විශ්වාසභංග හා යහපාලනයේ අනාගතය

kelani
මිහි මවගේ කිරිදියට විස හලන දරුවෝ
September 8, 2017
uni
පෙළපොත්, නිල ඇඳුම් ආයෙත් කඩෙන් ගන්න වෙයිද…?
September 8, 2017
Show all

විශ්වාසභංග හා යහපාලනයේ අනාගතය

yaha

‘විද්දේ හාවට වැදුණේ පදුරට’ යයි ජනකතාවක් අපි අහල තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ යහපාලන ආණ්ඩුවටත් සිද්ධ වෙලා තියෙන්නෙ. ඒකාධිපති පවුල් පාලනයක් ගෙනයමින් හොරකම්, දූෂණ, වංචාවල යෙදුණ මහින්ද රාජපක්ෂගෙ පවුල වගේම ඒ ගෝල බාලයන්ගෙ වැරදි වැඩ හොයලා, නීත්‍යානුකූලව දඩුවම් දෙන්නයි මෛත්‍රී ජනපති කළේ. මේ යහපාලනය පත් කළේ. දැන් මේ පාලනයට අවුරුදු දෙකක් ගෙවිලා ඉවරයි. ඒ දූෂිතයන්ට නඩු කීපයක් දමලා තිබුණට, පරීක්ෂණ පැවැත්වුණාට හරිහමන් දඩුවමක් දීපු හොරෙක් ගැන අපි අහල නෑ.
ඉහළ පෙලේ නොම්බර එකේ රාජපක්ෂ යුගයේ හොරුන්ට, දූෂිතයන්ට ඇතැම් නඩු පවරලා තියෙන්නෙත් අඩු දඩුවම් ලැඛෙන ආකාරයට. කොහොම හරි යන්තමට ඒවා ගැන නීතිය ක්‍රියාවට නැංවුණත්, මේ මහ හොරාවන, අනෙක් අය මෙහෙය වූ මහින්ද රාජපක්ෂට එක නඩුවක්වත් දමා තිඛෙනවාද? ඔහු නිසා නේද මේ අනෙක් අය සියල්ලෝම බලය අවභාවිතා කළේ. ඔහුගේ අනුදැනුම, උපදෙස් මත නොවේද දූෂණ, වංචා සිදු කළේ. හොරමුළෙ නායකයාට පරීක්ෂණ නෑ. දඩුවම් නෑ. දැන් ඒ නිසාම නොවේද මහින්ද රාජපක්ෂ යළි බලයට ඒම සදහා කුමන්ත්‍රණ මෙහෙයවන්නේ. අර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සිල් රෙදි ඛෙදීම පිළිබදව නඩු අහනවා. හෙට අනිද්දා දඩුවම් නියම කරන්නත් ඉඩ තියෙනවා. විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අනූෂ පැල්පිටත් මේ නඩුවේ චූදිතයෙක්. මේ අය සිල්රෙදි ඛෙදුවේ ඒ අයගෙ උවමනාවකටද? ඒ අයගෙ ඡන්දෙකටද? මේ දෙදෙනාටම සිල් රෙදි ඛෙදලා ඡන්ද ගොඩ වැඩි කරන්න උපදෙස් දුන්න මහින්ද රාජපක්ෂ මේ නඩුවේ කොටස්කාරයෙක් නොවෙයිද? ඒක එහෙම නම් මහින්දටයි පළමුවෙන් දඩුවම් දෙන්න ඕනෑ.
