අක්ෂි කාච සැත්කම් යළි නවතියි

scl
උසස් පෙළ විභාගය අනයි
September 1, 2017
bank
බැංකු ලොක්කෝ බැඳියාවෙන් ගරති
September 1, 2017
Show all

අක්ෂි කාච සැත්කම් යළි නවතියි

eye

අක්ෂි කාච නොමැති වීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදුකරන සැත්කම් නැවතත් ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විටත් මහනුවර ශික්ෂණ රෝහලේ් සිදුකරන සැත්කම් කල් දමමින් තිඛෙන අතර, ඒ සම්බන්ධයෙන් මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායකගෙන් මාධ්‍ය කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ තම රෝහලේ පමණක් නොව රෝහල් බොහොමයක මෙම තත්ත්වය දක්නට ලැඛෙන බවයි.
කෙසේ වුවද රජයෙන් ලබා දෙන අක්ෂි කාච හැර පෞද්ගලික රෝහල්වලින් මිල දී ගන්නා අක්ෂි කාච රෝගීන්ට බද්ධ නොකිරීමට රජය තීරණයකට එළඹ ඇති අතර ඊට අදාළව චක්‍රලේඛයක් ද නිකුත් කරනු ලැබීය. එහෙත් අක්ෂි කාච නොමැති වීම සහ ඒ සඳහා යොදා ගන්නා උපකරණ සම්බන්ධයෙන් මතු වූ ගැටලූවක් හේතුවෙන් මෙම වසරේ ජනවාරි මාසයේ සිටම මෙවැනිම ගැටලුකාරී තත්ත්වයක් මතු වීම සිදු විය. මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් රැසකම අක්ෂි සැත්කම් සිදු කිරීම විටින් විට ඇණ හිටිනු ලැබීය.


චතුර දිසානායක