාමලයේ වරාය. එහි ඇති භූගෝලීය වැදගත්කම නිසාම බි‍්‍රතාන්‍යයන් වරාය ආසන්නයේ අක්කර 850ක පමණ ප‍්‍රදේශයක තෙල් ටැංකි 101ක් ඉදිකළහ. ඒ දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානය ඇති කිරීමේ අරමුණ සහිතව ය. දැනටත් ඉන් 98ක් හොඳම තත්ත්වයේ පවතී. මෙම එක් ටැංකියක ධාරිතාව මෙටි‍්‍රක් ටොන් 12,500කි. ටැංකි පද්ධතියම ගත් විට ඉන්ධන මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 15ක් ඉක්මවා ගබඩා කළ හැකිය. මෙකී වටිනා තෙල් ටැංකිවලින් 17 ක් ද, පොම්පාගාරය හා අනිකුත් ගොඩනැඟිලි සමූහය ද ඉන්දියානු සමාගමකට 39 අවුරුදු බද්දකට එවකට ආණ්ඩුව විසින් පවරා දෙන ලදී. එහෙත්, මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර මාස 6ක් ඇතුළත අදාළ නීතිමය ලියවිලි සකස් කෙරෙන බව සඳහන් වුවත්, එය සිදු වී නැත. මේ නිසා නීතිමය වශයෙන් එහි අයිතිය ඇත්තේ ශ‍්‍රී ලංකා රජයට ය. එහෙත්, අදටත් ඉන්දීය සමාගම අදාළ තෙල් ටැංකි සහිත ප‍්‍රදේශය අත්පත් කරගෙන සිටී. පසුගියදා එහි නඩත්තු කටයුතු පරීක්ෂා කිරීමට ගිය තෙල් සංස්ථා ඉංජිනේරුවන් දෙදෙනෙකු බලහත්කාරයෙන් රඳවා ගනු ලැබුයේ ඒ අනුවය. අලූතෙන්ම මතු වී ඇති කාරණය වන්නේ මෙවැනි වාසිදායක තත්ත්වයක් ශ‍්‍රී ලංකාව වෙත තිබිය දී තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය ඉන්දියානු සමාගමකට පැවරීමට යාමයි. මෙය කවර මට්ටටමේ තකතිරුකමක් දැයි සොයා බැලීම පාඨකයන්ට භාර ය. ලෝක පරිමාණයෙන් අතිවිශාල වැදගත්කමක් ද, වටිනාකමක් ද සහිත මේ ජාතික සම්පත ඉන්දියාවට පැවරීම කණා විසින් මැණිකට පයින් ගැසීමක් නොවන්නේ ද? ඉන්දියාව දැනටමත් අපේ රටේ තෙල් සැපයුම් හා බෙදාහැරීම් ඒකාධිකාරය ක‍්‍රමානුකූලව අත්පත් කර ගනිමින් සිටී. ඒ ෂධක්‍ සමාගම හරහා ය. ත‍්‍රී’මලයේ තෙල් ටැංකි පද්ධතිය අත්පත් කර ගතහොත්, මාස 04 කට අවශ්‍ය තෙල් ධාරිතාවක් ගබඩා කර තබා ගැනීමේ හැකියාව ඔවුන් සතු වෙයි. ඒ අනුව ලංකාවේ තෙල් ඒකාධිකාරය ඔවුන් සතු කර ගත හැකි වන්නේ ය. තෙල් යනු මෙරට ආර්ථිකයේ ප‍්‍රධානතම සාධකයකි. වරායේ නැගෙනහිර පර්යන්තය යනු ආර්ථිකයේ මර්මස්ථානයකි. මේ සියල්ල ඉන්දියාවට පැවරීම යනු ආර්ථිකයේ හදවත ඉන්දියාවට භාර දීමට වෙනස් වන්නේ නැත. ඊට අමතරව ඉන්දියාව හා ලංකාව අතර ‘සප්තා’ නමින් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට ද සූදානම් වන බව ආණ්ඩුව නිතරම කියයි. එයට මෙරට විද්වතුන්ගෙන් හා වෘත්තිකයන්ගෙන් මහත් විරෝධයක් එල්ල වී තිබේ. එය අත්සන් කළහොත්, ලාංකීය නිෂ්පාදනයන් සම්පූර්ණයෙන් බිඳවැටී ඉන්දියාව වෙළෙඳ පොළ අත්පත් කර ගැනීම වැළැක්විය නොහැකි ය. ආර්ථිකයේ ඉතිරි වැදගත් කොටස වෙළෙඳ පොළයි. මේ සියල්ලෙන් අවසානයේ සිදුවනුයේ මුළුමහත් ආර්ථිකය ඉන්දියාව සතුවීම නොවේ ද? ඒ අතර චීන සමාගම් ද තමන්ගේ පංගුව වෙන් කර ගැනීමේ සටනක නිරතව සිටී. දකුණේ අක්කර 15,000ක ආයෝජන කලාපයත්, හම්බන්තොට වරායත්, කොළඹ ෆෝට් සිටි ව්‍යාපෘතියත් දියත් වන්නේ ඒ අනුව ය. එහෙත්, මේවායේ ප‍්‍රතිලාභ අත් වන්නේ අපට නොවේ. එනම් කණාට මැණික අහිමි වේ. රට පාලනය භාර කළවුන් අන්ධයන් සේ හැසිරෙන්නේ නම්, ජනතාව කළ යුත්තේ දෑස් පෙනෙන, රටේ සම්පත්වල අගය දන්නා, පාලකයන් පත් කර ගැනීම ය..