වෙනිසියුලාව නව ව්‍යවස්ථාවේ වැඩ අරඹයි

diyatha
ඉන්දු ඇමෙරිකා සහයෝගය තුළ සැඟවුණු ගිනි පුපුරු
August 28, 2017
katharagama
දෙවියන්ට උදේ කෑමත් අහිමි කළ ගෝලයන්ගේ රණකෙළිය
August 29, 2017
Show all

වෙනිසියුලාව නව ව්‍යවස්ථාවේ වැඩ අරඹයි

venizulla

පසුගියදා පැවැත්වූ මැතිවරණයෙන් තේරී පත් වූ වෙනිසියුලානු ජාතික ව්‍යවස්ථා සභාව සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කර ඇති බව වාර්තා වේ.
ජාතික ව්‍යවස්ථා සභාවේ සභාපති ඩෙස්ලි රොඩ්රිගුයේස් මෙම සත්‍ය සෙවීමේ කොමිසමේද සභාපතිවරයා ලෙස කටයුතු කරන බවත් ප්‍රචණ්ඩත්වයට, වෛරය වැපිරවීමට එරෙහිව මෙම සත්‍ය සෙවීමේ කොමිසම ඉදිරියේදී යොදා ගැනීමට සැලසුම් කර ඇති බවත් පැවසේ. පසුගිය මැතිවරණය පැවැත්වීම කඩාකප්පල් කිරීම සඳහා විරුද්ධ පක්ෂය අප්‍රේලේ මස ආරම්භයේ සිට සිදුකරනු ලැබූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ කඩාකප්පල් ක්‍රියා හේතුවෙන් ජීවිත හානි 120ක් පමණ සිදුව ඇති අතර කඩාකප්පල් ක්‍රියාවන්හි ගොදුරු බවට ආහාර ගබඩා, පොදු ස්ථාන පමණක් නොව ළදරු පාසල් පවා ලක්ව ඇතැයි සඳහන් වේ.
මේ වන විට අනාවරණය වන තොරතුරු අනුව ඡන්දයෙන් පත් වූ ජාතික ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථා සම්පාදනයට පමණක් නොව ජාතික වශයෙන් වැදගත්වන තීන්දු තීරණ ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කිරීමට මධුරෝ පාලනය සැලසුම් කර ඇති බව වාර්තා වේ.


ධනංජය සූරියබණ්ඩාර