යෝජිත ව්‍යවස්ථාවෙන් එජාපයත් විධායකය රකියි

road
මෙගා පොලිස් මිලියන 2,000ක් ගිලී
September 1, 2017
hospitaL
රාජිත රෝහල් වසයි
September 1, 2017
Show all

යෝජිත ව්‍යවස්ථාවෙන් එජාපයත් විධායකය රකියි

parliment

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල යෝජනා භාර ගන්නා අවසන් දිනය සැප්තැම්බර් මස 06 වැනිදා බව ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිඛෙන අතර, විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන බව තහවුරු වී තිබේ.
නව ව්‍යවස්ථාව සැකසීමේදී විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතු බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසන් වශයෙන් තීරණය කර එය අනෙකුත් පක්ෂවලට එම සාකච්ඡාවේදී දන්වා ඇති බවද අනාවරණය විය. අවසන් කෙටුම්පත සකස් කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය බලවත් වේදනාවකින් මෙහිදී කරුණු දක්වා තිඛෙන්නේ ප්‍රමාද කිරීම පිළිබඳවය. එජාපය, ශ්‍රීලනිපය සහ ද්‍රවිඩ ජාතික සන්ධානයට අමතරව මුස්ලිම් කොන්ග්‍රසය, හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ දෙමළ ප්‍රගමනවාදී පෙරමුණ නම් පලනි දිගම්බරන්ගේ පක්ෂය මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
මෙම පක්ෂ සියල්ල ද විධායක ජනාධිපති ධුරය සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට විරෝධයක් පළ කර නැති බව අනාවරණය වේ. පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන පැහැදිලිව පොරොන්දු දී තිබුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවය. නමුත්, මේ වන විට ශ්‍රීලනිපයේ ස්ථාවරය එය අහෝසි නොකිරීම බව ප්‍රකාශ කර අනෙකුත් පක්ෂ ද එයට එකඟ කරගෙන ඇති බව සනාථ වේ.
පසුගිය 22 වැනිදා රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ද යළිත් වරක් විධායක ජනාධිපති ධුරය අහෝසි නොකිරීමේ ස්ථාවරය සනාථ කර ඇත.


ලංකා මාරසිංහ