අවුන් සාන් සූ කී අන්තවාදයේ අලුත් මුහුණ

hjkdee
ජාතිවාදීන්ට එරෙහිව උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණ
September 21, 2017
kkjkj
ඉර්මා හමුවේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත
September 21, 2017
Show all

අවුන් සාන් සූ කී අන්තවාදයේ අලුත් මුහුණ

uuh

අවිහිංසාව, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳව කොන්දේසි විරහිතව කටයුතු කරමින් සර්ව සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කියූ අවුන් සාං සූ කී, මේ වන විට මියන්මාරයේ බෞද්ධ ඉස්ලාම් ජාතිවාදයකට මුල පුරා සිටී. ඇගේ බෞද්ධ රටවැසියන් ගිහි පැවිදි දෙපක්ෂයම මේ දිනවල දියත් කරන, ජර්මානු නට්සිවාදයට සමානත්වයක් උසුළන වෛරී ව්‍යාපාරය සහ සංවිධානාත්මක හිංසන රැල්ල, එක සමාන දෙපාර්ශ්වයක් අතර හටගත් හිංසනයක් වශයෙන් දක්වමින් බීබීසී ගුවන්විදුලි වැඩ සටහනකට අදහස් පළ කළ ඇය ප්‍රකාශ කළේ, ලෝකය පුරා හිස ඔසවමින් තිඛෙන මුස්ලිම් බලවේගයක් ගැන හැෙඟන එක්තරා බියකින් සිය රටේ බෞද්ධයන් වෙසෙන බවය.
අවුන් සාන් සු කී කලකට ඉහත ඉදිරිපත් කළ ජාතිවාදයෙන් නිදහස් වීමේ සංකල්පය මියන්මාරය මෙන්ම ලෝකය පුරාමත් වෙසෙන ජනතාවගේ විශේෂ අවධානය යොමු වූ කාරණාවකි. එහෙත් සියල්ල දේශපාලන මල් වෙඩි පමණක් බව පෙන්වමින් වර්තමානය වන විට ඇයද මේ සිදු වන වෛරී සහගත පළිගැනීම්වල ප්‍රධාන කොටස්කාරිය වී අවසන්ය.
මිලියන 60ක් වන මියන්මාරයේ මුළු ජනගහනයෙන් මිලියන 1.3ක් පමණක් වන රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ප්‍රශ්නය, ජාතීන් අතර වන ගහමරා ගැනීමකට වෙනස්ව, කාලයක සිට සෙමින් වර්ධනය වී වර්තමානය වන විට ඉතා උග්‍ර අතට හැරී එය වර්ග සංහාරයක ප්‍රශ්නයක් බවට පත් වී තිබේ.
හමුදා පාලනයෙන් යුත් එවක රාජ්‍යය, 1978 පෙබරවාරි මාසයේ දී ස්වකීය මහ පරිමාණ ප්‍රථම හමුදා මෙහෙයුම බටහිර මියන්මාරයේ අරාකන් ප්‍රාන්තයේ දියත් කෙළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 240,000ක් වන ජනතාවට ගම්බිම් අතහැර අසල්වැසි බංග්ලාදේශයට පළා යාමට සිදු විය. මුස්ලිම් සුළුතර ප්‍රජාවත් ඇතුළු මියන්මාර ජනතාවගෙන් බහුතරය සූ අම්මා නමින් අමතන, ඔක්ස්ෆෝර්ඩ් සරසවියේ උගත්, සාමය පිළිබඳ නොඛෙල් ත්‍යාගලාභී අවුන් සාං සූ කී වැනි ඒ මොහොතේ පෙනී සිටියේ ඊට එරෙහි ස්ථාවරයක හිඳිමිනි. එකිනෙකට වෙනස් ඓතිහාසික පසුබිමකින් පැවත එන මියන්මාරයේ බෞද්ධ ප්‍රජාව සහ මුස්ලිම් ප්‍රජාව එකිනෙකා කෙරෙහි වන බියකින් පසුවෙති යි කීම, දෙපාර්ශ්වයම ව්‍යාජ සදාචාර සමානාත්මතාවක් මත තැබීමකි. හිංසනයට ගොදුරු වූවන්ගෙන් සියයට 90ක්ම
රෝහින්ග්‍යා සහ වෙනත් මුස්ලිම් ප්‍රජාවන්ය. අරාකන් ප්‍රාන්තය හැරුණු කොට මුස්ලිම් විරෝධී හිංසනය රටේ තවත් නගර 11කට ව්‍යාප්ත වී ඇති අතර මුස්ලිම් මරණ 100ක්, අවතැන්වීම් 12,000ක් වාර්තා වී තිබේ. එසේම, මුස්ලිම් පල්ලි 37ක් සහ මුස්ලිම් නිවෙස් 1300ක් විනාශ කොට තිබේ.
