කෘෂිකර්මයේ පිල්ලි මහජන මුදලින් පෙම් කෙළී

road 2
බිලියන දොළහක් සල්ලි ගිලින අධිවේගයේ උපදේශන පිදේනිය
September 6, 2017
snusha
ලලිත් වීරතුංග – අනුෂ පැල්පිට වැරදිකරුවන් වෙයි
September 7, 2017
Show all

කෘෂිකර්මයේ පිල්ලි මහජන මුදලින් පෙම් කෙළී

draugh

කටේ නරිවාදන් රෙද්ද පල්ලේ බේරෙනවා යන කියමන මේ ආණ්ඩුව සම්බන්ධයෙන් හරියටම හරිය. හොරු අල්ලන බවට දහ අතේ් දිවුරා බලයට පත්වුණු ආණ්ඩුව දැන් මහ දවල් රෙදි නැතිව හොරකමේ යන අයුරු දැකිය හැකිය. මේ සම්බන්ධයෙන් නිදර්ශන අපමණ තිබේ. බොහෝමයක් කෙරුමන්ගේ හොරකම් අප්‍රකටව තිඛෙන ඒවාද නොවේ. ප්‍රකටය. එළිපිටය. තමන්ගේ මුදල් මහ දවල් හොරකම් කරන කෙරුමන් ගැන මහජනතාවටද කිසිදු වගේ වගක් නැත. ඒ තරමට නිද්‍රාශීලිය.
කෙසේ වෙතත් මේ පිළිබඳ ඇහැට ඇගිිල්ලෙන් ඇන ඇන කිවයුත්තේද මහජන අධිකරණයටමය. පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් පවත්තමින් දූෂණ විරෝධී හඩ සංවිධානය මහ දවල් මංකොල්ලයන් ගෙන් ටිකක් හෙළිකර තිබිණි. එම හෙළිදරව් කිරීම් අතරින් විශේෂ අවදානයක් යොමුවිය යුතු කරුණක් වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයයි.
මේ දිනවල පවතින දැඩි නියගයෙන් පීඩාවට පත්වී එදා වේල සරිකර ගැනීමට නොහැකිව සිටින පවුල් දෙලක්ෂ හතලිස්දහස් තුන්සීය තිස් අටක් (240,338) බව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී හෙළිකර තිබිණි. මෙම පවුල් වලට අයත් සාමාජික සංඛ්‍යාව හා ලක්ෂ හැට එක් දහසක් (961,000) පමණ වේ. නියගය බලපා තිඛෙන ප්‍රදේශවල විශේෂයෙන් හවස්කාලයේ ගමේ ගොඩේ ටිකක් ඇවිදීමට ගියහොත් කාටත් දැකගත හැකිවන පොදු දෙයක් තිබේ. ඉර බැසගෙන යන යාමයේත් බොහෝ පිරිසක් මගතොට හෙළි පෙහෙළි කරමින් සිටින ඇයුරුය. ඒ කුමක්දැයි විමසා බැලූව හොත් හෙළිවන්නේ ‘නියං ආධාර’ ලබා ගැනීමට කරන ශ්‍රමදානවල යොදවා ඇති බවය.
ඒ ද නමට ‘නියං ආධාර’ පමණි. දවසේ කුලී වැඩ කළා සේ කඹුරන්ට සිදු වී තිබේ. නියං සහනාධාර යනුවෙන් කීවද ඇත්තටම සිදුවන්නේ මෙකී කම්කරු කුලී වශයෙන් මොනවා හෝ වියළි සලාකයකින් ටිකක් ගෙවීමය. දිස්ත්‍රික්ක (20) විස්සක් පුරා පැතිරී ඇති බව කියවේ. පීඩාවකට පත් පවුලකට මසකට ලබාදෙන්නේ රුපියල් 5000.00ක් පමණ වටිනා වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක්ය. නමට නියං සහනාධාරවල තරම එයයි. නියගයෙන් පීඩාවට පත්ව සිටින්නන් අතිශය බහුතරය ගොවීන්ය. ඔවුගේ වගා පාළුවී ආදායම් අහිමිවීගොස්ය. බීමට ජලය පවා නොමැති තරම්ය. එසේ වූ මිනිසුන්ගේ ශ්‍රමය තවත් පැත්තකින් සූරාකෑම නියං සහනාධාර වන්නේ කෙසේදැයි ජනතාව ප්‍රශ්න නොකරති. රුපියල් 5000.00ක් වූ බඩු මල්ලක් දෙන්නේ විපතට පත් ජනතාව දෙවරක් පොළොවේ ගැසීමෙන් පසුවබව මෙයින් පැහැදිලිවේ.
