බැඳුම්කරයෙන් මහා පිපිරීමක්!

logo viii
අලුත් ආර්ථීකයෙන් සමෘද්ධිය කපයි
September 13, 2017
samu 111
මහින්දගේ ඡන්ද ගැටයක් වරදී… සමෘද්ධි කොල්ලයක් ගැන පරීක්ෂණ
September 15, 2017
Show all

බැඳුම්කරයෙන් මහා පිපිරීමක්!

voice record

මකා දමන ලද හඩ පට නැවත යථා තත්ත්වයට පත්කර (Recovery) බැඳුම්කර කොමිෂන් සභාව විසින් ශ්‍රවණය කරමින් සාක්ෂි විභාගයට ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම කොල්ලය පිටුපස සිටින ඉහළම දේශපාලනඥයන් හෙළි වී ප්‍රබල දේශපාලන පිපිරීමක් ඉදිරි සති දෙක තුළ සිදුවීමේ ඉඩක් නිර්මාණය වී ඇතැයි අනාවරණය වේ.
නිර්මාණය වී ඇති තත්ත්වය හමුවේ බැඳුම්කර කොමිෂන් සභා කාර්යාලයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති අතර කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ද යොදවා තිබේ. ඊටත් අමතරව කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙන අයගේ සහ පවුල්වලට අවශ්‍යතාවය අනුව විශේෂ ආරක්ෂාව සලසා දෙමින් සිටී.
මකාදමන ලද හඩ පට යළි සක්‍රීය කිරීමත් සමග මේ වන විට හෙළි වී තිඛෙන ප්‍රධානම තොරතුර වන්නේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී රෝසි සේනානායක මන්ත්‍රීවරියක් වශයෙන් මෙයට පෙර කෝප් කමිටුවේ සාමාජිකාවක්ව සිටියදී අභ්‍යන්තර රහස් පිටකළ බවය. මෙම පරීක්ෂා කිරීමේදී රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක ද බැඳුම්කර කොල්ලයට හවුල් වී තිඛෙන බව අනාවරණය වී ඇත.
මේ ආකාරයෙන් වගකිවයුත්තන්ගේ නම් රැසක් හෙළි නොවන පරිදි අන්වර්ථ නම් වලින් හඳුන්වමින් කොල්ලය කර තිඛෙන අතර එම අන්වර්ථ නම් වලින් හැඳින්වෙන පුද්ගලයන් කවුදැයි කොමිසමේ සාක්ෂි විභාගයෙන් හෙළිවෙමින් තිබේ. හඩ පට මකා දැමීම සහ මකාදමන ලද හඩ පට වලින් ඉහළම දේශපාගනඥයන් හෙළිවීමත් සමග පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද එයින් ඉවත්වීමේ සූදානමින් සිටී. රාජ්‍ය රහස් දෙපාර්තමේන්තුව ගන්නා ලද අතිශය රහසිගත සංවේදී තොරතුරු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යටතේ ඔහුගේ බෑනාගේ සමාගමට ලැබී ඇත. ඊට අමතරව බැඳුම්කර වෙන්දේසි වලට සහභාගී වන සේවක අර්ථසාධක අරමුදල ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන ආයතන ද රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශයේ ආයතන ගැන ද බෑනාගේ සමාගමේ මූල්‍ය මංකොල්ලය වෙනුවෙන් යොදවාගෙන තිබිණ.
මේ සියලු දේ පිටුපස සිට කි්‍රයාත්මක වූ බලගතුම දේශපාලන හස්තය ඉදිරි සති දෙක තුන තුළදී හෙළි වී දේශපාලනයේ ප්‍රබල පිපිරීමක් සිදුවීමේ තත්ත්වයක් පවතී.


ප්‍රියදර්ශන දයාරත්න