ගංවතුරින් දකුණු ආසියාව යට වෙයි

aaac
බැංකු කොල්ලයේ අලූත්ම පිල්ලිය
August 28, 2017
Untitled-1
යහපාලන සංදර්ශනය
August 28, 2017
Show all

ගංවතුරින් දකුණු ආසියාව යට වෙයි

asea

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය ජනතාව ධාරානිපාත වැස්සෙන් සහ ඒ සමග මුහුණ දීමට සිදු වූ ගංවතුර උවදුරින් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගංවතුරට හසුව මරණයට පත් ජන සංඛ්‍යාව පනස් හයක් බව පසුගිය අගෝස්තු 16 වනදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවන්හි දැක්වෙයි. එසේම උතුරු බිහාරයේ දහස් ගණනක් ජනතාව ගංවතුර හේතුවෙන් අවතැන් වී සිටිති. තවද බිහාරයේ දිස්ත්‍රික්ක දොළහක් ගංවතුර උවදුරින් බැට කන අතර, එහි දරුණුතම තත්ත්වය පවතින්නේ අරරියා (Araria) දිස්ත්‍රික්කයේයි. මෙම ගංවතුර හේතුවෙන් විදුලි රැහැන් හානියට පත් වී ඇති අතර, එයින් කාන්දු වූ විදුලි සැර වැදීමෙන් කාන්තාවන් කිහිපදෙනෙකු මරණයට පත්ව ඇතැයිද වාර්තා වේ.
ඉන්දු-බංග්ලාදේශ දේශ සීමාවේ ඉන්දියානු පාර්ශ්වයේ ගංවතුර දරුණු අතට හැරීමත් සමග එහි වෙසෙන ඉන්දියානුවන් සිය ගණන් බංග්ලාදේශය තුළට පැමිණ එහි කොටු වී සිටින බවක් ද වාර්තා වෙයි.
ප්‍රධාන ගංගා හදිසියේ පිටාර ගැලීමත් සමග උතුරු නගර සහ ඒ අවට ප්‍රදේශ ජලයෙන් යටවිය. දස දහස් සංඛ්‍යාත ජනකායක් ගංවතුරින් කොටු වී සිටින අතර විපතට පත් ජනයාට ප්‍රමාණවත් සහනාධාර නොලැඛෙන බවට චෝදනා ඉදිරිපත් වෙමින් ඇත.
මේ අතර බංග්ලාදේශ් ගංවතුරින් මරණයට පත් ජන සංඛ්‍යාව 42ක් බව නිකුත් වූ වාර්තා වලින් හෙළි වී තිබේ.
ගංවතුරට ගොදුරු වූ සිය දකුණු තැනිතලාවේ සියලූ දිස්ත්‍රික්කවලට සහනාධාර ලැබී ඇතැයි නේපාල ආණ්ඩුව පවසයි. එහෙත් තවමත් තමන්ට ආධාර ලැබී නොමැති බව එහි බොහෝ දෙනෙක් පවසති. ආණ්ඩුව විසින් යවනු ලබන ආධාර වලට සිදු වන්නේ කුමක්ද? යන ප්‍රශ්නයත් ඒ සමග මතුව ඇත.
තවද නේපාලයේ ගංවතුරින් වන සත්ත්ව ජීවිතයටත් තර්ජන එල්ල වී ඇත. රටේ දකුණු තැනිතලා ප්‍රදේශ ගංවතුරින් යට වීමත් සමග ප්‍රධාන ජාතික වනෝද්‍යාන කීපයක් ද ඊට ගොදුරු විය.


ධනංජය සූරියබණ්ඩාර