උපවාස ලෙඩේ දිනේෂ්ටත්

sdg
රේගුවට දාපු වෙට්ටුව මාර නෑ නේ ඩඩ්ලි!
September 20, 2017
dgfmj
විදුලි පුටුව
September 20, 2017
Show all

උපවාස ලෙඩේ දිනේෂ්ටත්

wddwwegf

මෛත්‍රී නෙළුම් කුලුණ මුදුනට නැග ගොළු මුහුදෙන් එහා ඉන්දියාව දෙස බැලීය. මෙසේ ඉන්දියාව දෙස බැලීමට පෙරුම්පිරූයේ මෛත්‍රී නොව මහින්ද වන්නේය. නමුත්, මහින්දට සිදුව තිබුණේ නෙළුම් කුලුණ පාමුල සිට සුසුම් හෙළීමට පමණය. බලලෝභී දේශපාලනයේ ස්වභාවය කොතරම් වේදනාකාරීද යන්න මහින්ද අත්විඳ ගත්තේය. බලය තිබුණු කාලයේ මහින්දට නොතිබූ මොළයක් දැන් හෝ ලැබී නොමැති බව කරන කියන දේවලින් ඉතා හොඳින් පැහැදිලි වන්නේය.

මෛත්‍රීගේ උස

මෛත්‍රී නෙළුම් කුලුණ උඩට නැග්ගේ තවත් පැත්තකින් උඩට ගොස් සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැට හය වැනි සංවත්සරය පවත්වා තමන්ගේ ස්ථාවරය ගොඩනගා ගැනීමේ යම් සාර්ථකත්වයක් ලබා ගැනීමෙන් පසුවය. මහින්ද ශ්‍රීලනිපයේ සභාපතිකමට දවල් හීන දකිමින්, උසාවි යන විට මෛත්‍රී ප්‍රශ්නයක් නැතිව උඩට නැඟ තිබුණේය. තවත් පැත්තකින් ද මෛත්‍රී උඩට නැග තිබුණේය. ඒ මහින්ද පෙනී සිටින ‘රණවිරුවන්ගේ’ ගැලවුම්කාරකමත් මහින්දට අහිමි කරමින්ය. සංවත්සරයේදී මෛත්‍රී තදින් කියා තිබුණේ, ‘කිසිම රණවිරුවකු දඩයම් කිරීමට තමන් ජනාධිපතිව සිටින තෙක් ඉඩ දෙන්නේ නෑ…’ යනුවෙන්ය. එයින් ද මහින්දට හුළං බීමට සිදු වූ බව පැහැදිලි වී තිබුණේය.

මහින්දගේ ලොකු පුතා

මේ අතර මහින්දගේ දේශපාලන ලොකු පුතා වීරවංස පසුගිය 29 වැනිදා ඔහුගේ වෙබ් අඩවියේ ඉතාම ජරා සිරස්තලයකින් ප්‍රවෘත්තියක් පළ කර තිබුණේය. ‘විපක්ෂ නායක සම්බන්ධන් මහින්ද ඉදිරියේ වැඳ වැටේ’ යනුවෙන්ය. මේ මගින් වීරවංසගේ නින්දිත ජාතිවාදී හැඟීම් යළිත් එළියට දමා තිබුණේය. නමුත්, සිදු වී තිබුණේ එහි අනෙක් පැත්ත වන්නේය. එනම් මේ වන විට ඉදිරිපත් කර තිඛෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට ආරාධනා කර තිබීමය. විපක්ෂ නායක සම්බන්ධන් ද නිහතමානීව එම ආරාධනය පිළිගෙන පසු පෙළ මන්ත්‍රී මහින්ද හමු වීමට ගොස් තිබුණේය. එසේ හමු වී කළ සාකච්ඡාවේදී සම්බන්ධන් ඉල්ලා තිබුණේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන ලෙසය. නමුත්, මහින්ද එම අවස්ථාවේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණේය. නමුත්, මහින්දගේ ලොකු පුතාගේ වෙබ් අඩවියේ එම ප්‍රවෘත්තිය පළ කර තිබුණේ, විපක්ෂ නායකයාට මඩ තලියක් ගැසීමේ අරමුණින් බව පැහැදිලිය.

