ග්‍රීස් යකාට පණ දෙන අලුත් බදු පනත

tomi
ටොමියට ගිය සෞඛ්‍ය සේවය
September 8, 2017
mahi
මහින්දගේ සිහිමඳ ගතිය ප්‍රශ්නයක්!
September 8, 2017
Show all

ග්‍රීස් යකාට පණ දෙන අලුත් බදු පනත

weds

දේශීය ආදායම් බදු පනත හරියට ග්‍රීස් යකා මෙන් මුළු රට ම බිය කර සැරිසරමින් සිටී. හිටපු මුදල් ඇමති, රවී කරුණානායක ඉවත් වී යන්නේ මෙය දායාද කරමින්ය. එසේ වුවත්, එය ඔහුගේ පෞද්ගලික ඕනෑකම මත සිදු කරන ලද්දක් නොව හවුල් ආණ්ඩුවේ අවශ්‍යතාව මත සිදු කරන ලද්දක්ය. හවුල් ආණ්ඩුවට මෙය ඉදිරිපත් කරන්නට සිදු වූයේ ඔවුන්ගේ අභිමතය පරිදි නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත බව තේරුම් ගැනීම අවශ්‍යය.
පනතේ පීතෘවරුන් කවුරුන් වුවද, ග්‍රීස් යකා මෙන් හොල්මන් කරමින් ජනතාව බියවැද්දීම අවසන් කර නැත. කුමක් හෝ ලොකු මරාලයක් තමන්ගේ හිස මත කඩාවැටෙන බව නම්, ජනතාව තේරුම්ගෙන සිටින බවක් පෙනේ. 2017 ජූලි මස 05 වැනි දින අදාළ පනත් කෙටුම් පත මුදල් ඇමති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පිටු 242ක වගන්ති 194ක් පවතින අතර, 195 වැනි වගන්තිය වෙන් කර ඇත්තේ, පාරිභාෂික වචනවලට අර්ථනිරූපණ දීමටය. ඉන් පසු මුළු වගන්ති සංඛ්‍යාව 204ක් දක්වා පවතී. උප ලේඛන හයක්ය. වගන්ති 204ක් අතුරින් 175ක් පුරා ඇත්තේ, බදු දැල එලීමට අදාළ විධිවිධාන වේ. 176 වැනි වගන්තියේ සිට 193 වැනි වගන්තිය දක්වා ඇත්තේ අමතර දඩ ගැසීම් පිළියෙළ කර තිඛෙන ආකාරය වේ.
මෙලෙස සඳහන් කළ ද, ග්‍රීස් යකාගේ තරම තේරුම් ගත නොහැකිය. මහජනතාවට මේ වගන්ති කියවා තේරුම් ගැනීම කොහොමත් කළ නොහැකිය. එය මහා පිස්සු හැදෙන වැඩකි. සිංහලෙනුත් පළ කර තිබුණ ද, කොහොමවත් තේරුම් ගත නොහැකි මහා අණ්ඩර දෙමළයකි. එනිසාම එය තව තවත් ජනතාව බියට පත් කරමින්, ග්‍රීස් යකා මෙන් සැරිසරමින් සිටින්නේය. මහජනතාව මහත් බියට පත් කරන්නේය. බිය වීම පමණක් ප්‍රමාණවත් නොවන්නේය. දුටු තැන අල්ලා හිර කර පරාජය කිරීම අවශ්‍ය බව කාටත් පැහැදිලි විය යුතුය. එනිසා සියල්ලට පෙර මුගේ හැඩරුව හඳුනාගෙන සිටීම වැදගත්ය. නො එසේ නම්, මෙය පරාජය කළ නොහැකි වීම ජනතාවට මාරාන්තිකය.
මේ පනත කෙතරම් බියකරු ග්‍රීස් යකෙක් දැයි පැහැදිලි වන වගන්ති ගණනාවක් පවතී. ඒ අතුරින් මුලින් ම දැක්විය යුත්තේ, 137 වැනි වගන්තියයි. එහි (අ) ඡේදය මතු දැක්වෙන පරිදිය: ‘මේ පනත යටතේ බදු ගෙවීම පිළිබඳ කිසිදු තීරණයක් බදු අභියාචන කොමිෂන් සභාවේදී, යම් අධිකරණයකදී හෝ විනිශ්චයාධිකරණයේදී හෝ වෙනත් හේතුවක් මත වෙනත් කටයුත්තකදී හෝ විවාදයට භාජනය නොවිය යුතුය.’ මෙම වගන්තියෙන් කියැවෙන්නේ කුමක්ද? අපේ රටේ විධායක ජනාධිපති තරමටම සර්වබලධාරී ග්‍රීස් යකෙක් බව නොවේද? මේ පනත යටතේ බදු ගෙවීම පිළිබඳ ගනු ලබන කිසිදු තීරණයක් අධිකරණයකදී හෝ විවාදයට ලක් කළ නොහැකිය. මෙවැනි ග්‍රීස් යකෙක් මින් පෙර පනත් කෙටුම් පත් වශයෙන් මූල්‍ය ක්ෂේත්‍රයේ හඳුන්වාදී නොමැති බව ස්ථීරය.
