ඕනෑම අවස්ථාවක සේවයට සූදානම් සෞඛ්‍ය බළකායක් ඔවුන්ට ඉන්නවා

shiranthi rajaapaksha
නීතිය නැති රටක හොරු නටන නාටක
August 29, 2017
15 page
විප්ලවය වැඩි ඡන්ද ලැඛෙන තුරු බලා ඉන්නේ නැත!
August 29, 2017
Show all

ඕනෑම අවස්ථාවක සේවයට සූදානම් සෞඛ්‍ය බළකායක් ඔවුන්ට ඉන්නවා

cuba interview

ඒක වෙනස්ම කතාවක් 02

කියුබාවේ වසර හයක කාලයක් සෞඛ්‍ය පාඨමාලාවක් හදාරා ලංකාවට පැමිණ සිටින සුනිදු දිසානායක මහතා සමග කියුබාවේ අත්දැකීම් පිළිබදව කළ සාකච්ඡාවේ පළමු කොටස පසුගිය කලාපයේ පළ විය. මේ එහි දෙවන කොටසයි.

ඔබ කියුබාවට ගියේ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් හැදෑරීම සඳහායි. වසංගත රෝග මර්දනයේදී කියුබාව ලෝකයෙන්ම කැපී පෙනෙනවා. මේ ගැන ඔබට තිඛෙන අත්දැකීම් තිඛෙනවාද?

කියුබාව තුළ සියලු සෞඛ්‍ය කටයුතු මනා ලෙස සංවිධානය කර තිඛෙනවා. ඒ වගේම සැලසුම් කර තිඛෙනවා. කියුබානුවන් තම රට තුළ යහපත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා මෙහෙයුම් බළකායක් පිහිටුවා තිඛෙනවා. මෙම බළකාය වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ආපදා කළමනාකරුවන් සහ අදාළ අංශවල ප්‍රවීණයන්ගෙන් සමන්විතයි. ඒ හැරුණු විට සියලුම අමාත්‍යාංශවලට මෙම බළකාය අනුබද්ධ කොට තිඛෙනවා. ඊට අමතරව ස්වේච්ඡා පදනමින් ක්‍රියා කරන පිරිසක්ද මෙයට එක් කර සිටිනවා. කිසියම් වසංගත තත්ත්වයක් ඇති වූ වහාම මෙම බළකාය ක්‍රියාත්මක වී අදාළ වසංගත තත්ත්වය ක්ෂණිකව පාලනය කරනවා.
මම කියුබාව තුළ සිටියදී ග්‍රැන්මා ප්‍රදේශයේ කොලරා වසංගතයක් ඇති වුණා එම අවස්ථාවේ ඉහත කී බළකාය ග්‍රැන්මා ප්‍රදේශයේ සිටින ඔවුන්ගේ නියෝජිතයන් සමග එම ප්‍රදේශයට ගොස් වාර්තා ලබා ගෙන ඒකාබද්ධ මෙහෙයුමක් මගින් වසංගතය මැඩපැවැත්වූවා. මෙම මෙහෙයුමට දායක වීමට මට ද අවස්ථාව උදා වුණා. ඒ අවස්ථාවේ ඔවුන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අප සියලු දෙනා ගෙයක් ගෙයක් ගානේ යවා සමීක්ෂණ වාර්තාවක් ලබා ගත්තා. එම වාර්තා පදනම් කර ගනිමින් කොලරා වසංගතය කෙටි කාලයක් තුළ පාලනය කළා. තෙමසක් ඇතුළත වසංගතය මුළුමනින්ම නතර කිරීමට ඔවුන් සමත් වුණා. මෙම ක්‍රමවේදය නිසා ආපදාවකදී මිය යන ප්‍රමාණය ඉතාම අඩුයි. සමහර විට මියයන්නේම නැති තරම්. සන්තියාගෝ ප්‍රදේශයේ ඇති වූ සුළි සුළඟ අවස්ථාවේදීත් මේ ලෙසින්ම මෙම බළකාය ක්‍රියාත්මක වුණා. මෙම බළකායට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම ද අදාළ මොහොතේම රජය මගින් සිදු කරනවා. වසංගත පමණක් නොව ඕනෑම ආපදා අවස්ථාවකදී මෙම බළකාය ක්‍රියාත්මක වෙනවා. ජාත්‍යන්තර ව්‍යසනයන්වලට පවා මෙම බළකායේ සහාය ලබා දෙනවා, පාකිස්ථානයේ භූමිකමිපාව සහ ශ්‍රී ලංකාවේ සුනාමි අවස්ථාවේ මොවුන්ගේ සහාය ලබා දුන්නා.

