ඛෙදුම්වාදයට හා ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ

europe
ඇමෙරිකාවේ ආධිපත්‍යයට යුරෝපයෙන් අභියෝගයක්
August 29, 2017
cartoon 14
කාටූන්
August 29, 2017
Show all

ඛෙදුම්වාදයට හා ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ

America protests

ඇමෙරිකාවේදී පසුගිිය සතියේ පැවති කෘෘර ජාතිවාදය හා ඛෙදුම්වාදය ප්‍රදර්ශනය වන පෙළපාළියෙන් අනතුරුව එයට විරුද්ධව පසුගිය අගෝස්්තු 19 වෙනිදා බොස්ටන් නගරයේදී පෙළපාළියක් සංවිධානය කර තිබිණි. මේ සඳහා 40,000 දෙනෙකුගේ පමණ සහභාගීත්වයක් පැවති බව වාර්තා වේ. එසේම මෙහි සහයෝගීතාවය පදනම් කරමින් ඛෙදුම්වාදයේ අනිටු ප්‍රතිවිපාකත්, ජාතික සහයෝගීතාවයත් ප්‍රදර්ශනය වන අයුරින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය වී තිබුණු බව භඊක‍ පුවත් සේවය වාර්තා කරයි. මෙම උද්ඝෝෂණය පෙ.ව. 10.00ට බොස්ටන්හි පිහිටි මැල්කම් බුලර්ව වීදියෙන් ආරම්භ විය. වෛරී සහගත කතා මාලාවකට අනුව නොපවත්වමින් සැමගේ අදහස් හා නිදහස් චින්තනය අගය කරමින් උද්ඝෝෂණයෙන් අනතුරුව විවිධ කතා මාලවන්ගෙන් සපිරි රැලියක් සංවිධානය වූ අතර, බොස්ටන් පොලිසියේ අණ පරිදි එය විසුරුවා හැරීමට තීන්දු කළේය. නමුත් එම අණට කීකරු නොවූ විරෝධතාකරුවන් සිය උද්ඝෝෂණය දිගටම පැවැත්වීය. නමුත් සිය තීන්දුව එලෙසම ක්‍රියාවට නංවමින් ප.ව. 1.30ට පමණ රැස්ව සිටි පිරිස බොස්ටන් පොලිසියේ කැරලි මර්දන ඒකකය විසින් පළවා හැරීමට කටයුතු කර තිබිණි.
එහිදී අදහස් දැක් වූ එක් උද්ඝෝෂකයෙක් භඊක‍ පුවත් සේවයට මෙසේ ප්‍රකාශ කළේ ‘අපේ රටේ නිදහස් කතාවට ඇති ඉඩ අඩු වෙමින් තියෙන්නේ. නමුත් නිදහස් කතාව හා පිළිකුල් සහගත කතාව ගැන මට හොඳ වැටහීමක් තියෙනවා. ඛෙදුම්වාදය කියන්නේ ඛෙහෙවින් පිළිකුල් සහගත කතාවක්’ යනුවෙනි.