එහි (ආ) ඡේදය ද තවත් බරපතළය. ‘බදු ගෙවන්නා සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා විසින් සාදනු ලැබූ සෑම තක්සේරුවකම ප්‍රමාණයන් හා විස්තර නිවැරදි බව සැලකිය යුතු අතර, ඒ අනුව බදු ගෙවන්නාගේ බැඳීම නිශ්චය කළ යුතුය.’ මෙයින් කියවෙන්නේ කුමක්ද? දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලොක්කා වන කොමසාරිස් ජනරාල්ට සර්වබලධාරී බලයක් ලබා දෙන බව නොවේද? මේ පනත ග්‍රීස් යකෙක් වන්නේ මෙවැනි වගන්තිවලිනි. කොමසාරිස් ජනරාල්ගේ තක්සේරුව අනුව නියම කරන ප්‍රමාණයන් සහ විස්තර නිවැරදි වශයෙන් පිළිගැනීමට ආඥා නිකුත් කර තිබේ.
එහි 138 වැනි වගන්තියත් කියවීමෙන් තවත් මානයක විහි දී ඇති බියකරු බව හෙළි වේ. ‘මේ පනතේ විධිවිධාන සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන අතර පටහැනිතාවයක් හෝ අනනුකූලතාවයක් ඇති විට දී මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතුය.’ කොහොමද කෑම? යෝජිත මෙම පනතට පටහැනිව අන් කවර ලිඛිත නීතියක කවරක් තිබුණත්, ඒ සියල්ල මෙම ග්‍රීස් යකාට යටත් බව මෙයින් කියවේ. මූල්‍ය අරමුදලේ ආඥාවන් හිස් මුදුනින් භාරගෙන ඇති සුවච කීකරු රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව ග්‍රීස් යකුන්ට පණ දෙන්නේ එලෙසය.
හවුල් ආණ්ඩුව ඉදිරිපත් කරන දේශීය ආදායම් බදු පනත නම් ග්‍රීස් යකාගේ මුළු බලයම ගොඩනගා තිඛෙන්නේ කොමසාරිස් ජනරාල් නම් නිල පදවිය මතය. 139 වැනි වගන්තිය ද මෙයට ම එක් කර තේරුම් ගැනීම අවශ්‍යය. ‘තක්සේරු කිරීමකින් හෝ වෙනත් තීරණයකින් අතෘප්තියට පත් බදු ගෙවන්නකු එම තීරණය සමාලෝචනය කිරීම සඳහා කොමසාරිස් ජනරාල්වරයාට ඉල්ලීමක් කළ යුතුය.’ අධිකරණයකදී විභාග කළ නොහැකි තත්ත්වයක් යටතේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට අන් කිසිදු මූල්‍ය අධිකාරියක හෝ පරිපාලන අධිකාරියක හෝ නොමැති අති සුවිශේෂී සුපිරි බලයක් ලබා දී ඇත. ජනතාවගේ ලේ නහර උරා බොන ග්‍රීස් යකෙකු නිර්මාණය කර ඇත්තේ මෙලෙසිනි.
අධිකරණයක් ඉදිරියේ හෝ විවාදයට ලක් කළ නොහැකි කරුණු සම්බන්ධයෙන් තීරණය කිරීමට ආරාවුල් නිරාකරණය කිරීමේ මණ්ඩලයක් පත් කිරීමට විධිවිධාන 78 (I) වගන්තියෙන් ප්‍රතිපාදන සපයා තිබේ. මෙයද සීමා කිරීමක් සහිතවය. අතුරු නියෝග සම්බන්ධයෙන් පමණය.
