පැරදවිය නොහැකි අධිෂ්ඨානය

559+89+8
මීලග පියවර…
May 8, 2017
15151515151
වඳුරන්ට දැලි පිහි දුන් පසු…
May 8, 2017
Show all

පැරදවිය නොහැකි අධිෂ්ඨානය

666664446868686646

මීට වසර 8කට පෙර 2009 අවසන් කාර්තුවය. එක් පැත්තකින් මුළු සමාජයම භීතියෙන් හිරිවට්ටා ගල් කර තිබුණේ ය. අනෙක් පැත්තෙන් රාජපක්ෂ වස`ගය මුදුන් හිනිපෙත්තටම ගෙන ගොස්ය. ඕනෑම ඒකාධිපති පාලකයෙකු කරන්නේ එක් පැත්තකින් භීතියෙන් සමාජය හිරිවැට්ටීමත්, අනෙක් පැත්තෙන් තමන් දේවත්වයට පත් වීමත්ය. රාජපක්ෂ පවුල් පාලනයේ උච්චතම අවධිය වූයේ 2009 අවසන් කාලයයි. මේ නිසාම අනෙක් පැත්තෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් දිගේලි කළ යුතු සටනක් තිබුණේය. අධිකරණය, පාර්ලිමේන්තුව, මාධ්‍යය සහ සන්නාහ සන්නද්ධ බලය ඇතුළු රාජ්‍ය යාන්ත‍්‍රණයේ සියලූ බලයන් රාජපක්ෂ පැත්තේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය දිනා ගැනීමේ අචල අධිෂ්ඨානය ‘ලංකා’ පැත්තේය. එම අධිෂ්ඨානයට ජීවය දීමේ අවි වූයේ පෑන, කැමරාව ඇතුළු මාධ්‍ය උපකරණ කිහිපයක් පමණය. ඒ දිනය 2009 සැප්තැම්බර් 02දා ය. ‘ලංකා’ මාධ්‍යවේදීන් වන ශාලික විමලසේන, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ දයා නෙත්තසිංහ දෙනියාය රාජපක්ෂ බලකොටුවකට ඇතුළු වූයේ මාධ්‍ය උපකරණ කිහිපය රැුගෙනය. මහජනතාවගේ මුදල් සහ සම්පත් භාවිත කරමින් පෞද්ගලික සුපිරි මන්දිරයක් ඉදි කිරීම පිළිබ`දව සාක්ෂි සහිතව රටට හෙළි කිරීම අරමුණ වූයේය. සත්‍යය හෙළි කිරීමේ ගවේෂණයෙන් පසු ආපසු පැමිණෙමින් සිටි තිදෙනා රාජපක්ෂ බලය යොදවා පැහැර ගනු ලැබීය. එතැන් සිට රාජපක්ෂ බලයේ සියලූ යාන්ත‍්‍රණයන් යොදාගෙන තිබුණේ මාධ්‍යවේදීන්ගේ ජීවිත කෙළවර කිරීමටය. රාජපක්ෂ පාලනයේ සැබෑ නිරුවත රටට, ලෝකයට හෙළි කිරීම වැළැක්වීම ස`දහා ජීවිත තුනක් අහිමි කිරීම ඔවුන්ට අති සරල කරුණක් විය. පැහැර ගැනීම පිළිබ`දව තොරතුරු ලැබුණු පළමු නිමේෂයේ සිටම ‘ලංකා’ ක‍්‍රියාත්මක වූයේය. මාධ්‍ය සගයන්ගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම අංක එකේ වගකීමය. ඒ වෙනුවෙන් සටන් ඇරඹිණි. අපේක්ෂා නොකළ මෙම තත්ත්වය තුළ රාජපක්ෂවරුන් වෙනත් ප‍්‍රචාරක උපක‍්‍රම වෙත මාරු විය. තම වසගයට පත්ව සිටි අයගේ ලේ වලට ආමන්ත‍්‍රණය කෙරෙන අභූත චෝදනා මාධ්‍යවේදීන්ට සැලසුම් සහගතව එල්ල කෙරෙන්නේ ඒ අනුවය. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා ඇතුළු රාජපක්ෂ පවුලේ ප‍්‍රභූන් නිතර යන එන තැනකට ඇතුළු වූ එල්.ටී.ටී.ඊ. ඔත්තුකරුවන් ලෙස මාධ්‍යවේදීන්ව හංවඩු ගැසීය. මේ රාජපක්ෂවරුන් දෙදෙනා ඝාතනය කිරීමේ සැලසුම් පිළිබ`දව චෝදනා ඔවුන් නැඟීය. එයින් නොනැවතී ‘චැනල් ෆෝ’ වීඩියෝ පට නිර්මාණය කරන ලද්දේ ‘ලංකා’ කාර්යාලය බවටද ප‍්‍රචාරය කෙරිණ. ලේක් හවුස්, අයි.ටී.