හොඳම මුදල් ඇමති වෙන්න කෝටි 16ක් සන්තෝසම් දීලා

air lanka
ජනාධිපතිට වඩා ලොකු 189 දෙනෙකු හෙළි වේ
September 13, 2017
logo viii
අලුත් ආර්ථීකයෙන් සමෘද්ධිය කපයි
September 13, 2017
Show all

හොඳම මුදල් ඇමති වෙන්න කෝටි 16ක් සන්තෝසම් දීලා

ravi 1111

හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා එම ධුරය දරන කාලයේදී ආසියාවේ හොඳම මුදල් ඇමති සම්මානය ලබා ගැනීම වෙනුවෙන් කෝටි 16ක මුදලක් වියදම් කර ඇති බව උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි. එම සම්මානය ලබා දුන් ‘ද බෑන්කර්’ සඟරාවට ඩොලර් මිලියනයක් ලබා දී ඇති බවද ඔහු ජනහමුවක් අමතමින් කියා සිටියේය.
2017 වසරේ ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස ‘ද බෑන්කර්’ සඟරාව විසින් රවී කරුණානායක මහතා නම් කරනු ලැබූ අතර ඊට හේතු ලෙස එම සඟරාව පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථීකය නිසි ලෙස කළමනාකරණය කරමින් ආර්ථීක ස්ථාවරත්වයකට රට ගෙන ඒම සම්බන්ධයෙන් ක්‍රියාශීලී මැදිහත් වීමක් සිදු කිරීමයි. ඔහු ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය වැළැක් වූ බවත් මුදල් සංචිත ස්ථාවර කරමින් විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කළ බවත් සඟරාව වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.


චතුර දිසානායක