උසස් පෙළ විභාගය අනයි

pujitha
පොලිස්පති ගෙදර යවන ක්‍රම හෙළි වේ
September 1, 2017
eye
අක්ෂි කාච සැත්කම් යළි නවතියි
September 1, 2017
Show all

උසස් පෙළ විභාගය අනයි

scl

මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පොදු පරීක්ෂණ දිනය කල්දැමීම නිසා විභාග අපේක්ෂකයන් ඔවුන්ගේ මාපියන් සහ එම රාජකාරියේ යෙදී සිටින්නන් බලවත් දුෂ්කරතාවයකට පත්ව සිටිති.
පොදු පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණේ සැප්තැම්බර් 02 වෙනිදාය. නමුත් එය හදිසියේම 04 වෙනිදාට කල් දැමිණි. විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන වගකිවයුතු විභාගයක කාල සටහන මෙසේ වෙනස් කිරීම බරපතළ තත්ත්වයක් බව විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල කර තිබේ. විශේෂයෙන්ම විභාග පීඩනයෙන් සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ට එයින් මිදීමට තිඛෙන කාලය දීර්ඝ කිරීම පිළිබඳ දැඩි විරෝධයක් පවතී.


ගයාන් රූපසිංහ