එන්, ජාතික රූපවාහිනිය යන රාජපක්ෂලාගේ ලොන්ඩරි වී තිබූ රාජ්‍ය මාධ්‍ය සියල්ල මේ බේගල් ප‍්‍රචාරය කළේ කිසිදු හිරිකිතයකින් තොරවය. ‘ලංකා’ බලමුළු ගොඩනැඟීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අනෙකුත් සියලූ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීහු අප හට උපරිම සහයෝගය පළ කරමින් ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදුණෝය. මේ නිසාම ලංකා මාධ්‍යවේදීන් තිදෙනාගේ ජීවිත සුරක්ෂිත කර ගැනීමේ මූලික අභියෝගය ජයග‍්‍රහණය කළ හැකි විය. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ත‍්‍රස්ත මර්දන කාර්යාංශය, ගොබෙල්ස් මාධ්‍ය ජාලය ආදී වශයෙන් ලංකා මාධ්‍යවේදීන්ට විරුද්ධව ක‍්‍රියාත්මක වූ රාජපක්ෂ බලමුළු මූලිකව පරාජය විය. කෑදර හා බලලෝභී පාලනයේ බලමුළු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය දිනා ගැනීමේ අධිෂ්ඨානය අතර දිගුකාලීන අරගලයක් මෙතුළින් ගොඩනැඟීමට සමත් වීමු. එම අරගලයේ දෙවැනි ජයග‍්‍රහණය වශයෙන් ‘ලංකා’ මාධ්‍යවේදීන් තිදෙනාට එල්ල කර තිබූ අභූත චෝදනා සියල්ල පසෙක දමා ‘අයුතු ඇතුළුවීම’ යන චෝදනාව පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීම දක්වා රාජපක්ෂවරුන් දණ ගසා තිබිණි. මොරවක දිසා අධිකරණයේ වසර හතක් පුරා මෙම චෝදනාව විමර්ශනයට ලක් කෙරිණ. ‘සාධාරණ සැකයකින් තොරව’ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වූ බව අධිකරණයේ නිගමනය විය. ඒ අනුව මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව පසුගිය 08 වෙනිදා ප‍්‍රකාශයට පත් කෙරිණි. බලලෝභී වියරුව පරදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් මෙහෙයවූ පෑන ජය ගත්තේය. මෙම ජයග‍්‍රහණය නියත බවට අචල විශ්වාසයක් අප වෙත තිබිණි. කාල ප‍්‍රමාදයක් පමණක් සිදු වන බවට අවබෝධයක්ද අපට විය. ‘ලංකා’ එදා ආරම්භ කළ සටන මේ මාධ්‍යවේදීන් තිදෙනා වෙනුවෙන් පමණක්ම නොවූ බවද සිහිපත් කළ යුතුය. මාධ්‍ය නිදහස දිනා ගැනීමේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ පළල් අරමුණ වෙනුවෙන් සටන් දියත් කිරීම අප ආරම්භ කළේ එතැන් සිටය. එය කෙතරම් පුළුල්ව දියත් කළේද යත්, දකුණේ දී පමණක් නොව උතුර දක්වා ද ගෙන යා හැකි විය. යාපනයේ ‘උදයන්’ පුවත් පතට රාජපක්ෂ ජුන්ටාවේ ප‍්‍රහාර එල්ල කිරීමට විරුද්ධව යාපනයේ දී පළමු වරට තවත් සංවිධාන හා එක්ව විරෝධය පළ කිරීම දක්වා සටන් පැතිරවිය හැකි වූයේය. අධිකරණයේ මෙම තීන්දුව අප ලැබූ තවත් එක් ජයග‍්‍රහණයක් පමණය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සත්‍යය, යුක්තිය සහ සාධාරණත්වය මේ සමාජයේ යථාර්ථයක් බවට පත් කිරීමේ දිගු අරගලයක් අපට තිබේ. එහිදී පෑනෙන් කළ යුතු කාර්යභාරයේ පුරෝගාමී වූ වැඩකොටසක් අප වෙත ඉතිරිව පවතින්නේය. සියලූ ප‍්‍රගතිශීලී මාධ්‍යවේදීන් හට අත් හළ නොහැකි වගකීමක කොටස්කරුවන් වීමේ අරගලයක් අපට තිබේ. මෙම අධිකරණ තීන්දුව එම ප‍්‍රගතිශීලී මාධ්‍යවේදීන් සියලූ දෙනාගේම අචල විශ්වාසය සහ ශක්තිය වෙනුවෙන් වූ පුරෝගාමී ජයග‍්‍රහණයක් වන්නේය..