සයිටම් විරෝධී රථ පෙළපාළි සූදානම්

car 12
අගමැතිට සැප වාහනයක් ගන්න කෝටි හයක පරිපූරකයක්
September 13, 2017
air lanka
ජනාධිපතිට වඩා ලොකු 189 දෙනෙකු හෙළි වේ
September 13, 2017
Show all

සයිටම් විරෝධී රථ පෙළපාළි සූදානම්

road show

සයිටම් විරෝධී ජන පවුර විසින් සංවිධානය කරන සයිටම් විරෝධතා ක්‍රියාමාර්ගයන්හි එක් අදියරක් වන සයිටම් විරෝධී රථ පෙළපාළි සංවිධාන කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් තිඛෙන බවට තොරතුරු වාර්තා වේ.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන අයුරින් ස්ථාන පහකින් ආරම්භ කර කොළඹට ළගාවීමට නියමිත මෙම රථ පෙළපාළි සඳහා එක් ප්‍රධාන මාර්ගයක අවම වශයෙන් රථ 500 ක් ඉක්මවන ප්‍රමාණයක් සහභාගී කරවන බව එහි සංවිධායකයෝ මාධ්‍යයට පැවසූහ.
ඒ අනුව ලබන 12 වනදා යාපනය, ත්‍රීකුණාමලය, මඩකලපුව, ගිනිගත්හේන, තිස්සමහාරාම යන නගරවලින් මෙම රථ පෙළපාලි ආරම්භවීමට නියමිතය.
යාපනය පෙළපාළිය වව්නියාව, අනුරාධපුර, හලාවත හරහා කොළඹටත්, ත්‍රීකුණාමලය පෙළපාළිය දඹුල්ල, කුරුණෑගල, ගම්පහ හරහා කොළඹටත්, මඩකලපුව පෙළපාළිය අම්පාර, නුවර, කෑගල්ල හරහා කොළඹටත්, ගිනිගත්හේන සිට බදුල්ල, රත්නපුර, අවිස්සාවේල්ල හරහා කොළඹටත්, තිස්සමහාරාම සිට මාතර, ගාල්ල, කළුතර හරහා කොළඹටත් පැමිණීමට නියමිත අතර 15 වන දින සවස 2.00ට ලිප්ටන් වටරවුමේදී ප්‍රධාන ජන රැලිය පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබේ.


වෙනුර කරගස්තැන්න