ඇලෝසියස්ගේ පලා යාමෙන් රනිල් කොටුවෙයි

yuin look
නඩුව අතරේදී හිටපු අගමැතිනිය රටින් පනී
September 9, 2017
bimal 123
බදු පනතට එරෙහිව කලාකරුවන්ද පෙළගැසිය යුතුයි… (බිමල් රත්නායක)
September 13, 2017
Show all

ඇලෝසියස්ගේ පලා යාමෙන් රනිල් කොටුවෙයි

arjun

බැඳුම්කර මහා මූල්‍ය කොල්ලය සිදු කළ පර්පැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී නොසිට පළා යාමත් සමග අගමැති රනිල් වික්‍රමසිංහ අංශ ගණනාවකින් කොටු වෙමින් සිටින බව අනාවරණය වේ.
සිංගප්පූරුවේ පුරවැසියකු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගෙන මහ බැංකුවේ අධිපති ධුරයට පත් කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ බහුතරයකගේ විරෝධය ද නොතකාය. එම අවස්ථාවේදී අර්ජුන් මහේන්ද්‍රන් ගැන සම්පූර්ණ වගකීම භාර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ සහතික වී තිබිණි.
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ධුරයට පත් කර සති හතරක් ඉක්ම යාමට පෙර 2015 පෙබරවාරි මස 27 වැනි දින මහා පරිමාණයේ පළමු බැඳුම්කර මූල්‍ය අපරාධය කරනු ලැබී ය. අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පැචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් එම මූල්‍ය කොල්ලය සිදු කරනු ලැබීය. ඉන් පසුව දිගින්දිගටම රනිල් වික්‍රමසිංහ විසින් අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරනු ලැබීය.
බැඳුම්කර කොල්ලයට සෘජුවම සම්බන්ධ බව ඔප්පු වී සිටින අර්ජුන් ඇලෝසියස් කොමිසම හමුවේ පෙනී නොසිට පළා යාමෙන් අගමැති රනිල් මෙයට වගකිව යුතු ප්‍රධානියා සේ කොටු වෙමින් සිටී.
පළමු බැඳුම්කර කොල්ලය කිරීමෙන් පසුව අගමැතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ත්‍රිපුද්ගල නීතිඥ මඩුල්ලක් පත් කර ඒ පිළිබඳව සොයා බලන ලද අතර. එහිදී ලංකා බැංකුවේ මුදල් මෙම කොල්ලයේ අතරමැදි ගනුදෙනු සඳහා යෙදවීම සම්බන්ධයෙන් වැරැදිකරුවන් කරවීය. ඉන් පසුව ඩිව් ගුණසේකර ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් පැවති කෝප් කමිටුව හමුවේ මෙය විමර්ශනය කළ අවස්ථාවේ එහි සාමාජිකාවක සිටි රෝසි සේනානායක විසින් දිගින්දිගටම විවිධ බාධා කිරීම් කරනු ලැබූ අතර, එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. දැන් රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක ද මෙම වංචාවට සම්බන්ධ බවට හෙළි වී තිබේ.
ඉන් පසු සුනිල් හඳුන්නෙත්ති මන්තී්‍රවරයාගේ සහාපතිත්වයෙන් කෝප් කමිටුව පරීක්ෂණ කරගෙන යන අතර. එක්සත් ජතික පක්ෂයේ එම කමිටු සාමාජිකයන් සියලු දෙනා එහි කටයුතුවලට දැඩි බලපෑම් කරනු ලැබීය. එයින් නොනැවතී රජයේ විගණකාධිපතිවරයාට ද බලපෑම් කරනු ලැබීය. කෙසේ හෝ එම කමිටුවේ වාර්තාව සකස් කිරීමේ දී එජාපයේ සාමාජිකයන් සියලු දෙනා වාර්තාවට පාද සටහන් (ෆුට්නෝට්) තබන පිළිවෙතක් අනුගමනය කළේය. මෙම අවස්ථා සියල්ල තුළම අගමැති රනිල් සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බව තහවුරු වී අවසන්ය.


ප්‍රියදර්ශන දයාරත්න