කිරිඇල්ල රාජිතට කඩේ යයි

elephant
එජාපයට ඇමතිධුර තුනක් අහිමි වීමෙන් අර්බුදයක්!
September 1, 2017
sajaith
සජිත්ට කැපිල්ලක්!
September 1, 2017
Show all

කිරිඇල්ල රාජිතට කඩේ යයි

kiriella

අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් කථානායකවරයාට භාර දී තිඛෙන විශ්වාස භංග යෝජනාව නීති විරෝධී එකක් යැයි කියමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල දැඩි කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙසේ කලබල වී ඇත්තේ, මේ විශ්වාස භංගයට එජාපයේ පිරිසක් ද සහයෝගය දැක්වීමේ ප්‍රවණතාවක් වර්ධනය වීම හේතුවෙන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. දැනට අධිකරණයේ විභාගවන නඩුවලට අදාළ කරුණු මෙම විශ්වාස භංගයේ පවතින්නේ යැයි කියමින් සයිටම් වෙනුවෙන් පෙනී සිටි පරිද්දෙන්ම රාජිත වෙනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල පෙනී සිටින බව තව දුරටත් වාර්තා වේ.


එස්. කේ. ගමගේ