බොලිවියාවෙන් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට පිළිතුරු

15 page
විප්ලවය වැඩි ඡන්ද ලැඛෙන තුරු බලා ඉන්නේ නැත!
August 29, 2017
europe
ඇමෙරිකාවේ ආධිපත්‍යයට යුරෝපයෙන් අභියෝගයක්
August 29, 2017
Show all

බොලිවියාවෙන් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට පිළිතුරු

bolivia

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ලතින් ඇමෙරිකාවට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ පාඩම් කියාදීමේ කිසිදු අයිතියක් නැතැයි බොලිවීයානු ජනාධිපති ඉවෝ මොරාලෙස් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
වෙනිසියුලාව සම්බන්ධයෙන් පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බොලිවියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර විදේශිකයන් නොරුස්සන මානසිකත්වයකින් පෙළෙමින් අධිරාජ්‍යවාදීන්ට පක්ෂපාතීව කටයුතු කරන ට්‍රම්ප් අපට පාඩම් කියා දෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර තිබේ.
වර්ගවාදයට හා අනෙකුත් ජාතිකයන් නොරිස්සීමේ උන්මාදයකින් පෙළෙමින් සුදු ආධිපත්‍යයක් පැතිරවීමට කටයුතු කරන කේ.කේ.කේ. සංවිධානයට උඩගෙඩි දීම තමන් අනුමත නොකරන බවත් ජනතා ක්‍රියාකාරීත්වයන් තුළ පරාජයට පත් කර ඇති මතවාදයන් පණගැන්වීමට කිසිවෙකුත් උත්සාහ නොකළ යුතු බවත් ඉවෝ මොරාලෙස් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.