මහින්දගේ සිහිමඳ ගතිය ප්‍රශ්නයක්!

weds
ග්‍රීස් යකාට පණ දෙන අලුත් බදු පනත
September 8, 2017
saitm
ඇත්ත කියන්නේ කවුද?
September 8, 2017
Show all

මහින්දගේ සිහිමඳ ගතිය ප්‍රශ්නයක්!

mahi

පාර්ලිමේන්තුවේ රඟදැක්වුණු මහා ගාලගෝට්ටි පළාත් සභාවලට මාරු කෙරෙමින්, ඉකුත් සතිය අවසන් වූයේය. දැන් පළාත් සභාවල සෙංකෝල බිඳ ගන්නා සෙල්ලම ජයටම කෙරෙන්නේය. ඒ අතර මහින්දගේ සිහිමඳ ගතියට ඔහුගේ කණ්ඩායම තුළින්ම ප්‍රහාර එල්ල කෙරෙන අතර, රනිල් අලුත් ඇමතිවරුන් පත් කිරීම දෙකක් කඩතොළු හදා ගැනීමක් වී තිබුණේය. කැබිනට් මණ්ඩලය තුළ ගිනිකෙළි තව දුරටත් ඇවිළෙමින්, දයාසිරි අර්ජුන ගැටීමෙන් දයාසිරි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවත් මගහැර සිටියේය. මෛත්‍රීගේ ගෝලයන් මාධ්‍ය සම්බන්ධයෙන් බලා ගන්නා අන්දම කත්‍රීආරච්චිගෙන් එළියට පැන තිබුණේය. සතිය සාරාංශ වී තිබුණේ මෙසේය.

සිහිමඳි මහින්දගේ ගෝලයා

සිහිමඳ ගතියෙන් යුක්තව මහින්ද සභාපතිකම ගැන කරන ප්‍රකාශය එම කණ්ඩායමට බලවත් ප්‍රශ්නයක් වී තිබුණේය. අලුත් ගෝලයකු මෙයට කනේ පහරක් දී තිබුණේය. සභාපතිකම ගැන මහින්ද කියන කතාවලට කණ්ඩායම තුළින්ම ප්‍රතිචාර දක්වා තිබුණේ බියමුසු ආකාරයට වන්නේය. පාර්ලිමේන්තු කැන්ටිමේ තේ මේසයක දී දිලුම් අමුණුගම කියා තිබුණේ ‘බැරිවෙලාවත් තවමත් ජනාධිපති මම යැයි කීවොත් මළකෙළියයි.’ යනුවෙන්ය. මේ අතර කුරුණෑගලදී පවත්වන ලද පොහොට්ටු කල්ලියේ සාමාජික ප්‍රවර්ධනයට එක් වූ ජයරත්න හේරත් ප්‍රසිද්ධියේ කියා තිබුණේ ශ්‍රීලනිප ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයට පත් වන කෙනා ස්වයංක්‍රීයව පක්ෂයේ සභාපති වන බවය. හේරත් පටන්ගෙන තිබුණේම සිහිමඳ ගතියෙන් පෙළෙන මහින්දට ටොකු ඇනගෙනය.

මහින්දගේ පොට්ටුව

පක්ෂ සභාපතිකම, අගමැතිකම, විපක්ෂ නායකකම ආදී බලගතු කිසිම දෙයක් නැති වී ගොස් සිටින මහින්ද පන්සල් ගාණේ රස්තියාදු ගසමින් දෙවියන්ට භාරහාර වෙමින් සිටින්නේය. මේ අතර හදිසියේම කෝවිලකට ගොඩ වී පොට්ටු තබාගෙන හින්දු දෙවියන්ගේ ආශීර්වාදය ලබාගෙන තිබුණේය. තමන්ගේ පාලනය යටතේ කතරගම දෙවියන්ගේ ඇඩ්‍රස් නැති තැනට වැඩ කළ නිසා දැන් හින්දු දෙවියන් හමුවට යාමේ තීරණයක් ගත්තා විය හැකිය. එසේත් නැත්නම්, අලුත් කේන්දරකාරයකුගේ උපදෙස් අනුව කරනවා ද විය හැකිය. කෙසේ හෝ මහින්ද තවත් මඤ්ඤං වී සිටින බව නම් පැහදිලි වූයේය. පොහොට්ටු කල්ලියේ අභ්‍යන්තර ගැටීම් බේරා ගැනීමට නායක පුටුවේ වාඩි වූ සැණින් ශ්‍රීලනිප සභාපතිකම ගැන අයිතිය කීමට ගොස් කරගෙන තිබුණු මඤ්ඤං බව ප්‍රදර්ශනය වීම වැළැක්වීමට දෙවියන්ට බැරි වී තිබුණේය.