නමුත් දූෂණ විරෝධී හඩ සංවිධානය හෙළි කරන ආකාරයට සබිතා දුමින්ද ආදර අන්දරයක් කෘෂිකර්ම අමාත්‍යාංශය මත දිගහැරී ඇත්තේ ගොවි පවුල් දෙලක්ෂ හතලිස් අට දහක් නියගයෙන් බැට කන අතරය. නියගයන් පීඩිත පවුලකට මසකට රුපියල් 5000.00ක බඩු මල්ලක් දෙනවිට අර කී ආදර අන්දරයේ සිදුවන්නේ වෙනත් දෙයක්ය. කෘෂිකර්ම අමාත්‍යාංශයට බත්තරමුල්ලේ බදුගෙන තිඛෙන සබිතාගේ ගොඩනැගිල්ලට මසකට බදු කුලිය රුපියල් මිලියන 21ක් ගෙවමින් සිටී. දැන් වසර දෙකකට ආසන්න කාලයක් මෙම මුදල ගෙවමින් ඇතත් ගොඩනැගිල්ල වසා දමා පවතී.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ තිඛෙන්නේ මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් වෙන්කළ මුදල්ය. ගොවි ජනතාවට නියං ආධාර දීමට කෘෂිකර්මයේ මුදල් යොදා නොගන්නා බව ඇත්තය. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වේවා යොදවන්නේ මහජන මුදල්ය. අන්ත පීඩිත ගොවි පවුලකට මසකට රුපියල් 5000.00ක බඩු මල්ලක් දෙනවිට සබිතාගේ පවුලට කෘෂිකර්මයේ මුදල් රුපියල් දෙකෝටි දසලක්ෂයෙක් පිනට දී ඇති බව පැහැදිලිය.
දූෂණ විරෝධී හඩ සංවිධානයේ වසන්ත සමරසිංහ එම මාධ්‍ය හමුවේදී තවත් වැදගත් කරුණු රැසක් හෙළිකර තිබේ. මෙම ගොඩනැගිල්ලේ වසර හතරක කුලිය වශයෙන් ජාතික ගොඩනැගීමේ බද්ද පමණක් රුපියල් මිලියන 1140ක් වසර දෙකක් තුළ ගෙවා අවසන් බවය. එයට අමතරව එහි කාර්යාල උපකරණ චීනයෙන් ගෙන්වීමට තවත් රුපියල් මිලියන 100ක් වැය කර ඇති බවද හෙළිකර තිබිණි. අදාළ බදුකුලි ගෙවීම් චෙක්පත් සහිතව තොරතුරු හෙළිකෙරිණ. ඔවුන් හෙළි කරන්නේ 2016 සිට 2020 දක්වා අවුරුදු පහකට ගොඩනැගිල්ල බදුගෙන දැනටත් අවුරුදු හතරක කුලීගෙවා අවසන් බවය.
විගණන විමසුම් වාර්තා උපුටා දක්වමින් තවත් තොරතුරු හෙළිකර තිබිණි. මෙම ගොඩනැගිල්ල නීති විරෝධී බව එකක්ය. වාහන ගාල් කිරීමේ පහසුකම් සහිතව එය මහල් හතකින් නිම කිරීමට නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ගෙන තිබිණි. නමුත් අප දන්නා තොරතුරු වලට අනුව එවකට නාගරික සංවර්ධන අධිකාරිය සම්පූර්ණයෙන් පාලනය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඔහුගෙන් සබීතා පෙරේරාට තිබූ විශේෂ අනුග්‍රහය යටතේ සත් මහල් ගොඩනැගිල්ල මහල් දහයක් දක්වා උසට නීති විරෝධීව ඉදිකර ඇත. අඩි 97කට තිබිය යුතු වූ ගොඩනැගිල්ල දැන් අඩි 131ක් දක්වා ගොඩනගා තිබේ. මේ නිසා එය කඩාවැටීමේ අනතුරක් තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයට අවුරුදු පහක් සඳහා මෙය කුලියටදී තිඛෙන්නේ නීති විරෝධී ඉදිකිරීමට සුජාත භාවයක් ලබාදීමේ අරමුණින්ය. සබීතාගේ ගොඩනැගිල්ලට මේ සුජාතභාවය ලබාදෙන්නේ බත්තරමුල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව අක්කරයක ඉඩමක් තිබියදීය. 2016දී එහි ගොඩනැගිල්ලක් අමාත්‍යංශයේ සින්නක්කර අයිතියට ඉදිකිරීම ඇරබුණේ නම් දැනට සබීතාගේ පවුලට ලබාදී තිඛෙන ආදර ගෙවීමේ රුපියල් මිලියන් 1140ක් යෙදවූවේ නම් රජයේ අයිතිය යටතේ ගොඩනැගිල්ල ඉතිරිවී පවතී. එය අනාගත ආයෝජනයක්ද වේ.
නමුත් ගොවීන්ට රුපියල් 5000.00ක නියං ආධාර වෙනුවෙන් කඹුරන්න නියෝගකර ආණ්ඩුවේ මහ ලොක්කන් ගේ හොර ගේම් සදහා මහජන මුදල් රුපියල් මිලියන දහස් ගණනින් විසිකර ඇත්තේ මෙසේය. මේවා දෙස බලමින් බකන්්නිලාගෙන සිටීම නොව මහ දවල් අමු හෙලුවෙන් කරන මේ ජඩ මහජන මුදල් කොල්ලය නැවැත්වීමට අරගල කිරීම ජනතාවගේ මූලික වගකීමක්ය.


ලංකා මාරසිංහ