පෙළපොත්, නිල ඇඳුම් ආයෙත් කඩෙන් ගන්න වෙයිද…?

yaha
විශ්වාසභංග හා යහපාලනයේ අනාගතය
September 8, 2017
war
ළමුන් යොදාගෙන කරන ත්‍රස්ත ප්‍රහාර දස ගුණයකින් ඉහළට
September 9, 2017
Show all

පෙළපොත්, නිල ඇඳුම් ආයෙත් කඩෙන් ගන්න වෙයිද…?

uni

පසුගිය සතියක අප පාසල් වාර ප්‍රවේශපත්‍රයට පාලකයන් විසින් සිදු කරන ලද අපරාධය සාකච්ඡා කළෙමු. ඔවුන් එහිදී තම සාක්කු පුරවාගෙන ඇති ආකාරය මනාවට තේරුම් ගැණිනි. නමුත් ඔවුන් එයිින් නොනැවතී සිය සාක්කු පුරවා ගැනීමට තවත් බොහෝ දේවලින් ගසා කමින් සිටියි. එසේ ගසා කෑමට ලක් වී ඇති තවත් දෙයක් ගැන සටහනක් තැබීමට කැමැත්තෙමු.
මෙසේ ගසා කෑමට ලක් වී ඇත්තේ පාසල් නිල ඇඳුම හා පාසල් පෙළපොතයි. අධ්‍යාපනය විකුණා කමින්, එය පෞද්ගලීකරණය කිරීමට නිතැතින් උදව් උපකාර කරන වත්මන් පාලක පැලැන්තිය මෙම ගසා කෑම සිදු කරන්නට පටන් ගන්නේ් නිල ඇඳුම් වව්චර් ක්‍රමයක් හඳුන්වාදීම මගින්ය. එහිදී කලින් රජයෙන් ලබා දුන් නිල ඇඳුම් රෙදි කඩ වෙනුවට වව්චරයක් හඳුන්වාදෙනු ලැබීය. නමුත් එම වව්චරය, අදාළ රෙදි මිලදී ගැනීමට එම මුදල ප්‍රමාණවත් නොවූ හෙයින් රටේ කලක් ආන්දෝලනයට තුඩුදුන් හේ්තුවක් විය.
නමුත් මෙම නිල ඇඳුම් වවුචර් ලබාදීමේ ක්‍රියාපටිපාටියට ප්‍රථම නිල ඇඳුම් ලබාදීම සිදු වූයේ පාසල වෙත සෘජුවම අවශ්‍ය ප්‍රමාණයට ලොරි රථයක් පුරවාගෙන පැමිණ ඛෙදා දීම මගිනි. මෙම පාසල් නිල ඇඳුම් රථය පාසලට පැමිණි විගස සිසු සිසුවියන් ඉමහත් ප්‍රීතියෙන් ඉපිලෙන අතර, මහත් ඕනෑකමකින් යුතුව මෙසේ පැමිණි නිල ඇඳුම් තොගය රථයෙන් බිමට බා පාසල් පරිපාලන ඒකකය වෙත ගෙන යන්නේ තරගකාරී ලෙසය. ඒ අලුත් නිල ඇඳුමක් ඇඳීමට සිසු සිසුවියන්ගේ ඇති මහත් උනන්දුව නිසාවෙනිි. අනතුරුව මෙසේ පරිපාලනය වෙත ගෙන ආ නිල ඇඳුම් තොගය විදුහල්පතිවරයා හරහා පාසලේ පන්තිභාර ගුරුභවතා වෙත අවශ්‍ය ප්‍රමාණය ලබා දී අදාළ පන්ති කාමරය වෙත ගෙන යනු ලබන්නේද සිසුන් හරහාය. මෙසේ පන්තියට ගෙන ආ නිල ඇඳුම් ලබා ගැනීමේ ආශාවෙන් ඉපිල සිටින ළමුන් පෝලිම් ගැසී බලා සිටින්නේ ඔහුගේ හෝ ඇයගේ නිල ඇඳුම මසා ගැනීමේ රෙදි කඩ ඉතා ඉක්මනින් තමන් සතු කර ගැනීමටය. එය ලබා ගත් විගස එහි ඇති දීප්තිය තම යහළුවන් හා සන්සන්දනය කිරීම වැනි දේ සිදු කරන්නේ ඉපිලෙන ප්‍රීතියෙනි. පන්තිභාර ගුරුභවතාද මෙය ඛෙදා හරිනු ලබන්නේ ප්‍රීතියෙන් ඉපිලෙමින්ය. ඒ අලුත් පාසල් වාරයේදී අලුත් ඇඳුමෙන් සැරසී සිටින සිය පන්තියේ මෙන්ම මුලූ පාසලේම සිසු සිසුවියන්ගේ සිනහමුසු මුහුණු දැකබලා ගැනීමටය.
එකිනෙකට ගලා ගිය සමස්ත ක්‍රියාවලියක් තුළ සිදු වූ මෙම පාසල් නිල ඇඳුම් කි්‍රයාවලිය සිසු සිසුවියන්ට මෙන්ම දෙමාපියන්ටද මහත් අස්්වැසිල්ලකට හේතු විණි. එසේම පාසල් පෙළ පොත් ඛෙදා හැරීමේ ක්‍රියාවලියද මේ හා සමාන ආකාරයෙන් සිදු විය. පෙළ පොත් ලබාදීම වසරේ අවසාන වාරයේ අවසන් පාසල් කාල පරාසය තුළදී සිදු වුවත් එයද යම් උත්සවාකාරයක් ගත්තක් විය.