උපවාස ලෙඩේ දිනේෂ්ටත්

වීරවංසට වැළඳී තිබුණු උපවාස ලෙඩේ දැන් දිනේෂ්ටත් බෝ වීගෙන එන බව පෙනෙන්නට තිඛෙන්නේය. පසුගිය 02 වැනි සෙනසුරාදා කෙම්මුර දිනයේ දිනේෂ් කතරගමට ගොස් තිබුණේය. ආරංචිමාර්ග සඳහන් කරන්නේ කතරගමට යන තුරුම දිනේෂ් කිසිදු රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකළ බවය. නමුත්, කතරගමට ගිය සැණින් දිනේෂ් ආවේශ වී ඇත්තේය. තමන්ගේ අනුගාමික මන්ත්‍රීන් විශාල පිරිසකට කතා කර කතරගමට වහාම යන ලෙස දන්වා තිබුණේය. මෙසේ කියමින්, දුරකථන ඇමතුම් දුන් සැණින් ආවේශය ඉහළටම ගොස් තිබුණේය. ‘මම රටේ ඒකීය භාවයේත්, බුද්ධ ශාසනයේත් ආරක්ෂාව වෙනුවෙන් සත්‍යග්‍රහයක් දැන් පටන් ගන්නවා’ යනුවෙන් ප්‍රකාශ කර ඇත්තේය. දිනේෂ් ලබා දුන් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් සාවධානව ඇහුම්කන් දීමට සානුකම්පික වී සිටියේ චමල් රාජපක්ෂ සහ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක්ය. මේ බව දැක කම්පනයට පත් වූ දිනේෂ් සත්‍යග්‍රහය නතර කර ඇත්තේය. දිනේෂ් වෙනුවෙන් එහි ගොස් සිටි පිරිස කතා කර ඇත්තේ, වෙනත් කරුණක් වන්නේය. ‘මෙයත් මේ මාරාන්තික උපවාස කරන්න ද දන්නෙ නෑ ට්‍රයි කරන්නේ… ඒ ලෙඩේ බෝ වුණොත්, නරකත් නෑ…’ යනුවෙන් කියා ඇත්තේය.

මහින්දට වංසගේ හීනමානය

පසුපෙළ මන්ත්‍රීවරයකු වීමට සිදු වී ඇති මහින්දට තිඛෙන හීනමානයට වැඩි හීනමානයකින් වීරවංස පෙළෙමින් සිටින බව බොහෝ විට හෙළි වී ඇත්තේය. දැන් එය උග්‍ර තත්ත්වයකට පත් වී ඇති බව හෙළි වන්නේය. වීරවංසගේ වෙබ් අඩවියේ මේ බව කියවෙන ප්‍රවෘත්තියක් පසුගිය සතියේ පළ වී තිබුණේය. ‘කලා ලොවේ දැවැන්තයෙක් මහින්ද ඉදිරියේ වැඳ වැටේ’ යනුවෙන්ය. නෙළුම් පොකුණේ දී රොෂාන් ප්‍රනන්දු නම් ගායකයා පවත්වන ලද ප්‍රසංගයක්ය. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගෙන්වාගෙන ඇත්තේ ද මහින්දමය. මහින්ද වේදිකාවට ගොඩ වූ විට රොෂාන් ප්‍රනාන්දු මහින්දට වැඳ නමස්කාර කර ඇත්තේය. වීරවංසගේ කලා ලොවේ දැවැන්තයන් ගැන එයින් හෙළි වී තිඛෙන්නේ තමන්ගේ හීනමානයේ තරම ද සමගින්ය.

රනිලුත් අරින්නේ නෑ

මෛත්‍රී – රනිල් දෙදෙනාම දැන් ආර්ථීක යුද්ධය කරට ගෙන ඇත්තේය. එකෙකුටවත් දෙවැනි වෙන්නට හීනෙන්වත් නොසිතන බව පෙනෙන්නේය. අවුරුදු දෙකක් බලා හිඳ මෛත්‍රී ආර්ථීකයට කර ගැසීය. ජාතික ආර්ථීක සභාව පිහිටුවූයේය. වැඩ පටන් ගත්තේය. මෛත්‍රී මේ ක්‍රියාමාර්ගවලට එළඹියේ රනිල් බලය පතුරුවාගෙන සිටි ආර්ථීක කළමනාකරණ කමිටුව ආන්බාන් කර ගැනීමට බව පැහැදිලි වී තිබුණේය. නමුත්, රනිල් ද ලේසියෙන් අත්හැර නොයන්නේය. කුමන හෝ ජිල්මාට් දමන්නේය.

