රවීට මිලියන 2000ක ව්‍යාපෘතියක්!

batch
අලුත් බද්දට නඩුත් බෑ!
September 1, 2017
maithree
මෛත්‍රී නීති කඩයි
September 1, 2017
Show all

රවීට මිලියන 2000ක ව්‍යාපෘතියක්!

ravi

ඇමති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදු වූ රවී කරුණානායකට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු ඇමති රනිල් වික්‍රමසිංහ විසින් අවම වශයෙන් රුපියල් මිලියන 2,120ක ව්‍යාපෘතියක් ලබා දී ඇති බව අනාවරණය වේ.
‘ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන 2017’ යනුවෙන් නම් කර තිඛෙන මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම මැතිවරණය ඉලක්ක කර ගනිමින් කි්‍රයාත්මක කරන්නක්ය. පසුගිය වසර දෙකකට වැඩි කාලයක් තුළ එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පාක්ෂිකයන්ට දැනෙන කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැති බවට නැගී තිඛෙන චෝදනාවට පිළිතුරු ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී තිබේ. එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 200 බැගින් මේ යටතේ වෙන් කෙරේ.
එජාපයේ මන්තී්‍රවරුන් 106 දෙනාටම එම මුදල වෙන් කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යවරයා විසින් තීරණය කර තිබේ. මෙයට එල්ල වී තිඛෙන දැඩි විවේචන නිසා සියලුම මන්ත්‍රීවරුන්ට ලබා දෙනබව මේ වන විට ප්‍රචාරය කරමින් සිටී. කෙසේ වෙතත්, මෙම සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම රවී කරුණානායකට භාර දී අරලියගහ මන්දිරයේ අංක 105 දරන කාමරය නිල කාර්යාල කටයුතු සඳහා වෙන් කර තිබේ.
මහ බැංකුවේ බැඳුම්කර මූල්‍ය කොල්ලයේ යෙදුණු අර්ජුන් ඇලෝසියස්ගේ පර්පැචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් රුපියල් දහසය කෝටි පනස්ලක‍ෂයකට නිවසක් රවී කරුණානායකට ලබා දී තිබේ. බැඳුම්කර කොමිෂන් සභාවේ දී මේ පිිළිබඳව හෙළි වීමෙන් පසු රවී කරුණානායකට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමඟ ඉල්ලා අස් වීමට සිදු වීමෙන් පසු නව ව්‍යාපෘතිය මෙහෙයවීමේ වගකීම රවී කරුණානායකට ලබා දී ඇත.


ඉන්ද්‍රසිරි ජයසුන්දර