මහින්දගේ ආණ්ඩුවෙත් බැඳුම්කර කොල්ලකරුවෙක්

bimal 123
බදු පනතට එරෙහිව කලාකරුවන්ද පෙළගැසිය යුතුයි… (බිමල් රත්නායක)
September 13, 2017
jvp
ආණ්ඩුව ඉවත දැමූ විගණන පනත ජවිපෙන්
September 13, 2017
Show all

මහින්දගේ ආණ්ඩුවෙත් බැඳුම්කර කොල්ලකරුවෙක්

lohan

පසුගිය රාජපක්ෂ පාලන සමයේ මහ බැංකු බැඳුම්කර වංචා මගින් රුපියල් කෝටි 1,200ක පමණ මුදලක් අයථා ලෙස ලොහාන් රත්වත්තේගේ මූලිකත්වයෙන් උපයාගෙන ඇතැයි හෙළි වී ඇති බව වාර්තා වේ. පසුගිය පාලන සමයේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. මෙය සම්බන්ධයෙන් පැවති දේශපාලන පසුබිම පිළිබඳ කෙරෙන විමර්ශනවල දී හෙළි වන්නේ නාමල් රාජපක්ෂගේ නිල බළකායේ ක්‍රියාකාරිකයකු වශයෙන් ලොහාන් සිටීම තුළින් අයථා ලෙස උපයාගෙන ඇති මුදල් ඛෙදී යන්නට ඇති බවය.
වාර්තා වන තොරතුරු නිවැරදි නම්, බැඳුම්කර මගින් රජයට ණය මුදල් ලබා ගැනීමේදී තවත් බරපතළ මූල්‍ය අපරාධ රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වනු ඇතැයි කියවේ. රාජපක්ෂ පාලන සමයේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය කිරීමට ද වෙනම කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු යැයි යනුවෙන් මතයක් ද වර්ධනය වී තිබේ.


ප්‍රියදර්ශන දයාරත්න