මේ යහපාලන ආණ්ඩුව හොරු හරියට ඇල්ලූවෙ නෑ. බලයට පත් වුණාම කවුරුත් උත්සාහ දරන්නේ මුදල් හොයන්නයි. විශේෂයෙන් එජාපයේ ජන්ම පුරුද්දක් ඒක. අවුරුදු දෙකට ඇමතිවරු තුන් දෙනෙක් බිලිවුණා. තව ගණනාවක්ම පෝලිමේ ඉන්නවා. චෝදනා තිබුණට පරීක්ෂණ නෑ. තමන් ඉන්නේ මොන පක්ෂයේදැයි තමන්වත් නොදන්නා දොස්තර රාජිත හොදම දූෂිතයෙක්. මහින්ද රාජපක්ෂගේ අවිචාරවත් යුගයේ එකට ලැග්ග යාළු මිත්‍රයෝමයි අද ඒකාබද්ධ විපක්ෂය කියලා අටවාගෙන, විශ්වාසභංගයක් රාජිතට එරෙහිව ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඒ අය තමයි රාජිතගෙ ගැහිලි ගැන දන්නෙ. රනිල්ගෙ ආණ්ඩුවකදී අධිකරණ තීන්දුවක් මත ඇමතිකම අහිමි වුණාම ආයෙත් පත් කරලා ඇමතිකමක් දුන්නා. රාජිතගේ කොම්පැණියක් ආණ්ඩුව එක්ක ගනුදෙනුවල පැටළුණු කතාවක් නිසයි එදා එහෙම වුණේ. එදා අධිකරණයෙන් ඒක නීති විරෝධීයි කියල දඩුවම් දුන්නා නම් අදටත් ඒක වලංගුයි. මහින්දගෙ ආණ්ඩුවට රිංගලා කොතෙක් නම් හම්බ කළාද? අර මාතලේ පාරවල් ගාණේ ලැගපු, අනුන්ට පොලු තිය තියා ජීවත් වුණු, පක්ෂයෙන් පක්ෂයට පනිමින් හිටිය උජිත් අනුරාධ කියන මිනිහා දැන් කෝටිපතියෙක් වෙලා ඉන්නෙ කොහොමද? එදා රාජිත මේ මිනිහා සීනෝර් ආයතනයට දමලා හොරකම් කෙරෙව්වා. මිනිහා ඉදිරියට දමාගෙන නැව් ගත්තා. මාළු ජාවාරම් කළා. මුහුදු කූඩැල්ලෝ රට යැව්වා. කොන්ත්‍රාත් කළා. එදා බෝට්ටුවෙන්, ආරක්ෂක කබායෙන් පවා ගැහුවා. මේවා ගැන අද උජිත් අනුරාධට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙනවා. වරායවල් ඉදිකිරීමේදී කොතෙක් ගැහුවද? රාජිත ළග හිටපු ගෝලයෙකු මේ විදිහට ධනවත් නම් රාජිතට කොතරම් දේපළ, වත්කම් ඇද්ද?
එදා රාජිතයි, බිරිද සුජාතයි තම ගෝල බාලයෙයි පළාත් සභා මැතිවරණයේදී මේ හොර තක්කඩියා දිනවන්න කටයුතු කළ ආකාරය නින්දිතයි. මාතලේ ඔහුගේ ගෙදර ඉ`දගෙන උදව් කළා. ඒත් පරාදයි. ඒකයි මාතලේ ජනමතය වුණේ. මේ ආණ්ඩුවේ ඇමති හැටියට රාජිතට චෝදනා නැද්ද? ඛෙහෙත් වර්ග කීපයක් අනුමත කරලා දෙන්න කෝටියක පමණ මුදලක් ගහපු හැටි අපි මීට පෙර ‘ලංකා’ පත්තරෙන් හෙළිදරව් කළා. තවමත් සාධාරණය ඉටු වෙලා නැහැ. ඒ.එස්.පී. ලියනගේ ජනාධිපතිට ළං කරලා දෙන්න කෝටි කීයක් ගත්තද? කේක් කීයක් කෑවද? මෙහෙම පොතක් පිරෙන්න දූෂණ, වංචා ලියන්න පුළුවන්. අනික ඒ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා මෛත්‍රීට එකතු වුණාම බිරිද සුජාතා හිටියෙ මහින්දගෙ පැත්තෙ. රාජිත, සුජාතා, චතුර වගේ පවුලේ අය දේශපාලනයේ කරල තියෙන විකාර වගේම හරි හම්බ කරල තියෙන ආකාරයත් විවාදිතයි. ඒ එක පැත්තක්.
රාජිත තමයි මේ ආණ්ඩුවේ ඉදගෙන මහින්දලාට එරෙහිව බාල්දි පෙරළන්නේ. දූෂණ, වංචා ගැන කට ඇරලා කතා කරන්නේ. මොකද එහෙම නොකළොත් රාජිතලාට පැවැත්මක් නෑ. බැරි වෙලාවත් මහින්දලට යම් බලයක් ලැබුණොත් කියන බයට හරි රාජිත ගහනවා. ජනතාව මේ ආණ්ඩුව පත් කළ එක් සුවිශේෂි හේතුවකුත් ඒකනෙ. ඒ අර්ථයෙන් ගත්තම රාජිත හරි. ඉතින් රාජපක්ෂගෙ ගෝල බාලයෝ විශ්වාසභංගයක් ගෙනැල්ලා රාජිතගෙ කට වහන්න උත්සාහ දැරීමත් පුදුමයක් නෙවෙයි. එජාපයෙම පිරිසකුත් රාජිතට විරුද්ධයි. අවසානයට ඇවිල්ලා වීරයා වගේ ර`ගපානවාට ඒ පැත්තත් සාධාරණ නැහැ.
අද ආණ්ඩුවෙ තියෙන සංයුතිය නිසා විශ්වාසභංගයක් ජය ගන්නට අමාරුයි කියල ඒ අයත් දන්නවා. ඒත් දැන් යන රැල්ලේ හයිය අරන් මෙහෙම දෙයක්වත් කරලා රාජිත බය කරන්නයි ඒ අය දගලන්නේ.
