මහපාර විකුණන්න කැබිනට් අනුමැතිය

sai sliit
SAITM – SLIITඈඳීමේ කුමන්ත්‍රණයක්
September 13, 2017
car 12
අගමැතිට සැප වාහනයක් ගන්න කෝටි හයක පරිපූරකයක්
September 13, 2017
Show all

මහපාර විකුණන්න කැබිනට් අනුමැතිය

high way

දැනට ඉදි කර ඇති සහ ඉදිරියේදී ඉදි කිරීමට නියමිත අධිවේගී මාර්ග සියල්ල පෞද්ගලික අංශයට විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මේ බව හෙළි වී ඇත්තේ පසුගිය 07 වනදා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සහ වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවකදීය.
එහිදී අනාවරණය වී තිඛෙන්නේ පසුගිය ජුනි මාසයේදී මෙම අධිවේගී මාර්ග පෞද්ගලික අංශයට පැවරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර යෝජනාව සම්මත වීමට පෙර එය සිදු කරන ආකාරය පිළිබඳ කරුණු සොයා බැලීමට මේ වන තෙක් කල් ලබා දී ඇති බවත්ය. කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනත් ස්ථාවරයක සිට පවසා ඇත්තේ මේ වන විට වැඩ අවසන් කර ඇති මාර්ග විකිණීමට තමන් එකඟ නොවන බවයි. එහෙත් ඉදි කරන මාර්ග පෞද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද විරෝධතාවයක් දක්වා නැත.
මේ අනුව අධිවේගී මාර්ග පෞද්ගලික අංශයට පැවරීමට අදාළ ක්‍රියාමාර්ග නුදුරේදීම ක්‍රියාවට නැගෙනු ඇති බව වෘත්තීය සමිති ආරංචිමාර්ග පවසයි.


චතුර දිසානායක