‘අතුරු නියෝග සම්බන්ධයෙන් වන ආරාවුල් නිරාකරණය කිරීමේ කාර්යය සඳහා (මින් මතු ‘මණ්ඩලය’ යනුවෙන් සඳහන් කරනු ලබන) ආරාවුල් නිරාකරණ මණ්ඩලයක් විය යුතුය. මණ්ඩලය කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයකුගෙන් සහ සාමාජිකයන් හතර දෙනකුගෙන් සහ ලේකම්වරයකුගෙන් සමන්විත විය යුතුය. එසේ පත් කළ මණ්ඩලයේ සෑම සාමාජිකයකුම වසර දෙකක් නොඉක්මවන කාලයක් සඳහා ධුරය දැරිය යුතු නමුත්, නැවත පත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබන්නේය.’ කොමසාරිස් ජනරාල්ගේ මණ්ඩලයකට වෙනත් ආකාරයක බලයක් පවරා තිඛෙන්නේ මෙසේය.
යෝජිත දේශීය ආදායම් බදු නම්, ග්‍රීස් යකෙකුගේ බල ව්‍යුහය ගොඩනගා ඇත්තේ මෙසේය. ජනතාව මත කොතරම් පීඩාකාරී ලෙස අන්තිම ශතය දක්වා කොල්ලකන්නේ ද යන්න 7 වැනි වගන්තියෙන් පැහැදිලි වේ. ‘යම් තක්සේරු වර්ෂයක් සඳහා ආයෝජනයකින් යම් තැනැත්තෙකුට ලැඛෙන ආදායම එම වර්ෂය සඳහා එම ආයෝජනයෙන් එම තැනැත්තාට ලැඛෙන ලැබීම් සහ ලාභ වන්නේය.’ යම් පුද්ගලයකුගේ ආදායම් ගණනය කිරීමේදී ස්ථීර මාසික හෝ වාර්ෂික ආදායම් නොව සියලූම ලැබීම්වල එකතුව මත බදු පැනවෙන බව මෙයින් පැහැදිලි වේ.
පුද්ගලයකුට ලැඛෙන ලැබීම්වලට විවිධ ආදායම් මාර්ග හයක් දක්වා තිබේ. (අ) ලාභාංශ, පොලී, වට්ටම්, අය කිරීම්, වාර්ෂික ලැබීම්, ස්වාභාවික සම්පත් ගෙවුම්, කුලී අධි මිල සහ රාජ්‍ය යන අංශයන්ගේ ආදායම් එක් ආකාරයක්ය.
(ආ) කාණ්ඩය යටතේ සඳහන් වන්නේ වත්කම් බැරකම්වලට අදාළ පරිච්ඡේදය (iv) යටතේ ගණන් බලන වත්කම් විකිණීමෙන් ලැඛෙන ආදායම්ද අයත් වන බවය.
(ඇ) ආයෝජන කිරීමේ හැකියාව මත සීමා පැනවීමක් භාර ගැනීම වෙනුවෙන් ප්‍රතිෂ්ඨාවක් වශයෙන් උපයන ලද මුදල් ප්‍රමාණය යනුවෙන් අණ්ඩර දෙමළයක් සඳහන්ය. මේ ‘සීමා පැනවීමක් භාර ගැනීම’ යනු කොමිස් කුට්ටි මිස අන් යමක් නොවේ.
(ඈ) වගන්තියේ එය සරල ලෙස වෙනත් ලෙසකින් දක්වා තිඛෙන්නේ ‘ආයෝජන සම්බන්ධයෙන් එම තැනැත්තාට ලැඛෙන ත්‍යාග’ වශයෙන්ය. බ්‍රෝකර් කොමිස් යනුවෙන් හැඳින්වෙන්නේ මේ කියන ත්‍යාගයය. මෙහි වඩාත්ම වැදගත් වගන්තිය වන්නේ (ඉ) යටතේ සඳහන් කරුණුය. ‘ලොතරැයි, ඔට්ටු ඇල්ලීමක් හෝ සූදු කී්‍රඩාවලින් දිනුම් ලැබීම’ මෙන්ම (ඊ) මේ පනත යටතේ ඇතුළත් කළ යුතු වෙනත් මුදල් ප්‍රමාණයන් යනුවෙන්ය. අස්ථීර ආදායම් මත ද බදු නියම කෙරේ. 7 වැනි වගන්තිය සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ අහඹු ලෙස ලැඛෙන ලොතරැයි දිනුම් සේම සූදුවලින් ලැඛෙන ආදායම් මත ද බදු ගැසීම සහතික කිරීමය.