තමන් විසින් වසරක් පාසා ඉතා ආදරයෙන් පරිහරණය කළ පාසල් පෙළපොත්වල ඇති පිටකවරය ගලවා එය පාසලට රැගෙන ගොස් මුලින්ම සිදු කරනුයේ පන්ති මට්ටමින් එක් එක් විෂයට අදාළ පෙළපොත් වෙන් කිරීමයි. ඉන්පසුව එකතු වූ පෙළපොත් විදුහල්පතිවරයා වෙත යවා අවශ්‍ය ප්‍රමාණයට නැවත අලුත් පෙළපොත් ලබා ගැනීම සිදු වෙයි. නමුත් මෙහි ප්‍රවාහණ කටයුත්ත සිදු කරන්නේද, පෙළපොත් වෙන් කරන්නේද සිසුන්ය. ඔවුන් එය ඉතාමත් ඕනෑකමකින් සිිදු කරන්නේ සැමට ප්‍රථම තමාගේ අලුත්ම අලුත් පෙළපොත් ප්‍රමාණය වෙන් කරවා ගැනීමටය.
එසේම මේ ප්‍රවාහණ කාර්ය අතරතුරදී රහස් සාකච්ඡාද සිදු වේ. ඒවා විදුහල්පති කාර්යාලය හා පන්ති කාමරය වෙත පැමිණෙන අතරවාරයේදී සිදුවන කතාය. ‘ඔයා ඔය ගොඩෙන් මටත් එක්ක හොඳ පොතක් තෝරලා තියන්න. මමත් මේ ගොඩෙන් ඔයාටත් එක්ක පොතක් අරන් තියන්නං’ යන්න එවැනි කතාය. නමුත් ගුරුවරයා ඊට ඉඩ ලබා නොදී පන්තිකාමරය වෙත සියල්ල රැගෙන ගොස් ගුරු මේසය මත තබාගෙන සිය අණසක පතුරුවන්නේ සාධාරණය වෙනුවෙනි. අනතුරුව කෙසේ හෝ තමා සන්තකයට පැමිණි පොත් පිරික්සන්නේ මහත් ඕනෑකමිනි. එහි සුවඳ ආඝ්‍රාණය කරමින් එහි ඇති අලූත් පින්තූර දෙස බලනුයේ දෝරේගලන සතුටකිනි. එසේම තම දරුවාට එතරම් පොත් ප්‍රමාණයක් ගෙදර රැගෙන ඒමට හා උදෑසන පාසලට රැගෙන යාමට අපහසුවීම හේතුවෙන් දෙමාපියන්ද මේ ක්‍රියාවලියට දායක වන්නේ පාසලෙන් පිටත රැඳී සිටීමෙනි. ඒ අලුත් පෙළපොත් රැගෙන පැමිණෙන තම දරුවා සමග නැවත නිවස බලා යාමටය.
නමුත් මෑතකදී සිදු වූ මෙම ක්‍රියාවලියේ වෙනසත් සමගම විශේෂයෙන් නිල ඇඳුම් ඛෙදා දීමේදී කලින් සිදු වූ ක්‍රියාවලියෙන් බැහැර වී වවුචර් ක්‍රමයක් හඳුන්වාදීම මගින් නිල ඇඳුමද එපා විණි. මෙමගින් නිල ඇඳුම දරුවන්ට ලබා ගැනීම සඳහා ප්‍රමාදයන් ඇති වන අතර, ඉහතින් සඳහන් කළ හිතේ සතුටද අවමගුල් ගමනක ගියේය. මෙසේ හඳුන්වාදුන් වවුචරය ලබා ගැනීමට බොහෝ විස්තරකාරී ක්‍රියාවන් සිදු කිරීමට දෙමාපියන්ට සිදු විණි. ඒ අතර, ප්‍රාදේශීය ලේකම් සහතික ලබා ගැනීම, ග්‍රාමනිලධාරී සහතික ලබා ගැනීමෙන් අනතුරුව අතට ලැබුණු වවුචරය රැගෙන කඩ සාප්පු පෝලිම්වල කල් මැරීමටද දෙමාපියන්ටත්, සිසු දරු දැරියන්ටත් සිදු වී තිබේ. නමුත් එසේ එපා වූ නිල ඇඳුම් වවුචරයෙන් හා පෙළ පොත් ඛෙදා දීම සඳහා වෙන් කළ මුදලින් පාලකයන්ගේ ගසා කෑම පෙනෙන්නට ලැඛෙන්නේ වසර මැද මූල්‍ය වාර්තාවෙනි. එහි සඳහන් අන්දමට 2016 ජනවාරි – අප්‍රේල් කාල සීමාව සඳහා රුපියල් මිලියන 2,570ක් වෙන් කර තිබුණත් එයින් 2017 වර්ෂය සඳහා වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 2,041ක් පමණි. එය පසුගිය වසරට වඩා රුපියල් මිලියන 529ක අඩු වීමක් වන අතර එය පාලකයා සිය සාක්කුවේ දමාගෙන තිබේ. එනිසා සිතේ සතුට වනසමින්, රාජ්‍ය අධ්‍යාපනය දිනෙන් දින ආගාධයට ඇද දැමීමට පාලකයන් කටයුතු කරන්නේ් මෙසේ්ය. රටේ ජීවත්වන ජනතාව ලෙස අප මේ පාලකයන්ගේ කූට උපක්‍රම පරාජය කළ යුතු වන්නේ අප දරු දැරියන්ට නිදහස් අධ්‍යාපනය රැක දිය යුතු හෙයිනි. එබැවින් තව තවත් ප්‍රමාද නොවී වහාම මෙම පාලන ක්‍රමය අවසන් කළ යුතුව ඇත.


ධනංජය සූරියබණ්ඩාර