SAITM – SLIITඈඳීමේ කුමන්ත්‍රණයක්

jvp
ආණ්ඩුව ඉවත දැමූ විගණන පනත ජවිපෙන්
September 13, 2017
high way
මහපාර විකුණන්න කැබිනට් අනුමැතිය
September 13, 2017
Show all

SAITM – SLIITඈඳීමේ කුමන්ත්‍රණයක්

sai sliit

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුව විසින් සයිටම් ආයතනය මාලඹේ පිිහිටුවා ඇති SLIIT ආයතනයට අනුයුක්ත කිරීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
පසුගිය 6 වන දින නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා ප්‍රමුඛ කමිටුව අරලිය ගහ මන්දිරයේදී රැස්ව ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද සහභාගී වන ලෙස දැනුම් දී තිබේ. එහිදී කමිටුව විසින් තම යෝජනාව වෛද්‍ය සභාවට දැනුම්දී ඇති අතර එහිදී සයිටම් නම ඉවත් කර මෙම ආයතනය SLIIT (Sri lanka Institute of Information Technology) ආයතනය හා ඒකාබද්ධ කිරීම එම කමිටුව විසින් යෝජනා කර තිබේ.
එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එම යෝජනාවට දැඩි විරෝධය පළකර ඇතත් පසුගිය අගෝස්තු 23 වන දායින් සිය ධුර කාලය නිමවී සිටින වෛද්‍ය සභාවේ හිටපු උප සභාපතිනිය වන මහාචාර්ය නිලන්ති ද සිල්වා සමග විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා යන අයවළුන් විසින් එම යෝජනාවට එකඟ වන ලෙස වෛද්‍ය සභාවට බලපෑම් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
2015 වර්ෂයේදී SLIIT ආයතනය මගින් වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම සඳහා වෛද්‍ය සභාවෙන් අවසර ඉල්ලා ඇති අතර ඒ සඳහා ද මහාචාර්ය මොහාන් ද සිල්වාගේ මැදිහත්වීම සිදුව ඇති බවත් SLIIT ආයතනය මොහාන් ද සිල්වාගේ බෑනණුවන්ගේ පියා වන මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපතිවරයෙකු වන එල්.එල්. රත්නායකගේ සභාපතීත්වයෙන් යුත් ආයතනයක් බවත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.
සිය ධුර කාලය ඉක්මවී තිබියදීත් වෛද්‍ය සභාවට බලපෑම් කිරීමට මහාචාර්ය නිලන්ති ද සිල්වාට අයිතියක් නොමැති බව පවසන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වන විට වෛද්‍ය සභාවේ සභාපති හා උප සභාපති ධුර දෙකම පුරප්පාඩු වී ඇති බවද පවසයි. SAITM, SLIIT හා සම්බන්ධ කිරීමේ කමිටුවේ යෝජනාව ලබන 11 වන දින ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව ඇති අතර සයිටම්ට එරෙහි අධිකරණ කටයුතු වලදීද ආණ්ඩුවේ ස්ථාවරය වශයෙන් කමිටුවේ මෙම තීරණය අධිකරණයට ඉදිරිපත් කිරීමට ද සූදානමක් පවතින බවද වාර්තා වේ.


කිත්සිරි කොඩිතුවක්කු