මෛත්‍රීගේ කත්‍රීආරච්චි

මෛත්‍රී මේ දවස්වල කාලය ගත කරමින් සිටින්නේ හැට හය වැනි සංවත්සරය පැවැත්වීම ගැන සිතමිනි. ගෝලයන්ට ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් පවරා තිඛෙන්නේය. කැස්බෑව ආසනයේ මෛත්‍රීගේ ගෝලයා සමුපකාර ඡන්දයටත් මිනීමරා දැන් අලුතින් පටන්ගෙන ඇත්තේ, මාධ්‍යවේදීන්ට තග දැමීමෙන් වන්නේය. කත්‍රීආරච්චිගේ නිවසට මාධ්‍යවේදීන් ගෙන්වාගෙන ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට ගොස් තම ගෝලයන්ගේ මුහුණු ඒ ගෝලයන්ගේ පවුල්වල උදවියට පෙනෙන සේ වීඩියෝගත කරන ලෙස බල කරමින්, මාධ්‍යවේදීන්ට තග දමා තිබුණේය.

මෛත්‍රීගේ මල්ලි – හොරකම් ගැන

මේ අතර අනෙක් පැත්තෙන් මෛත්‍රීගේ මල්ලි නුවරඑළියේ අලුතින් ඉදි කළ ‘අරලිය’ හෝටල් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වී සිටියේය. ඩඩ්ලි එම උත්සවයේදී මෛත්‍රීගේ සායම ද දිය කර දමා තිබුණේ ව්‍යාපාරවලට මුලපුරමින්, සිංගප්පූරුව හා බැංකොක්වල සිට ගෙන එන ලද බඩු රේගුවෙන් හොර පාරෙන් පන්නා ගන්නා ලද අන්දම විස්තර කරමින්ය. රූපවාහිනී නාළිකා ද එය අපූරුවට රටට ඛෙදා දුන්නේය. මේ කතා කියන අතරේ නොකියා කිව් දෙයක් තිබුණේය. ඩඩ්ලිලා, මහින්දලා එක්ක ඩීල් දමන ප්‍රධාන තැනක් වී තිඛෙන්නේ අරලිය හෝටල් ජාලය තුළදී බවය.

ගලගොඩ බිරිඳට පාලිත බැල්ම

මහින්දගේ සිහිමඳ ගතිය පිළිබඳ සාක්ෂි සහිතව ඔප්පු කර තිබුණේ සමාජ මාධ්‍ය ජාලාවලින්ය. එවැනිම හෙළි කිරීමක් පාලිත තෙවරප්පෙරුම සම්බන්ධයෙන් වීඩියෝ දර්ශනයක් සංසරණය වෙමින් තිඛෙන්නේය. නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම පසුගිය ගංවතුර සමයේ ඉහළින්ම දමාගෙන තිබුණු ලකුණුවලට එක පැත්තකින් තවත් එකතු කර ගැනීමක් ද කිවහැකි දෙයක්ය. තවත් පැත්තකින් බින්දුවටම කපා ගන්නා දෙයක් ද කිව හැකි වන්නේය. මංගල සාදයකදී ගුටිකෙළියකට සම්බන්ධ වීමක්ය. එයට නිධාන කතාව වී ඇත්තේ, ගලගොඩ නමින් ප්‍රසිද්ධ චණ්ඩියකුගේ අනියම් බිරිඳක් බව කියවෙන්නේය. මේ බිරිඳට තෙවරක් බැල්ම හෙළීමෙන් බිරිඳ සමග පැමිණි රියදුරා ගේම ඉල්ලා ඇත්තේය. තෙවරප්පෙරුම අත-පය දිගු කර ඇත්තේ, මෙහිදී බව කියවෙන්නේය.