රනිල්ගේ නොදැක්ම

‘දැක්ම 2020’ යනුවෙන් ආර්ථීක ලියවිල්ලක් පසුගිය 04 වැනිදා එළියට දමන ලද්දේ මෛත්‍රීගේ ජාතික ආර්ථීක සභාවට ඇටෑක් කිරීමට බව හොඳින්ම පැහැදිලි වන්නේය. නමුත්. ඒ තුළ නම් තිබුණේ පුස්සක් පමණක්මය. රැකියා දශලක්ෂය, ඒකපුද්ගල ආදායම ඩොලර් 5,000ක් කිරීම, විදේශ ආයෝජන ඩොලර් බිලියන 5ක් කර ගැනීම ආදී පරණ කතාන්දර පමණක් තිඛෙන්නේය. මහින්ද සභාපතිකම ඉල්ලා ඇනගෙන සිටින තරමට රනිල් ද මෙයින් ඇනගෙන ඇති බව පැහැදිලි වන්නේය. රනිල් – මෛත්‍රී දෙදෙනාම මේ ලියවිල්ල එළිදක්වන වේදිකාවේ එකට සිටියෝය. නමුත්, ආර්ථීක දැක්ම ජනතාවට පිරිනැමුවද, මෛත්‍රී ඒ වේදිකාවේ සිටියේ, රනිල්ට හුඟක් දුරින්ය. ‘පෑහීමක් නෑ’, ‘නොකෙරෙන දීගේ හෙවණැල්ලත් ඇදලූ’ කියන්නේ මේකට වන්නේය.
ගීතාට වෙච්ච දේ මහින්ද කණ්ඩායමේ ප්‍රධාන කාන්තා චරිත දෙකෙන් එකක් වී සිටින්නේ ගීතා කුමාරසිංහය. ගීතා මුලින්ම 2010 මහා මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කොට ඇන ගත්තාය. යළි 2015දී තරග කොට යාන්තම් මන්ත්‍රී ගැට්ටේ එල්ලුණාය. පුවක් ගහෙත් දෙබලක් කියන්නා සේ ලැබුණු මන්ත්‍රීකම ද කරගෙන යාමට නොහැකි තත්ත්වයක් වී ඇත්තේ, ද්විත්ව පුරවැසිභාවය ගැන කියමින්, අධිකරණයේ නඩු පවරා තිඛෙන බැවින්ය. අධිකරණයේ තීරණය වී තිඛෙන්නේ ගීතාගේ මන්ත්‍රීකම අවලංගු බවය. ඒ අස්සේ ගීතාගේ ගෑස් සිලින්ඩරය පුපුරා තුවාල ලබා සිටීමට සිදු වී ඇත්තේය.

