ළමුන් යොදාගෙන කරන ත්‍රස්ත ප්‍රහාර දස ගුණයකින් ඉහළට

uni
පෙළපොත්, නිල ඇඳුම් ආයෙත් කඩෙන් ගන්න වෙයිද…?
September 8, 2017
indd
අධිකරණය හමුවේ ඉන්දීය ආණ්ඩුව පරාජයට
September 9, 2017
Show all

ළමුන් යොදාගෙන කරන ත්‍රස්ත ප්‍රහාර දස ගුණයකින් ඉහළට

war

බොකෝහරාම් ත්‍රස්ත කණ්ඩායම ලෝකය පුරා අන්තවාදය වපුරන සහ ඒ වෙනුවෙන් ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරන කණ්ඩායමක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙතෙක් ලොව කිසිදු ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිදු නොකළ ආකාරයකින් ඔවුන් තම ත්‍රස්ත ක්‍රියා ඉදිරියට ගෙන යමින් තිබේ. දැනට ලෝකයේ ප්‍රභල අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලිය හා කරට කර තරග කරන්නාක් මෙන් ඔවුන් ලෝකය දෙදරුම් කවන ආකාරයෙන් මිනිස් ජීවිත බිල්ලට ගනිමින් සිටිනුයේ වියරු ඔල්මොරොන්දම් ආකාරයකිනි.
එය 2014 වර්ෂයේ සිට වර්ධනය වෙමින් පවතින අතර, මේ වන විට එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. 2015 වර්ෂයේදී කරනු ලැබූ සමීක්ෂණයකට අනුව බොකෝ හරාම් ත්‍රස්ත කණ්ඩායම ලොව අංක එකේ දරුණුම ත්‍රස්තවාදී කල්ලිය ලෙස නම් කරනු ලබයි. ඒ එතෙක් ලොව අංක එකේ සිටි අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී කණ්ඩායම පරාජයට පත් කරමිනි. ලෝක දර්ශකයට අනුව සිදු කරනු ලැබූ මෙම සමීක්ෂණ වාර්තා වලට අනුව, 2013 – 2015 කාල සීමාව තුළදී අප්‍රිකාවේ බොකෝ හරාම් ත්‍රස්තවාදී කණ්ඩායම විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්ගෙන් පුද්ගලයන් 6,644 දෙනෙකු මිය ගොස් ඇත. මෙම අගය ඔවුන් ඊට ප්‍රථම සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් මරුමුවට පත් සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට 317%කටත් වඩා වැඩි ප්‍රවණතාවයකි. එසේම එම කාල සීමාව තුළදී පමණක් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම විසින් සිදු කළ පහරදීම්වලින් මරුමුවට පත් සංඛ්‍යාව 6,073කි. මෙම ත්‍රස්ත කණ්ඩායම් දෙකම විසින් අදාළ කාලය තුළදී 12,717 දෙනෙකුගේ ජීවිත මිහිපිටින් අතු ගා දමා තිබේ. එසේම මෙසේ දියත් කරන ලද ත්‍රස්ත ක්‍රියාවලින් මරණයට පත් සංඛ්‍යාව ලෝකයේම ගත් විට ඔවුන් දෙපාර්ශ්වය විසින් පමණක් 51%ක ජීවිත සඳහා වග කිව යුතුය.
මෙවැනි තත්ත්වයක් ඇති වීම මහත් භයානක මෙන්ම ඉතාමත් ඛේදනීයය. නමුත් එහි භයානකකම හා ඛේදනීයත්වය පෙරට වඩා දැන් ඇවිලී යමින් තිඛෙනුයේ ලෝකයම ත්‍රස්තවාදීන් හට ලියා දී ඇති අන්දමිනි. එය සනාථ වනුයේ, කිසිදු හේතුවකින් තොරව, කිසිදු බල තණ්හාවක් නොමැති බහුතරයක් දරුවන් හා මව්වරුන් පැහැරගෙන යාමෙනි. මෙසේ පැහැරගෙන ගොස් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට බලයෙන් හුරු කරවමින්, ඔවුන්ට අවශ්‍ය නානාප්‍රකාර වැඩ මේ දරුවන් හා මව්වරුන් ලවා කරවා ගනිමින් අවසානයේ ඔවුන් අත බෝම්බයක් තබා කිසියම් ස්ථානයක මිනිසුන් සමූල ඝාතනයක් කිරීමට යවයි. එය මෙරට පැවති ත්‍රස්තවාදී බෝම්බකරුවන්ට හා සමාන ක්‍රියාවකි. නමුත් බොකෝ හරාම් ත්‍රස්තවාදීන් ඔවුන් කොතරම් භයානකද යන්න ලෝකය හමුවේ සපථ කර තිඛෙන්නේද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප්‍රහාරයන්ගෙනි. ඒ ඔවුන් විසින් යොදා ගන්නා නව උපක්‍රමයකිනි. එය නම් මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් සඳහා හය හතර නොදත් කුඩා දරුවන් උපයෝගී කර ගැනීමයි.