රනිල්ට අන්තෝ ජටා

රනිල්ට පක්ෂය තුළින් මතු වී තිඛෙන්නේ ලේසියෙන් ලිහා ගත හැකි ගැටයක් නොවන්නේය. එක පැත්තක් සමහන් කර ගන්නා විට තවත් ගැට දෙක තුනක් තද වෙන්නේය. විජේදාස රාජපක්ෂ ඇමතිකමෙන් ඉවත් කර ඇමති ධුරවලට දෙදෙනෙකු පත් කර මේ පැත්ත බලන විට තවත් ගැට ගොඩක්ය. ඇමති ධුර දෙකම වයස්ගත පුද්ගලයන්ටදී නවකයන්ට කිසිම ඉඩක් නොදීම පිළිබඳ චෝදනාවක් එක පැත්තකය. අනෙක් පැත්තේ ව්‍යවස්ථා සභාවේ රනිල්ගේ නියෝජිතයා වශයෙන් පත් කර සිටින්නේ විජේදාස වීමය. විජේදාස තවමත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන්නේය. එසේ තිබියදී ඔහු ව්‍යවස්ථා සභාවෙන් ඉවත් කිරීමේ හැකියාවක් ද නොමැත්තේය. නමුත්, තවදුරටත් තබා ගැනීමේ හැකියාවක් ද නොමැත්තේය. රනිල් සිටින්නේ මේ අන්තෝ ජටා රැසක් මැද්දේය. තෙවරප්පෙරුමලා දා ගන්නා කචල් ද ආයෙත් බල පා තිඛෙන්නේ රනිල්ටම වන්නේය.

යෝ මුට්ටියට පොලු පහර

මහින්ද පසුගිය කාලයේ අලුතින් මුට්ටියක් දා බැලුවේ යෝ බබා සම්බන්ධයෙන්ය. යෝ බබා හෙවත් යෝෂිත දේශපාලන කරළියට ගෙන ඒමේ කුළුඳුල් පියවර පුත්තලම් බූරුවන්ගෙන් පටන් ගන්නා බව ප්‍රචාරය කර තිබුණේය. පුත්තලමේ මහින්ද කල්ලියේ හොඳ කකුලක් අල්ලා යෝ බබා දේශපාලන වේදිකාවට ගෙන ඒමේ සූදානමක් ගැන කියා තිබුණේය. ප්‍රචාරය පළ වීමත් සමගම කල්ලිය අභ්‍යන්තරයෙන් මුගුරු පහරවල් වරුසාවක් එල්ල කර තිබුණු බව හෙළි වන්නේය. ‘පවුලේ තවත් කෙනෙක් දේශපාලනයට ගෙනාවාම රෙද්දක් ඇඳගෙන අපි පාරේ බැහැලා යන්නේ කොහොමද?’ ප්‍රබලයන් විරෝධය පා ඇත්තේය. ඒ නිසාම යෝ බබාගේ ගමන තාවකාලිකව අකුළාගෙන ඇත්තේය.

ක්‍රීඩකයන් දෙදෙනෙක්

රටේ සියලුම ක්‍රිඩා ක්ෂේත්‍ර බිඳ වැටී තිඛෙන අතර, ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවේ සිදු කරන විවිධ කෙළි කරළිය අරක් ගනිමින් තිඛෙන්නේ හවුල් ආණ්ඩුවට දෙවසරක් පිරී තිබියදීය. එයින් නොනැවතී කැබිනට් මණ්ඩලයද අද වන විට ගිනිි කෙළිවලින් නිරන්තරයෙන් රත් වෙමින් තිඛෙන්නේය. රටේ ක්‍රීඩා සම්බන්ධයෙන් ගත් කළ වැඩි දෙනාගේ අවධානය යොමු වී තිඛෙන්නේ ක්‍රිකට් පිිළිබඳව පමණක්ය. අර්ජුන රණතුංග ඇමතිවරයා නිතරම බලන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණාංග රැක ගැනීම කෙරෙහිය. එහි මේ වන විටත් ඉතිරී වී නොමැති මහත්මාකමක් ගැන අර්ජුන හීන දකින අතර, ක්‍රීඩා ඇමති සමග ගැටෙන්නේය. දයාසිරි සිටින්නේ එලෝ මෙලෝ පෙනෙන තත්ත්වයකය. ජයග්‍රහණ පිළිබඳ ක්‍රිකට් ලෝලීන්ට තිබූ විශ්වාසය දැන් ඇත්තේම නැති තරම්ය. අර්ජුන විවිධ හේතු කීව ද, ඒ එකක්වත් ප්‍රශ්නයට උත්තර නොවන්නේය. මේ නිසා දෙදෙනාගේ ගැටීම ක්‍රීඩා විිස්තර සොයන ක්‍රීඩා ලෝලීන්ට ඉතිරිව ඇත්තේය.

