ලලිත් වීරතුංග – අනුෂ පැල්පිට වැරදිකරුවන් වෙයි

draugh
කෘෂිකර්මයේ පිල්ලි මහජන මුදලින් පෙම් කෙළී
September 7, 2017
vote 3
මැතිවරණ පනත සහ කොමසාරිස්ගේ දින හැත්තෑපහ
September 8, 2017
Show all

ලලිත් වීරතුංග – අනුෂ පැල්පිට වැරදිකරුවන් වෙයි

snusha

පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි ඛෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් ලබා ගෙන එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට වරදකරුවන් කර තිබේ. ඒ පිළිබඳ තීන්දුව පසුගිය 07 වනදා කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් ප්‍රකාශයට පත් පත් කරනු ලැබීය.
රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුව පවරා තිබේ.
එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද තුනක් සඳහා අවුරුදු හතර හමාරක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් වු දඩ මුදලක් ද මහාධිකරණය විසින් ඒ අනුව නියම කර ඇත. එමෙන්ම දෙවන හා තුන්වන වරද සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ලක්ෂ 100ක් වන්දි ලෙස ගෙවන ලෙස වරදකරුවන්ට මහාධිකරණ විසින් නියෝග කර තිබේ.
වර්ෂ 2014 ඔක්තෝබර් මස 30 සහ 2015 ජනවාරි මස 5 දින යන කාල සීමාව තුළ මෙම චූදිතයින් මෙම මුදල් සාවද්‍ය ලෙස පරිහරනය කල බවට නීතිපතිවරයා අධි චෝදනා නගා තිබුණි.


චතුර දිසානායක