දැන් ඊළගට ප්‍රශ්න ගොන්නකට මුහුණ දෙන ඇමති තමයි සුසිල් ප්‍රේම ජයන්ත. හෙජින් කතා, ඉන්ධන පිරවුම්හල් දීමේ කතා, ළමයි පාසල්වලට දමපු කතා, බාල ඉන්ධන ගෙන්වපු කතා වගේ දූෂණ පිළිබද කතා ගොන්නක් එක්කම සුසිල් පැටළෙනවා. රටට පෙන්වන සුදු චරිතය එයාටත් නැහැ. මෛත්‍රී ජනාධිපති වුණාටත් ඔහුගේ සතුටක් නැහැ. මහ මැතිවරණයේදී පක්ෂයේ ලේකම් විදිහට සභාපති වුණු ජනපති මෛත්‍රීටත් පිටින් යමින් මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමටම නොමිනේෂන් දීලා, මහින්දව ආයෙ රජ කරවන්න සෑහෙන උත්සාහයක් දැරුවා. බැරිම තැන යහපාලනයට ආවට ඔහු හදවතින් ඉන්නේ රාජපක්ෂවරු සමග. ඉතින් මොන දෙයට ගියත් ආණ්ඩුව විවේචනය කරනවා. කකුලෙන් අදිනවා. ඔහු දැන් කැබිනට්ටුවේ සාමුහික වගකීම කඩන පුද්ගලයෙක් වෙලා.
එජාපයේ අය මේකට විරුද්ධයි. ළගදීම සුසිල් පිළිබ`දව තීරණයක් ගන්නටත් මෛත්‍රී ජනාධිපතිට සිද්ධ වෙනවා. එහෙම නොකළොත් අනෙක් අය හසුරුවාගන්න බැරි වෙනවා. අර නිශාන්ත මුතුහෙට්ටිගම වගේ, අරුන්දික ප්‍රනාන්දු වගේ ඒ පැත්තට ආවඩන, හදවතින් එහේ ඉන්න අය එක්ක ඉදිරියට යන්නේ කොහොමද? දැන් ලක්ෂමන් වසන්ත පෙරේරලා වගේ කීප දෙනෙකු මේ තත්ත්වය තේරුම් අරගෙන බව පෙනෙනවා. පහුගියදා අස්කරන්න ඉස්සර කෑගහපු විෙජ්දාස රාජපක්ෂගේ කට දැන් කෝ? ඔහු එජාපයෙනුත් ඉවත් කළාම යථාර්ථය ඔහුටම වැටහේවි. රාජපක්ෂවරු හා අවස්ථාවාදී භික්ෂූන් හා ජාතිවාදී, ආගම්වාදී නඩයට මොන කෙංගෙඩියක්වත් කරන්න බෑ කියල තේරුම් ගන්නකොට පෙරහැර ගිහිල්ලා හමාරයි. දැන් පිහිටට ඉන්නේ අර අනුරාධපුර පැත්තේ සාස්තරකාරිය විතරයි.
මේ දේශපාලඥයො මහින්දට උන දෙයින්වත් පාඩම් ඉගෙන ගන්නේ නැතිව තවමත් සාස්තරකාරයෝ පස්සේ යනවා. දේශපාලඥයන්ගේ පැවැත්ම තියෙන්නේ ජනතාව අතේ. ඒ අයගේ කතිරෙන් ඕනෑම ජගතෙක් බිමටම දමන්න පුළුවන්. ඒක වටහාගන්න බැරිවීම කරුමයක්. දුන් පොරොන්දු ඉටු කරලා, ජනතාවාදී දේශපාලනය කරන කවුරුත් ජනතාව විසින් රකිනවා. ලක්ෂ 62ක් ඡන්දය දුන් ජනතාවගේ අභිමථාර්ථයන් ඉටුවන තුරු මේ අවිචාරවත්, අනාගතයක් නොපෙනෙන, විකාරරූපී දේශපාලන ගමන නවතින්නේ නම් නෑ.
එජාපය හා ශ්‍රීලනිපය අතර අත්සන් කෙරුණු බව කී අවබෝධතා ගිවිසුමේ කාලයද පසුගියදා නිමවුණා. ආණ්ඩුවේ සමහර නායකයන් නම් කියන්නේ ඉදිරියේදීත් ගිවිසුම්ගතව යහපාලනය ගෙන යන බවයි. ඒත් ප්‍රශ්නය එදා දෙපාර්ශ්වය අත්සන් කළ බව කී ගිවිසුමේ අඩංගු වූ කරුණු කාරණා කීයක් ඉටු කළාද කියන එකයි. රටේ ජනතාවට වැදගත් එයයි. මේ යන විදිහට නම් තව වසර 3ක් නොවේ වසර 10ක් ඉදිරියට ගියත් සතපහක වැඩක් නැහැ.