අර්ජුනට ටොක්කක්

හම්බන්තොට වරාය චීනයට පවරා දීම සම්බන්ධයෙන් අර්ජුනට වරාය ඇමතිකම් අහිමි වී ගියේය. දැන් වරාය පාවා දීමේ කටයුතුත් සිදු කර හමාරය. එසේ වුවත්, අර්ජුන වැඩේ අත්හැර දමා නොමැත්තේය. හම්බන්තොට වරාය පිළිබඳ නිරීක්ෂණයක් සිදු කර වාර්තාවක් සකසා කැබිනට් මණ්ඩලයට භාර දී ඇත්තේය. මෙයට ප්‍රතිිචාර වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් කණ්ඩායමක්ද නිරීක්ෂණ වාර්තාවක් සකස් කර කැබිනට් මණ්ඩලයට භාර දී ඇත්තේය. තොරතුරු හෙළි වන ආකාරයට අර්ජුනගේ වාාර්තාවේ ඇත්තේ වරාය දීමේ අහිතකර තත්ත්වය පිළිබඳවය. නමුත්, එජාප ඇමතිිවරුන් සකස් කළ වාර්තාවේ ඇත්තේ හිතකර කරුණු පිළිබඳවය. එජාපයේම ඇමතිවරයෙකු වන අර්ජුනට එරෙහිව කණ්ඩායමක් එක් වී ටොකු ඇන ඇති බව මෙයින් පැහැදිලි වන්නේය.

මෛත්‍රී බද්දෙන් නිදහස්

රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කරමින් තිඛෙන දේශීය ආදායම් බදු පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේය. එහි අඩංගු කර තිබූ විශේෂ විධිවිධාන හොරයක් එළියට ඇවිත් තිඛෙන්නේය. හොරය වන්නේ ජනාධිපතිවරයාට රජයෙන් ගෙවන දීමනා සියල්ල ආදායම් බද්දෙන් නිදහස් කර තිබීමය. මේ පිළිබඳව දැනගත් ඇමතිවරයෙක් වහාම ජනාධිපතිවරයා දැනුුම්වත් කර තිඛෙන බව කියවෙන්නේය. පොළොන්නරුවේ සිට රට පාලනය කරන බව කී මෛත්‍රී, ජනපති මන්දිරයේ පදිංචියට නොයන බව කී මෛත්‍රී ගැන අනුකම්පාවෙන් කවුරුන් හෝ මෛත්‍රීට බදු සහන ලබා දී ඇති බව පැහැදිලි වී තිබුණේය. නමුත් මේ විශේෂ සැලකිලි ගැන තදින් කෝප ගත් මෛත්‍රී අදාළ වගන්ති වහාම ඉවත් කරන ලෙස නිියෝග කළ බව ප්‍රචාරය කෙරෙමින් ඇත්තේය.

ජවිපෙ විරෝධය

මේ අතර අලුත් බදු පනතට විරුද්ධව ජවිපෙ විසින් විරෝධතා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබුණේය. ඒ ගැන රටේ ජනතාවගේ විශාල අවධානයක් යොමු වී තිබුණේය. සිංහල භාෂාවෙන් පමණක් නොව දෙමළ භාෂාවෙන් ද තිබූ පෝස්ටර් ව්‍යාපාරය ඉතා සාර්ථක බවට පැහැදිලි වූ සාධක රට පුරා දැකිය හැකි වූයේය. අලවා තිබූ පෝස්ටර් වසා දැමීමෙන් වැළකී අනෙකුත් පෝස්ටර් අලවා තිබීමෙන් එය පැහැදිලි වූයේය. ජනතාව දැනුම්වත් කරන අත් පත්‍රිකා ඛෙදීම්වලට ද විශාල මහජන ප්‍රසාදයක් ලැඛෙමින් තිබුණි. රට පුරා දිස්ත්‍රික්ක විස්සක ජනතාව නියඟයෙන් බැට කන අතර, රෝගීන් වෙනුවෙන් සාධාරණ ආධාර මුදලක් ආණ්ඩුව මැදිහත් වී ලබා දීමට ජවිපෙ යෝජනා කිරීම ද ජනතාවගේ ප්‍රසාදයට හේතු වී තිඛෙන්නේය.

