උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් විදියි

111
සයිටම් විරෝධයෙන් රටම ගිනි ගනියි
August 31, 2017
sohel rana in bangladesh
සොහෙල් රානාට වසර තුනක සිර දඩුවමක්
August 31, 2017
Show all

උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් විදියි

missile

උතුරු කොරිය විසින් පසුගිය අගෝස්තු 29 දින ජපානයට ඉහළින් පියාසර කළ හැකි මිසයිලයක් අත්හදා බලා ඇති බවට වාර්තා වේ. අදාළ මිසයිලය ජපානයේ හොකයිදෝ දූපතට ඉහළින් පියාසර කර මුහුදට පතිත වී ඇතැයි පැවසේ.

එසේම, ඇමරිකා එක්සත් ජනපදයට අයත් ශාන්තිකර සාගරයේ පිහිටි ගුවාම් දූපත සම්බන්ධයෙන් ද උතුරු කොරියාව සිය රාජ්‍යය මාධ්‍ය ඔස්සේ අනතුරු අඟවා තිබේ. තවද මිසයිලය පතිත වීමට පෙර, ආරක්ෂක ස්ථානවලට ගොස් ආවරණය සලසා ගන්නා මෙන් ජපාන බලධාරීන් හොකයිදෝ දූපත්වාසීන් වෙත දන්වා තිබිණි.

කෙසේ නමුත් එදින පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී රැස් වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉල්ලා සිටියේ උතුරු කොරියාව සිදු කරන ලද මිසයිල අත්හදා බැලීම් නවතා දමන ලෙසටය. තවද උතුරු කොරියාවේ ක්‍රියා පිළිවෙත එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට තර්ජනයක් බව ආරක්ෂක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ. නමුත් උතුරු කොරියා පාලනයට එරෙහිව අලුතින් සම්බාධක පනවන බවට එම නිවේදනය මගින් අනතුරු අඟවා නොමැත.

කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුම ඉහළ යාමට ඇමරිකාව විසින් එම කලාපයේ සිදු කරනු ලබන හමුදා ක්‍රියාකාරකම් ද බලපා ඇති බව රුසියාව සහ චීනය පවසති. පසුගිය අගෝස්තු 30 වන බදාදා ජර්මන් චාන්සලර්වරිය ජපානයට පැමිණි අතර, එහිදී ඇය උතුරු කොරියාවට තව තවත් පීඩනයක් එල්ල කිරීමට කටයුතු කරන ලෙසට චීනයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

උතුරු කොරියාව විසින් මෙසේ එල්්ල කරන ලද මිසයිලයේ විස්තර මෙසේය:

  • කිලෝමීටර් 2700 (සැතපුම් 1678) ට වඩා දුරක් පියාසර කර ඇත
  • අලුතින්ම නිපැයූ මැදි දුර අවියක් වන හ්වාසොං – 12 විය හැකියැයි සැලකේ
  • කි.මී. 550 (සැතපුම් 342) ක උපරිම උසකින් පියාසර කළ ද එය උතුරු කොරියාව මීට පෙර කළ බොහෝ අත්හදා බැලීම් වලට වඩා පහළ මට්ටමකින් ඇදී යාමකි
  • කොටස් තුනකට වෙන් වීමෙන් පසු ජපාන වෙරළේ සිට කි.මී. 1180ක් දුරින් උතුරු ශාන්තිකර සාගරයට පතිත විය