ඇමෙරිකාවේ ආධිපත්‍යයට යුරෝපයෙන් අභියෝගයක්

bolivia
බොලිවියාවෙන් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට පිළිතුරු
August 29, 2017
America protests
ඛෙදුම්වාදයට හා ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ
August 29, 2017
Show all

ඇමෙරිකාවේ ආධිපත්‍යයට යුරෝපයෙන් අභියෝගයක්

europe

යුරෝපා කලාපයේ පැවැත්ම වෙනුවෙන් තවදුරටත් ඇමෙරිකානු මිලිටරි මැදිහත් වීම බලාපොරොත්තු විය නොහැකි බැවින් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් යුරෝපය, ඇමෙරිකානු ආරක්ෂක පද්ධතියෙන් බැහැර විය යුතු බව කොමිසමේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
යුරෝපා කොමිසමේ ප්‍රධානියාගේ මෙම ප්‍රකාශය ඇමෙරිකාව හා යුරෝපය අතර ගොඩනැගෙමින් පවතින විරසකයේ ප්‍රතිඵලයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පත්වීමත් සමග ඇමෙරිකාව සම්බන්ධයෙන් වන යුරෝපයේ විශ්වාසය මෙලෙස බිඳවැටීම බරපතළ වී ඇති බව පැවසේ.
යුරෝපා සංගමයෙන් බි්‍රතාන්‍ය ඉවත් වීමේ සූදානමත් සමග යුරෝපයේ ආරක්ෂාව පිළිබඳව බරපතළ ගැටලුවක් මතුව තිබේ. විශේෂයෙන්ම මේ වන විට යුරෝපා කලාපයට එල්ල වෙමින් පවතින ත්‍රස්තවාදී ප්‍රහාරයන් හමුවේ ආරක්ෂාව සඳහා යුරෝපා රටවල හමුදාවගෙන් සමන්විත ආරක්ෂක වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් මතුව ඇති බවට ඔහු ප්‍රකාශ කර තිබේ. යුරෝපා කොමිසමේ ප්‍රධානියාගේ මෙම ප්‍රකාශය ඇමෙරිකානු යුද ආධිපත්‍ය කිසියම් දුරකට අභියෝගයකට ලක්කිරීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.