මෙය මෙසේ වන විට 10 වැනි වගන්තියේ සඳහන් කර තිඛෙන්නේ ‘යම් තැනැත්තකුගේ සේවා නියුක්තියෙන් ලැඛෙන ආදායම් ගණනය කිරීමේදී කිසිදු අඩු කිරීමක් නොකළ යුතුය.’ යනුවෙන්ය. ග්‍රීස් යකාට මේ ඉඩ දී තිඛෙන්නේ බොටුවම කඩාගෙන ලේ උරා බීමට නොවේද? එහි ¹ වැනි ඡේදය ඉතා වැදගත්ය. ‘සේවා නියුක්තිකයකුගේ ආදායම් ගණනය කිරීමේදී ඇතුළත් කර ඇත්නම්, මිස හෝ විශ්‍රාම වැටුප්, අර්ථසාධක හෝ ඉතිරි කිරීමේ අරමුදලකට හෝ නැතහොත්, යම් නිශ්චිත කොන්දේසිවලට යටත්ව කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද අර්ථසාධක අරමුදල් හෝ ඉතිරි කිරීමේ සමිතියකට සේවායෝජකයා විසින් ගෙවන ලද දායක මුදලක් අඩංගු වේ නම්, මිස විශ්‍රාම ගැනීම් දායක මුදල්’ අඩු නොකළ යුතු බව දක්වා ඇත. අර්ථසාධකය මතත් බදු ගසා ඇත්තේ මෙසේය.
මේ අතර හවුල් ආණ්ඩුවේ මූල්‍ය අපරාධකරුවන්ට ඉතා වැදගත් වගන්තියක් 74 වගන්තියෙන් ඇතුළත් කර තිබේ. එහි සඳහන් වන්නේ ‘යම් මුදල් ප්‍රමණයක් ඊට ශී්‍ර ලංකාවේ මූලාශ්‍රයක් නොමැති තාක් දුරට විදේශීය මූලාශ්‍රයකින් උද්ගත වූ ලෙස සලකනු ලැබිය යුතුය.’ යනුවෙනි. බළලා මල්ලෙන් එළියට පැන ඇත්තේ මෙසේය. නැවත කියවා මෙහි සරල අර්ථය තේරුම් ගන්න æ යම් මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් රට තුළින් මූලාශ්‍රයක් ඉදිරිපත් කළ නොහැකි නම්, එතැන තිඛෙන්නේ ජාවාරම්කාරී කළු සල්ලිය. එසේ වූ කළු සල්ලි ඉතා ඉක්මනින් සුදු කිරීමේ හැකියාව මෙම පනතින් ලබා දී ඇත. ‘විදේශීය මූලාශ්‍රයකින් උද්ගත වූ ලෙස සලකනු ලැබිය යුතුය.’
මෙයින් කියවෙන්නේ යෝෂිතගේ ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ න්‍යාය අනුව යමින්, නීතිමය බලයක් හවුල් ආණ්ඩුවේ මූල්‍ය අපරාධකාරයන්ට ලබා දීමට යෝජනා කර තිඛෙන බවය.
සටහන ආරම්භයේදී සඳහන් කළේ මෙය ග්‍රීස් යකෙක් හා සමාන බවය. ඉහත සංක්ෂිප්ත ලෙස ගෙනහැර දැක් වූයේ ඊට අදාළ වගන්ති සීමිත ප්‍රමාණයක්ය. ග්‍රීස් යකාගේ තරම කවරාකාර දැයි මෙමගින් කිසියම් ප්‍රමාණයකට තේරුම් ගත හැකිය. මේ අනුව පැහැදිලි වන්නේ හවුල් ආණ්ඩුව ගෙනවිත් තිඛෙන දේශීය ආදායම් බදු පනතේ ආදායම් සීමා සංඛ්‍යාවලට පිටින් ඇති බියකරු තත්ත්වයක් පවතින බවය. එහි උප ලේඛනයේ සඳහන් ආකාරයට වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ හයට වැඩි වන ඕනෑම අයෙකු මත බදු පැනවේ. එනම්, මාසික ආදායම රුපියල් 50,000.00ක්ය. මාසික ආදායම රුපියල් 50,000.00ක් යනු දෛනික ආදායම රුපියල් 1,667.00ක්ය. මෙයින් කියවෙන්නේ වඩු බාස් කෙනෙකු, මේසන් බාස් කෙනෙකු මතද බදු පැනවීමට හවුල් ආණ්ඩුව සූදානම් බවය. ඉතා මානුෂික මුහුණුවරක් දීමට හවුල් ආණ්ඩුව ක්‍රියා කරන්නේ මේ ග්‍රීස් යකාටය. ඌට ජීවිත බිලි ගැනීමට ඉඩ දෙනවාද? නැතිනම්, දුටු තැන අල්ලා විනාශ කරනවා ද යන්න තීරණය කිරීමට තවත් පමා නොවිය යුතු නොවේද?


ඉන්ද්‍රසිරි ජයසුන්දර