අනුරගෙන් බාල්දියක්

ජනතා විමුක්ති විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය හතරවෙනිදා රැස් වූයේ ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ දී පාර්ලිමේන්තුවේ කාර්යභාරයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වූයේ ජාතික ආණ්ඩුවේ වසර දෙකක කාලය සැප්තැම්බර් 02න් අවසන් වීම, විගණන පනත, දේශීය ආදායම් පනත, 20වැනි සංශෝධනය ආදී කරුණු ගැනය. ‘ආණ්ඩුවට තවදුරටත් ජාතික ආණ්ඩුව ලෙස පෙනී ඉන්න පුළුවන්කමක් නැහැ. මොකද? මේ ජාතික ආණ්ඩු එකඟතාවයට දැන් වසර දෙක සම්පූර්ණ වෙලා ඉවරයි. ඒ නිසා දැන් ආණ්ඩුවේ ඉන්න ඇමති ධුර ගණන 30ට බස්සන්න ඕනෑ.’ අනුර දිසානායක විශේෂ කරුණක් ඉදිරිපත් කළේය. ‘ඔව්, එජාපයටයි, එජනිසයටයි ජාතික ආණ්ඩුවක් ඕන වුණේ ඇමති ධුර වැඩි කර ගන්න. ජාතික ආණ්ඩුවට මුවා වෙලා තමයි ඇමති ධුර 30 සිට 48 දක්වාත් නියෝජ්‍ය රාජ්‍ය ඇමති ධුර 40 සිට 45 දක්වාත් වැඩි කර ගත්තේ. දැන් මේ අමතර ඇමති ධුර ව්‍යවස්ථාවට පටහැණියි. මේ ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවන්න ඕනෑ’ විජිත හේරත් කියා සිටියේය. ‘අවුරුදු ගාණක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඔස්තාද්ලා ඔය පක්ෂ දෙකේ ඉන්නේ. ඒත් තමන් ගහපු ගිවිසුම් ගැන මතකයක් නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු ගැන ගාණක් නැහැ. පාර්ලිමේන්තුවට ඇවිත් කාලා බීලා වරප්‍රසාද ටික අරගෙන ඉන්නවා. පුදුම ආණ්ඩු මේවා’ සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ‘ඒ විතරක්ද? මහ ලොකුවට දේශපාලන ජීවිතයට අවුරුදු හතළිහයි පනහයි කියලා සමරනවා. අගමැතිටයි ජනාධිපතිටයි එකතු වෙලා 20වැනි සංශෝධනය හදා ගන්න බැරි වුණා. ඒකෙත් අඩුපාඩු ගොඩයි. අඩුම තරමේ තමන්ගේ පක්ෂ දෙකේ පළාත් සභා මන්ත්‍රීලා ටික ඒ සංශෝධනයට එකඟ කර ගන්න බැරි වුණා.’ බිමල් රත්නායක කීවේය. ‘ඔව්, ඒ සංශෝධනයෙත් අඩුපාඩු ගොඩයි. පළාත් සභා විසුරුවන බලය පාර්ලිමේන්තුවට ගන්නවා කිව්වට ඒක මැතිවරණ පවත්වන කාල වකවානුවක් ගැන නිශ්චිත නැහැ.’ විජිත හේරත් කීවේය.

බදු පනතට ජවිපෙන් සංශෝධන 70ක්

‘ආණ්ඩුව මේ සතියේ පාර්ලිමේන්තුවට දාන බදු පනත නිසා සියලුම දෙනාට විශාල බදු බරක් පැටවෙනවා. ඇත්තම ගත්තොත් ක්ෂද්‍ර ජීවීන් විතරයි මේ බදු පනතට අහුවෙන්නේ නැත්තේ. බරපතළම කාරණය තමයි මේ ගැන ජනතාව දැනුම්වත් නැතිකම. කලාකරුවන්ට මීට කලින් ලැබුණ සියලුම බදු සහන කපලා. නමුත් කලාකරුවන් මේ ගැන දන්නේ නැහැ. අර්ථසාධක අරමුදලට බදු වැඩි කරලා. ආදායම් බදු අය කරන වාර්ෂික වත්කම් සීමාව ලක්ෂ දොළහමාරේ ඉඳලා ලක්ෂ හයට අඩු කරලා. ගොවියෝ ත්‍රීවිල් රථ රියදුරෝ වැනි ඉතාම පහළ ආදායමක් තියෙන අයටත් බදු ෆයිල් එකක් එනවා.’ බිමල් රත්නායක කීවේය. ‘මේ බදු පනත ආණ්ඩුව කඩිමුඩියේ ගේන්න හැදුවා. නමුත් අපි මුල ඉඳලා මේකට විරුද්ධ වුණා. සම්මන්ත්‍රණ කළා. පත්‍රිකා ඛෙදුවා. දේශීය ආදායම් දෙපාර්තිමේන්තුවේ සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. ඒ නිසා පොඩි කාලයක් හරි ආණ්ඩුවට ප්‍රමාද කරන්න සිද්ධවුණා. නමුත් ආණ්ඩුව හදන්නේ කඩිමුඩියේ සම්මත කරගන්න.’ සුනිල් හඳුන්නෙත්ති කීවේය.
‘ආණ්ඩුවේ මන්ත්‍රී ඔළුගෙඩි ටික පෙන්නලා මේක සම්මත කර ගනී. නමුත් ලේසියෙන්ම සම්මත කර ගන්න දෙන්න බැහැ. අපි පුළුවන් විදියට සංශෝධන ඉදිරිපත් කරන්න ඕනෑ. සමහර බදු සහන තිබුණ ඒවා පවත්වා ගන්නත් අහිතකර දේවල් ඉවත් කරන්නත් බලපෑමක් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් සංශෝධන හදන්න ඕනෑ.’ අනුර දිසානායක යෝජනා කළේය. ඒ අනුව ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම ඒ වන විට සකස් කර තිබූ සංශෝධන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. අනතුරුව තවත් ඇතුළත් විය යුතු සංශෝධන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග සාකච්ඡා කොට සකස් කිරීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට වගකීම පැවරිණි. මේ අනුව බදු පනතට සංශෝධන 70ක් පමණ ඉදිරිපත් කිරීමට ජවිපෙ ලියවිල්ලක් සකස් කළේය.