කියුබානුවන් භුක්ති විඳින සෞඛ්‍ය වරප්‍රසාද තව පැහැදිලි කළොත් ?

කියුබාවේ සෞඛ්‍ය සේවයේ තේමාව ‘සැමට සෞඛ්‍යය’ යන්නයි. පෞද්ගලික රෝහල් හෝ පෞද්ගලික ඖෂධ ශාලා එහි නැහැ. ඖෂධ, වෛද්‍ය පරීක්ෂණ, ශල්‍යකර්ම ආදී සියලුම සෞඛ්‍ය පහසුකම් නොමිලයේ සපයනවා, සෑම රෝහල්ගත කරන රෝගියෙකුම පරීක්ෂා කිරීමට විශේෂඥ වෛද්‍යවරයෙකු, මනෝ වෛද්‍යවරයෙකු, ඖෂධවේදියෙකු, භෞත චිකිත්සකයෙකු සහ හෙදියක ඇතුළු කණ්ඩායමක් සහභාගී වෙනවා. රෝගියා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී මේ සියලුම දෙනා සාකච්ඡා කර තීරණ ගනු ලබනවා. රෝගියා පරීක්ෂා කිරීමටත්, ඔහු සමග කතාබහ කිරීමටත් දීර්ඝ කාලයක් යොදවනවා. අවසානයේ අදාළ රෝගියාට ප්‍රතිකාර කිරීම පැවරෙන්නේ ඒ සඳහා වන ප්‍රවීණයාට වීම තවත් විශේෂත්වයක්, සෑම රෝගියෙකුගේම තොරතුරු ඇතුළත් දත්ත ගබඩා කර ඒවා යාවත්කාලීන කිරීමක් ද කරනවා. ඒ අනුව සෑම පුද්ගලයෙකුගේම වෛද්‍ය ඉතිහාස තොරතුරු පවත්වාගෙන යනවා. එම කටයුතු වලට අදාළ කාර්ය මණ්ඩලද පත් කර තිඛෙනවා. කිසියම් රෝගී පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීමේදී මෙම දත්ත සටහන් සහ ඉතිහාසගත තොරතුරු ඉවහල් කර ගන්නවා, පරීක්ෂා කිරීමක් ද අනිවාර්යයෙන්ම සිදු කරනු ලබනවා.

ඖෂධ නිෂ්පාදනය පිළිබඳ තත්ත්වය කොහොමද?

කියුබානු රජය දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් ප්‍රමිතියෙන් ඉතා ඉහළ ඖෂධ නිපදවනවා. ඒවා ලෝකයට අලෙවි කිරීමද කරනවා. එහෙත්, එම ඛෙහෙත් නිපදවන ද්‍රව්‍ය වට්ටෝරු රහස් ලෙස ආරක්ෂා කරනවා. එපමණක් නොව ඔවුන් ඉතාම ඉහළ ප්‍රමිතියකින් යුක්ත ඖෂධ ලෝකයට අලෙවි කරනවා, කියුබානුවන් දේශීය වෛද්‍ය ක්‍රමය, බටහිර වෛද්‍ය ක්‍රමය සහ චීන වෛද්‍ය ක්‍රමය යනාදිය ඒකාබද්ධ කොට පවත්වාගෙන යනවා. වෛද්‍ය ක්ෂේත්‍රයේ සමහර අංග විදේශිකයන්ට විවෘත කරන්නේ නැහැ.

වෙනත් රටවලට වෛද්‍ය සේවා ලබා දෙන්නත් කියුබාව උනන්දු වන බව අප අසා තිඛෙනවා. කොහොමද එහෙම කරන්නේ?

කියුබාවෙ සමස්ත වෛද්‍ය සේවාව සංවිධානය කර තිඛෙන්නේ මානව දයාව පෙරදැරි කරගෙනයි, බ්‍රසීලයේ අඩු සෞඛ්‍ය පහසුකම් සහිත ප්‍රදේශවලට වාර්ෂිකව වෛද්‍යවරුන් 5,000ක් පමණ පිටත් කර හරින්නේ ඔවුන්ගේ එම ගුණාංගය නිසයි.


සාකච්ඡා කළේ බුද්ධි වරාගොඩ සමග ලලිත් ලියනගේ
ලබන සතියට….