ගිනි පෙළපාළි ඉහළින්

හොර වෛද්‍ය උපාධි ප්‍රදානය කරන මාළඹේ සයිටම් විරෝධී අරගලයේ තවත් පියවරක් 30 වෙනි දින රාත්‍රියේ රට පුරා විශාල උද්ඝෝෂණයකින් ක්‍රියාත්මක කරනු ලැබීය. ‘සයිටම් විරෝධී ජන පවුර’ සංවිධානය එය සැලසුම් කර ක්‍රියාත්්මක කරනු ලැබීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්, පොදු ශිෂ්‍ය සංගම්, ශිෂ්‍ය මාපිය සංගම්, විවිධ වෘත්තීය සමිති මෙන්ම ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ එක් වී මෙම සංවිධානය පිහිටුවාගෙන තිඛෙන්නේය. පියවරෙන් පියවර සැලසුම් සහගතව කරගෙන යන විරෝධතා ව්‍යාපාර විවිධ නිිර්මාණශීලී ගුණයන්ගෙන් යුක්ත වීම පිළිබඳව පොදු ජනතාවගේ විශාල ප්‍රසාදයකට හේතු වී තිඛෙන්නේය.
දිරිය පුරවැසියෝ රොද බඳිති. රටේ ජනතාව පොදු අරමුණක් කරා එකතු කරමින් සිටින ‘දිරිය පුරවැසි සමිති’ දිස්ත්‍රික් සමුළු සඳහා විශාල මහජන සහභාගීත්වයක් සහිතව සාර්ථකව පවත්වමින් තිබේ. රත්නපුර, මොණරාගල, අනුරාධපුර, කෑගල්ල ආදී වශයෙන් සමුළු පැවැත්වූ සියලූම දිස්ත්‍රික්කවලට විශාල ජනතාවක් රොද බැඳගෙන රැස් වී සිටිනු දැක ගත හැකි වූයේය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නොවන විශාල පිරිසක් මෙම සමුළුවලට සහභාගී වෙමින් සිටීම කැපී පෙනෙන ලක්ෂණයක් වී තිඛෙන්නේය. ජවිපෙ ගොවි සමිතිය විසින් හඳුන්වා දෙන ලද ‘කමත් සභාවලට’ පසුව ‘දිරිය පුරවැසි සමිති’ රටපුරා සාර්ථකව ඉදිරියට යමින් තිඛෙන්නේය.

සමන්ත ගැන පියතුමන්ලාට කියයි

උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් උන්හිටිතැන් පවා අහිමි වූ පිරිසකගේ ප්‍රශ්නවලට ස්ථීර විසඳුම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කර නැත්තේය. මේ ගැන කරුණු සොයා බැලීමට විවිධ සංවිධාන සහ මානවහිතවාදීහු දැන් පෙළඹී සිටිති. වැලිමඩ, බණ්ඩාරවෙල, කරඳගොල්ල, ඩයරබා ප්‍රදේශවලට ගොස් සියැසින්ම විපත පිළිබඳව දැක බලා ගැනීමට උනන්දු වී සිටිති. පසුගිය 31 වෙනිදා මෙතෝදිස්ත දේවස්ථානයේ ආසිරි පෙරේරා බිෂොප් තුමා සහ පියතුමන්ලා පිිරිසක් බණ්ඩාරවෙල විපතට පත් ජනතාව හමු වී කරුණු සොයා බැලීය. මේ පිරිස අතර දේවස්ථානයේ යුක්තිය හා සමාජ කමිටුව ද සහභාගී වී සිටියෝය. මේ පිරිස සමග තම දුක ඛෙදා ගැනීමට එක් වූ ජනතාව එක හඩින් කියා සිටි දෙයක් තිබුණේය. ‘ජේවීපී එකේ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා ඇතුළු පිරිස නැත්නම් අපි ගැන බලන්න කිසිම කෙනෙක් නෑ’ යනුවෙන්ය. හවුල් ආණ්ඩුවට දෙවසරක් පිරී ඇති කාලයක ජනතාව දැන් කතා කරමින් සිටින්නේ ජවිපෙ ගැන වීම විශේෂ තත්ත්වයක් වන්නේය.