ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය ‘හාවි’ වනසයි

indd
අධිකරණය හමුවේ ඉන්දීය ආණ්ඩුව පරාජයට
September 9, 2017
yuin look
නඩුව අතරේදී හිටපු අගමැතිනිය රටින් පනී
September 9, 2017
Show all

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය ‘හාවි’ වනසයි

ahvi

පැයට කිලෝමීටර් 215ක වේගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත කඩා වැදුණු ‘හාවි’ නම් කුණාටුව මගින් ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට දැවැන්ත හානියක් සිදු වී තිබේ.
පැයට සැතපුම් 130ක වේගයෙන් ආරම්භ වූ කුණාටුවේ වේගය පසුව අඩු වූ අතර, ඇතැම් ප්‍රදේශවල ධාරානිපාත වැසි හටගත්තේය. කුණාටුව මගින් විනාශ කෙරුණු නිවාසවල සුන් බුන් අතර තවමත් ඇතැම් නිවැසියන් සිර වී සිටින බවද පැවසේ.
ප්‍රදේශය පුරා ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට විදුලි බලය ඇනහිට ඇති බව බලශක්ති සමාගම් පවසති. මෙයින් බරපතළම හානිය සිදු වී තිඛෙන්නේ ලක්ෂයක පමණ ජනකායක් වාසය කරන රොක්පෝට් ප්‍රදේශයටය. එහි ගොඩනැගිලි ගණනාවකට බරපතළ හානි සිදු වී ඇති බව සහන සේවකයෝ පවසති.
ගස් කඩා වැටී නගරයේ විදුලි බල සැපයුම ද අඩපණ වූ නමුත් බලධාරීන්ගේ අනතුරු ඇඟවීම්වලින් පසුව නගරවැසියන් සිය නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන බලා ගොස් තිබේ.

නගරයේ ජනතාව වැඩිහිටි නිවාසයක සිර වී සිටින බව නගරාධිපති පැට්රිසක් රියෝස් පැවසීය. වැඩිහිටි නිවාසයේ වහල කඩා වැටී ඇති නමුත් එහි ළඟාවිය නොහැකි බව බේරාගැනීමේ සේවකයෝ හා ගිනි නිවන සේ්වකයෝද පවසති.
තත්ත්වය පිළිබඳව සොයා බැලීම පිණිස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේ ටෙක්සාස් ප්‍රාන්තයේ සංචාරයක යෙදීමට ඉඩ තිඛෙන බව ධවල මන්දිරය මේ අතර නිවේදනය කළේය.


ධනංජය සූරියබණ්ඩාර