බදු පනතට එරෙහිව කලාකරුවන්ද පෙළගැසිය යුතුයි… (බිමල් රත්නායක)

arjun
ඇලෝසියස්ගේ පලා යාමෙන් රනිල් කොටුවෙයි
September 13, 2017
lohan
මහින්දගේ ආණ්ඩුවෙත් බැඳුම්කර කොල්ලකරුවෙක්
September 13, 2017
Show all

බදු පනතට එරෙහිව කලාකරුවන්ද පෙළගැසිය යුතුයි… (බිමල් රත්නායක)

bimal 123

කලාකරුවන්ට සහ කලාවට මිනීවළ කපන යහපාලන රජයේ නව බදු පනතට එරෙහිව රටේ පොදු මහ ජනතාව මෙන්ම කලාකරුවන් ද කොන්දේසි විරහිතව පෙළගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ සමාජවාදී කලා සංගමය මඟින් පසුගිය 6 වැනිදා බත්තරමුල්ල, පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, යෝජිත බදු පනත මගින් සියලුම ක්ෂේත්‍රයන්ට අදාළව බදු පනවලා. මේ බදු පනත කරළියට පැමිණි මුල් අවස්ථාවේම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප ඊට විරුද්ධව ආණ්ඩුවට බලපෑම් කළා. ඊට එරෙහිව ජනමතයක් ගොඩනැගුවා. ජනතාව දැනුම්වත් කළා, සම්මන්ත්‍රණ පැවැත්වූවා. ඒ නිසාම ගොඩනැගුණු ජනතා විරෝධය නිසා ආණ්ඩුව පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් කරන එක පවා පමා කළා. නැවත ආණ්ඩුව මෙය ඉදිරිපත් කර තිඛෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ කලා සංගමය ලෙස මෙම පනත කලාව, සාහිත්‍ය ක්ෂේත්‍රයේ නියළෙන කලාකරුවන්ට බලපාන ආකාරය පිළිබඳව සංවාදයක යෙදිය යුතු බව කල්පනා කළා. යහපත් කලාවක් වෙනුවෙන් නිර්මාණය කරන කලාකරුවන්ගේ අයිතිය මෙම පනතින් අහිමි වෙලා යනවා. රටක සංස්කෘතියේ ජීවනාලිය බඳු කලාවට බදු ගැසීම නිසා නිර්මාණ බිහි නොවීමෙන් ඇති වන සංස්කෘතියේ ගරා වැටීම පරම්පරා ගණනාවකට බලපානවා. මේ බදු පනතට මිනිස්සු අලි, ඇත්තු, මැණික්, ස්වර්ණාභරණ සියලුම දේවල් අහුවෙලා තිඛෙන්නේ. ක්ෂුද්‍ර ජීවීන් විතරයි මේ බදුවලට අහුවෙලා නැත්තේ. යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා මෙනවිය ප්‍රකාශ කළේ ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති නව බදු පනතින් කලාකරුවන්ටත් විශාල ලෙස බදු පනවා ඇති බවයි. රටේ පුරවැසියන් ලෙස කලාකරුවන් ද ආණ්ඩුවට බදු ගෙවිය යුතුයි. නමුත් කලා කටයුතු වෙනුවෙන් කලාකරුවන්ට ලැබිය යුතු අවම පහසුකම්වත් ලබා නොදී ආණ්ඩුව බදු පනවන එක බලවත් අසාධාරණයක්. කලින් පැවති බදු පනතට අනුව කලා ක්ෂේත්‍රයේ විවිධ ක්ෂේත්‍ර බදුවලින් නිදහස් කර තිබුණා. අලුත් පනතින් සෑම ක්ෂේත්‍රයක්ම බදුවලට යටත් කොට තිඛෙනවා. අද නාට්‍ය කලාව ඇතුළු සියලුම කලාවන් කිසිම පහසුකමක් නැතිව අසරණ තත්ත්වයට පත්වෙලා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා මේ බදු පනත වහාම අකුළා ගන්නා ලෙස යැයි දීපානි සිල්වා මෙනෙවිය වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින්නේ අපේ රට සංස්කෘතික කාන්තාරයක් බවට පත් කිරීමට යැයි සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති වැලිසරගේ මහතා අපි කලාකරුවන් ලෙස මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ කලාවේ සංස්කෘතියේ සාහිත්‍යයේ අභිවර්ධනයක්. නමුත් දැන් තිබුණටත් වඩා පහළට වැටිලා. රටක ජනතාවගේ හෘදයසාක්ෂියේ ප්‍රකාශනය තමයි කලාව කියන්නේ. කලා සාහිත්‍ය ක්ෂේත්‍ර මුදල් උපයන ක්ෂේත්‍ර නෙමෙයි. නමුත් අද සියලුම ක්ෂේත්‍රවල කලා නිර්මාණකරුවන් මේ බදු පනතට යටත් කරලා තිඛෙනවා. මෙය පරාජය කිරීමට සියලු දෙනා එකතු විය යුතු යැයි වැලිසරගේ මහතා වැඩිදුරටත් පැවසීය.
මාමා පටන් ගත්ත දේ බෑනා වඩාත් හොඳින් ඉටු කරමින් සිටින බව ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා මහතා පවසයි. රංගන ශිල්පියෙකුගේ ආදායම යනු ස්ථාවර එකක් නෙමෙයි. කලා ක්ෂේත්‍රයේ නියළෙන නිර්මාණකරුවන්ට ලැඛෙන සුමෙන් ආණ්ඩුව බද්දක් අය කරනවා නම් ඒ ආණ්ඩුව ගැන තවදුරටත් කතා කරලා වැඩක් නැහැ. අපේ නිර්මාණකරුවන් විශාල දුෂ්කරතා මැදයි නිර්මාණ කරන්නේ. මට මගේ නාට්‍ය දෙකක් කරන්න මගේ බිරිඳගේ ස්වර්ණාභරණ උකස් කරන්න සිදු වුණා. එවැනි අසීරුතා මැද්දෙ නිර්මාණකරණයේ යෙදෙන කලාකරුවන්ගෙන් බදු අය කිරීමට තරම් ආණ්ඩුව බංකොලොත් වී තිඛෙනවා. ඒ නිසා මේ බදු පනත පරාජයට පත් කළ යුතු යැයි චන්ද්‍රසෝම බිංදුහේවා මහතා වැඩිදුරටත් පැවසීය. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පිළිතුරු ලබා දීමක් ද සිදු කළේය. මේ අවස්ථාවට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කලාකරුවෝ
රැසක් සහභාගී වී සිටියහ.


එස්. කේ. ගමගේ