අයෝමය පුරුෂයාට මග කී විජිත

දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වුණු 51වෙනි ආසියාතික කායවර්ධන තරගාවලියේ කිලෝග්‍රෑම් 100ට වැඩි බර පංතිය යටතේ තරගයට ඉදිරිපත් වුණු ලුෂන් පුෂ්පරාජ් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. කුඩා කල සිට කායවර්ධනය සඳහා උනන්දුවක් දැක්වු ඔහු මෙම රන් පදක්කම දිනාගත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ හෝ ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ක්‍රීඩාවට සම්බන්ධ ආයතනයක සහායක් නොමැතිව වීම විශේෂත්වයකි. ජා-ඇළ කල්එළිය ප්‍රදේශයේ ජීවත් වූ ඔහු ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කළ තරුණයෙක් විය. අගහිඟකම් නිසාම ඕමානයේ රැකියාවකට විදෙස්ගත වූ ඔහු එහිදී හමු වූ අනුග්‍රාහකයෙකු මාර්ගයෙන් මෙම තරගය සඳහා ඉදිරිපත් විය. ඔහු ජය ලබා ලංකාවට පැමිණි පසු ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කළ උත්සවයකට ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්ට ද ආරාධනයක් ලැබී තිබිණි. ‘මන්ත්‍රීතුමාට ආරාධනා කළේ විශේෂ හේතුවක් නිසයි. ඔබතුමා පළාත් සභාවේ ඉන්න කාලේ 1999දී විතර ප්‍රතිපාදනවලින් දුන්න කායවර්ධන ක්‍රීඩා භාණ්ඩවලින් තමයි මේ පුෂ්පරාජ් පුහුණුවීම් කළේ. අපිට ඒක මතක තිබුණා. ඒ නිසයි ආරාධනා කළේ.’ ප්‍රදේශවාසියෙක් කියා සිටියේය. ‘මන්ත්‍රීතුමා අපේ රටේ ක්‍රීඩා අමාත්‍යාංශය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මුල ඉඳලම මෙයාට කැපිලි. විවිධ චෝදනා දාලා කැපුවා. පදක්කම ගත්තට පස්සේ අපි අමාත්‍යාංශයට කතා කළා. ඒත් ගණන් ගත්තේ නැහැ.’ තවත් ප්‍රදේශවාසියෙක් කියා සිටියේය. ‘අපේ රටට ලොකු කීර්තියක් ගන්න තිබුණ අවස්ථාවක් ක්‍රීඩා අමාත්‍යාංශය නැති කර ගත්තා. ලංකාවට එන වෙලාවේ පිළිගන්න ගියෙත් ගමේ කට්ටිය. කනගාටුවට කරුණ මන්ත්‍රීතුමා, පුෂ්පරාජ්ට අනුග්‍රහය දුන්නේ පිටරට ආයතනයක් නිසා කුසලානේ අවුරුද්දක් යනකල් ලංකාවට ගේන්න බැහැ.’ තවත් ප්‍රදේශවාසියෙක් කනගාටුවෙන් කියා සිටියේය. ‘ලංකාවේ ක්‍රිකට්වලට අත්වෙලා තියෙන ඉරණම බැලුවාම අනෙක් දේවල් ගැන මොනවා කතා කරන්නද? ලංකාවේ හැම දේකටම දක්ෂයෝ ඉන්නවා. ඒ සම්පත්වලින් රට දියුණු කරන්න රටට හොඳ ආණ්ඩුවක් නැහැ. මේ ආණ්ඩුවලට බැණ බැණ ඉන්නේ නැතුව දැන් කරන්න තියෙන්නේ හොඳ ආණ්ඩුවක් හදන එක.’ විජිත හේරත් කියා සිටියේය.