සොහෙල් රානාට වසර තුනක සිර දඩුවමක්

missile
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් විදියි
August 31, 2017
batch
අලුත් බද්දට නඩුත් බෑ!
September 1, 2017
Show all

සොහෙල් රානාට වසර තුනක සිර දඩුවමක්

sohel rana in bangladesh

බංග්ලාදේශයේ වසර තුනකට ප්‍රථම රානා ප්ලාසා ඇගලුම් කම්හලේ අයිතිකරු සොහෙල් රානාට දූෂණ චෝදනා යටතේ ගොනු කෙරුණු නඩුවකදී ඔහු වරදකරු ලෙස තීන්දු කර ඇති බවට වාර්තා වේ. එහිදී ඔහු වසර තුනක සිර දඩුවමකට යටත් කරනු ලැබීය.

බංග්ලාදේශ් අල්ලස් විරෝධී කොමිසමට ඔහුගේ වත්කම් හෙළිදරව් කිරීමට අසමත් වීම සොහෙල් රානාට එරෙහි මේ නඩුවේ චෝදනාව විය. ‘රානා ප්ලාසා’ මන්දිරය කඩා වැටීමේදී සිදු වූ මරණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ තවත් නඩුවක්ද විභාගයට ගැනෙමින් ඇත.

2013 වසරේදී කඩා වැටුණු මෙම මන්දරයට යටවී මිනිස් ජීවිත 1100ක් විනාශ වූ අතර, 2500කට අධික කම්කරුවන් පිරිසක් බරපතළ තුවාල ලැබීය. ‘රානා ප්ලාසා’ අනතුරට ගොදුරු වූවන්ගෙන් වැඩිදෙනා වුණේ ඇඟලුම් සේවිකාවන්ය. එම අනතුර බංග්ලාදේශ් කර්මාන්ත ඉතිහාසයේ වාර්තා වී ඇති දරුණුතම ඛේදවාචකය විය. එම අනතුරත් සමඟ ඇඟලුම් ව්‍යාපාරිකයන් ලෝකය පුරා ශ්‍රමිකයන්ට සලකන ආකාරය විශාල වශයෙන් විවේචනයට ලක් වීම ආරම්භ විය.

බංග්ලාදේශයේ ලාභ ශ්‍රමයෙන් ප්‍රයෝජන ගන්නා බටහිර රටවල ප්‍රධාන පෙළේ සිල්ලර වෙළෙඳ සමාගම්, එරට නිෂ්පාදනය කරන රෙදිපිළි අලෙවියෙන් අධි ලාභ ලැබීමත් එම කම්කරුවන්ගේ තත්වය නොතකා හරිමින් කටයුතු කිරීමත් ලෝකය පුරා විවේචනයට ලක්වීම ආරම්භ වූයේ මෙම සිද්ධියෙන් පසුවය.

එසේම මෙම කඩා වැටීමෙන් සිදු වූ මරණ සඳහා සොහේල් රානා වගකිව යුතු බවට තීන්දු වුවහොත් ඔහුට හා ආණ්ඩුවේ නිලධාරීන්ද ඇතුළුව තවත් තිස් හත් දෙනෙකුට මරණීය දණ්ඩනයට යටත් කෙරෙන බවද පැවසේ. මහල් සයකට සීමා විය යුතු ‘රානා ප්ලාසා’ මන්දිරයට තවත් අතිරේක මහල් තුනක් අනවසරයෙන් එක් කරනු ලැබීම මගින් ගොඩනැගිලි තැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද සොහෙල් රානා සහ තවත් දාහත් දෙනෙක් චෝදනා ලබති.

ගොඩනැගිල්ලේ බිත්ති පුපුරා ඇති බවට පැමිණිලි කළත් පැවති අනතුර නොතකා රැකියාවන්ට වාර්තා කරන ලෙස කම්හල හිමියන් තමන්ට නියෝග කළ බව අනතුරෙන් දිවි බේරුණ කම්කරුවෝ පවසති. ‘රානා ප්ලාසා’ අනතුරත් සමඟ ඉන්දියාවට පළා ගිය සොහෙල් රානා එහිදී අත් අඩංගුවට ගෙන බංග්ලාදේශයට ගෙන එනු ලැබීමෙන් අනතුරුව ඔහුට එරෙහිව නඩු පවරනු ලැබුණි.