යම් යම් දේශපාලඥයන්ට හා පක්ෂවලට වාසිදායක දේවල් සිදුවුණාට ජනතාවට පොදුවේ දැනෙන දෙයක් වුණේ නැහැ. ආරම්භයේදී කවුරුත් හිතුවේ ප්‍රතිවිරුද්ධ දේශපාලන ධාරා දෙක එක්වුණාම රටේ නොවිස`දුණු ප්‍රශ්න ඉක්මනින් විසෙ`ද්වි කියලයි. රටේ සංහි`දියාව වෙනුවෙන් වැදගත් තීරණ ගන්න හැකි වේවි කියලයි. ඒත් තවමත් ඒවා අතරමග. ව්‍යවස්ථාව ගෙනාවත් ඒකාධිපති ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යාම ශ්‍රීලනිපයේ අරමුණ වෙලා.
මේ සියලු දේවල් අස්සේ දෙපාර්ශ්වයේ අය මතවාදීවත්, අවලාද ලෙසත් ප්‍රසිද්ධියේ ගැටුම්වලට යනවා. ඇණුම්පද, විවේචන, බැණුම්, විතරක් නෙමෙයි, දිය යටින් ගින්දර ගෙනයාම් හා දිය රෙද්දෙන් ඛෙල්ල කැපීම් පවා සිදුවෙමින් තිඛෙනවා. මේ අතරවාරයේ ජනාධිපතිවරයා යම් යම් අවස්ථාවල පෙරට වඩා විධායක බලතල අතට අරන් කටයුතු කරන බවකුත් පේනවා. ඒකේ යම් සාධනීය පැත්තකුත් තිඛෙන්නේ, එජාපය ගාල කඩා ගත්තු කුළු මීමෙක් වගේ කටයුතු කරන ආකාරය නිසාත්, ශ්‍රීලනිපයේ සමහරු ඉත්තෑවගෙ ගෙට රිංගපු කබල්ලෑයා වගේ හැසිරෙන නිසාත්. මේ නොගැලපෙන පෑහීම ගෙන යන්න නම් ජනපතිට බලතල පාවිච්චි කරන්නම වෙන බවක් පේන්න තියනවා.
ඊළගට පසුගියදා සම්මත කරගත් පළාත් පාලන පනත ගැන සුබවාදීව බලන්නට පුළුවන් කියලා බොහෝ දෙනෙක් කියනවා. අනුපාත ඡන්ද ක්‍රමය අහෝසිවීම, ප්‍රදේශයට නියෝජිතයකු ලැබීම, කාන්තා නියෝජනය 30% දක්වා ඉහළ යාම, ලැඛෙන ඡන්ද ප්‍රමාණය අනුව මන්ත්‍රීවරු සංඛ්‍යාව තීරණය වීම වගේ හොද සාධනීය ලක්ෂණ තිඛෙනවා. රජයේ සේවකයන්ට ඡන්දය ඉල්ලන්න බෑ කියලා රාජපක්ෂලාගේ කණ්ඩායම නම් මර ලතෝනි දෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාම නිලධාරී වගේ යම් යම් රාජ්‍ය සේවකයන්ට ඡන්දය ඉල්ලීමේ හැකියාවක් නැහැ. ඒත් වෙනත් ක්ෂේත්‍ර නිලධාරීන්ට මේක බලපෑවේ නැහැ. මේ පනත තුළින් ඡන්දය ඉල්ලීමේ හැකියාව නැති කරලා නැහැ. නමුත් තමන් සේවය කරන බල ප්‍රදේශය නියෝජනය කරමින් ඡන්දය ඉල්ලන්න බැහැ. මේකත් සාධාරණ නීතියක්. තමුන් සේවය කරන ප්‍රදේශයේ ඡන්දය ඉල්ලන රාජ්‍ය නිලධාරියෙකුට අනියම් වාසියක් ලැඛෙන බව සැකයක් නැහැ.
මේ වගේ සාධනීය කාරණා කිහිපයක් ඇතත් යහපාලන ආණ්ඩුවේ වත්මන් ක්‍රියාවලිය ගැන අපිට කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න බැහැ. ඒ වගේම අනාගතයේදී මෙයට වඩා විශාල වෙනසක් වෙයි කියල විශ්වාස කරන්නත් බැහැ. කාලෙන් කාලයට පාලකයන් එළවලා වෙනත් පාලකයන් බලයට ගෙනෙන අපි හැමදාම බලාපොරොත්තු කඩ කරගන්නවා විතරයි.


ඩී. බී. ඇල්කඩුව