නඩුව අතරේදී හිටපු අගමැතිනිය රටින් පනී

ahvi
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය ‘හාවි’ වනසයි
September 9, 2017
arjun
ඇලෝසියස්ගේ පලා යාමෙන් රනිල් කොටුවෙයි
September 13, 2017
Show all

නඩුව අතරේදී හිටපු අගමැතිනිය රටින් පනී

yuin look

වී ගොවියන්ට සහන ලබාදීම සම්බන්ධ නඩු විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලූක් ශිනවත් රටින් පළා ගොස් ඇති බව අනාවරණය වේ.
නඩු තීන්දුව ප්‍රකාශයට පත්කෙරෙන අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට මොහොතකට පෙර අනපේක්ෂිත ලෙස විදේශගත වීමට ඇය තීරණය කළ බව ඇයගේ පක්ෂයේ ආරංචි මාර්ග තහවුරු කළේය. කෙසේ නමුත් මේ වන විට ඇය කුමන රටක සිටින්නේ ද යන්න ඔවුහු අනාවරණය නොකළහ.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇයට අධිකරණය ඉදිරියේ පෙනී සිටිය නොහැකි බව ඉන් අනතුරුව අධිකරණයට දැනුම් දුන් ඇයගේ නීතිවේදීහු, නඩු තීන්දුව කල් දමන මෙන් ඉල්ලා සිටියහ. නමුත් එයට විරුද්ධ වූ අධිකරණය ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළ අතර, ඇයගේ ඇප මුදල්ද රාජසන්තක කරන ලදී. අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ලබන සැප්තැම්බර් 27 වෙනි දින දක්වා කල් තැබිණ.
2011දී බලයට පත්වීමෙන් අනතුරුව සහල් සඳහා වී ගොවියන්ට වෙළෙඳපොළේ මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් ගෙවීමේ වැඩසටහන අගමැතිනි යින්ලූක් ශිනවත් ක්‍රියාවට නැගුවේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමිනි. ඇය එසේ කිරීම හේතුවෙන් ආණ්ඩුවේ ගබඩාවල ගොඩ ගැසුණු සහල් විකුණා ගැනීමට නොහැකිව ඩොලර් බිලියනයකට ආසන්න පාඩුවක් සිදු වූ බව අනාවරණය වේ. ඉන් අනතුරුව ඇය 2015දී දෝෂාභියෝගයක් මගින් බලයෙන් පහ කළේය.
නමුත් ඇය විසින් ප්‍රකාශ කරනුයේ රටට එවැනි අලාභයක් සිදු වූ වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීමේදී කිසිදු වරදක් නොකළ බවයි. කෙසේ වෙතත් ඇය මේ සඳහා වැරදිකරු බව තීරණය වුවහොත් දස වසරක් දක්වා වූ සිරද~ුවමක් විඳීමට සිදුවිය හැකි අතර, දේශපාලනයේ යෙදීම ද ජීවිතාන්තය දක්වා තහනම් විය හැකිය.


ධනංජය සූරියබණ්ඩාර