පාසල් වයසේ පසුවන හා යාන්තම් පාසල් හමාර කළ දරුවන් මෙසේ පැහැරගෙන ගොස් ජීවිතය විඳින්නටවත් ඉඩ ලබා නොදී මරා දමයි. මෙසේ එල්ල කෙරෙන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මේ වසරේ ගත වූ මාස අට තුළදී පමණක් 83ක් වාර්තා වී තිබේ. එයින් අවස්ථා 55කදීම වයස අවුරුදු 15ට අඩු දරුවන් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. එය 2016 වසරට සාපේක්ෂව ගත් විට හතර ගුණයකටත් වඩා වැඩිය.
නමුත් නයිජීරියානු බොකෝහරාම් ත්‍රස්ත කණ්ඩායම මෙසේ දරුවන් ලවා සිය ත්‍රස්තක්‍රියා සිදු කරනු ලබන්නේ අද ඊයෙක නොවේ. දැනට වසර ගණනාවකට ඉහතදී මෙම කැරලිකරුවන් විසින් කුඩා ළමුන් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර තිඛෙන බවට විවිධ ආයතන, විවිධ වාර්තා මගින් ඔප්පු කර තිබේ. 2015 වසරේදී නයිජීරියාවේදී දමාටුරු නගරයේ එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එවන් සිද්ධියකි. එහිදී නයිජීරියානු හමුදාව විසින් ප්‍රකාශ කරන පරිදි 11 දෙනෙකුවත් අවම වශයෙන් මිය ගොස් ඇති අතර, බෝම්බකරුවන් දෙදෙනෙකු මේ සිද්ධියට සම්බන්ධය. ඉන් එක් බෝම්බකාරියක කාන්තාවක් වන අතර, අනෙක් බෝම්බකාරිය වයස අවුරුදු 10 පමණ කුඩා දැරියක වන බව පැවසේ. එසේම මෙවැනි ආකාරයෙන් 2014 වසරේදීද මෙතෙකැයි කියා කීමට නොහැකි තරම් ත්‍රස්තවාදීන් විසින් කුඩා දරුවන් යොදවා බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත. 2014 වර්ෂය තුළදී ළමුන් 125 දෙනෙකු මෙසේ බෝම්බකරුවන් ලෙස යොදාගෙන තිඛෙන බව හෙළි වේ.
එසේම 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කළ අන්දමට මෙම ත්‍රස්තවාදී කණ්ඩායම විසින් ළමුන් යොදා බෝම්බ ප්‍රහාර එල්ල කිරීම දස ගුණයකින් ඉහළ ගොස් තිඛෙන බව ප්‍රකාශ කරන ලදී. එසේ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර අතර, නයිජීරියාවේ කැමරූන් සහ චැඩ් යන රාජ්‍යවලට එල්ල කරන ලද ප්‍රහාරයන් සඳහා ළමුන් 44 දෙනෙකු යොදාගෙන ඇති බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දී තිබිණි. එය මෙම වසර තුළදී සිදු වූ දැවැන්තම ප්‍රහාරයක් වන අතර, එකවර ළමුන් විශාල ප්‍රමාණයක් සහභාගී කර ගත් ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස පෙන්වා දීමට පිළිවන.
ඉදින් ලෝකයේම අනාගතය මහත් ව්‍යසනයකට ලක්වන බව ඇස් පනාපිටම ඔප්පු වී හමාරය. දිනෙන් දින උග්‍ර වන ත්‍රස්ත ක්‍රියාකාරකම් සමගම ලෝකයේ ජීවත්වන බාල පරම්පරාව දිනෙන් දින අඳුරු ආගාධයන් කරා ඇද වැටෙමින් ඇති බව කාටත් වැටහෙනු ඇත. නමුත් මෙවැනි දේ පිළිබඳව පාලකයන් සිටිනුයේ කිසිත් නොදන්නා ගානටය. ඔවුන් තම තමන්ගේ ලෝක තනා ගනිමින් ජනතාව තව තවත් ඛෙදා වෙන් කිරීමට හා ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා උල්පන්දම් දෙමින් සිටියි. ඒ ඔවුන්ගේ පැවැත්ම සුරක්ෂිත කර ගැනීම සඳහාය. ඒ සඳහා වර්තමානය තුළදීද ඕනෑවටත් වඩා උදාහරණ ඇතත් මේ වන විට කාගේත් අවධානයට යොමු වී තිඛෙන ඇමෙරිකා – උතුරු කොරියා ප්‍රශ්නය පෙන්වාදීමට හැකි වේ.
මහා ධන කුවේරයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි යන බියෙන් සිදු තරනු ලබන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාව යුද්ධයට පෙළඹෙයි. එබැවින් මේ වන විට ආසියානු කලාපයම කැළඹී ඇත. ඒ හේතුව නිසාවෙන් ලෝකයේ රටවල් දැන් සිය ආරක්ෂාව වැඩි කර ගැනීමට උත්සාහ දරමින් සිටියි. නමුත් ඔවුන් එසේ සිදු කරනුයේ රටේ ජනතාවගේ දහසක් ප්‍රශ්න මැද්දේය. අවම වශයෙන් කෑමට යමක් සොයා ගැනීමටද ජනතාව දැන් විශාල පරිශ්‍රමයක් දැරිය යුතුව තිඛෙන්නේය. ඒ තරමට මේ පාලකයන්ගේ ජනතා සෙල්ලම් වර්ධනය වී පවතී. නමුත් මේ පාලකයන්ගේ ජනතා සෙල්ලම් නිසා දුක් විඳිනුයේ ජනතාවය. එයිනුත් කුඩා දරු දැරියන්ය. එනිසා අවසාන වශයෙන් සටහන් කරන්නට තිඛෙනුයේ ලෝක බලවතුන් යැයි කියා ගන්නා අයගේ අමනඥ ක්‍රියා හේතුවෙන් මේ වන විට එහි වන්දිය ගෙවන්නේ අහිංසක දරුවන් බවය.


ධනංජය සූරියබණ්ඩාර