මෙසේ විනාශකාරී ප්‍රතිපත්ති අනුගමනය කරමින් මුස්ලිම් ප්‍රජාවට දරුණු, ම්ලේච්ඡ, ඉතා කෘෘර ලෙස වද දෙමින් ශරීරයේ කොටස් එකින්එක ඉවත් කරමින් අමානුෂීය මිනිස් ඝාතන සිදු කරනු ලබයි. එයට බොහෝ සාක්ෂි දැන් සමාජ ජාල වෙබ් අඩවි හරහා ව්‍යාප්ත වෙමින් තිබේ. ඇස් පනාපිටම මෙම කෘෘරත්වය දකින්නට තිබියදී අවුන් සාන් සූ කී ප්‍රමුඛ මියන්මාර හමුදාව ප්‍රකාශ කරනුයේ මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් වෙත පමණක් සිය හමුදා හස්තය දිගු කරනු ලබන බවය. නමුත් මේ වන විට එම සන්නද්ධ කණ්ඩායම් වලට මුවා වෙමින් දියත් කළ කෘෘර හමුදා මෙහෙයුම්වලින් රෝහින්ග්‍යා
මුස්ලිම්වරුන් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් අනාථ වී තිබේ. ඔවුන්ගේ් නිිවාස පවා ගිනි තබමින්් අසරණභාවයට ඇද දමා ඇත. මේ හේතුවෙන් මියන්මාර මුස්ලිම් ප්‍රජාව අසල්වැසි බංග්ලාදේශ රාජ්‍යයට පළා ගොස්් සිිටියි. එසේ පළා ගිය පිරිස පවුල් 294,000ක් බව වාර්තා වන අතර, බංග්ලාදේශ්හි පිහිටි තාවකාලික කූඩාරම්වල පිරිස් පිරී ඉතිරී ගොස්ය.
හමුදා වද හිංසා ඉවසා ගත නොහැකිව ඔවුන් බංග්ලාදේශයට පළා ගොස් ඇත්තේ කඳු, වනාන්තර, ගස්ගල් අතරින්ය. මේ යන අතරවාරයේදී විශේෂයෙන් ගංගා හමුවන අතර, ඒවා තරණයට බෝට්ටු නොමැතිවීම හේතුවෙන් මෙම මුස්ලිම්වරුන්ගේ දරුවන් ජලයේ ගිලී මිය යති. එසේම ජීවත් වීමේ ආසාවෙන් කෙසේ හෝ පණ රැක ගැනීමට දියට පැන ගංගා එතෙර වීමට උත්සාහ කරන සමහර තරුණ පිරිස්ද දියේ ගිලී මිය යති. කෙසේ හෝ දුෂ්කරතාවයන් මැඩගෙන අසල්වැසි රාජ්‍යයන් වෙත පළා ගියත්, එම රටවලින්ද පන්නා දමන තත්ත්වයක් ඇතිි වී තිබේ. ඔවුන්ද විවිධ මර උගුල් ඇටවීමට පටන්ගෙන තිබීම එහි එක් අංගයකි. මෙසේ අටවන ලද මර උගුල්වලට හසුව සිදු වූ මරණයන් ගැනද පසුගිය දිනයන්හිදී ඔබටද අසන්නට හැකි විණි.
1990 ගණන්වල සිට උතුරු අරාකන් ප්‍රාන්තයේ වෙසෙන රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව ආරක්ෂක වළල්ලකින් සීමා කොට තිබුණු අතර, ඔවුන්ගේ ගමන බිමන පවා සීමා වීම හේතුකොටගෙන සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනික පහසුකම් සහ රැකියාවන් කර ගැනීමට පවා නොහැකි තත්ත්වයකට එම ජනතාව පත්ව සිටියහ. රජයේ හමුදාවන්ගේ අනුග්‍රහය යටතේ කෙරෙන ඝාතන, ස්ත්‍රී දූෂණ, කප්පම්, වහල් සේවය සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝනයන්හි ගොදුරු බවට ඔවුන් පත්ව තිබුණි.
විවාහ සහ උපත් සම්බන්ධයෙන් බලපැවැත් වූ සීමාවන් හේතුවෙන් 60,000කට අධික රෝහින්ග්‍යා දරුවන්ව ලියාපදිංචි නොකෙරෙන අතර මියන්මාර ආණ්ඩුවෙන් ඔවුන්ව පුරවැසියන් වශයෙන් පිළිගනු නොලැබේ. ඒ හේතුව නිසාම, ළමා අයිතීන් උල්ලංඝනය කෙරෙමින්, ඔවුන්ව පාසල්වලට ඇතුළත් කර ගැනීමත් ප්‍රතික්ෂේප කෙරේ. වැඩිහිටි සාක්ෂරතාවෙන් ආසියාවේ උසස්ම රටක් වශයෙන් ගැනෙන මියන්මාරයේ, රෝහින්ග්‍යා ප්‍රජාවෙන් සියයට 80කටම අකුරු ලියන්නට කියවන්නට නොහැක. ඔවුන් වෙසෙන පෙදෙස්වල වෛද්‍ය රෝගී අනුපාතය 1ට 75,000 කි. තවත් ඔවුන් වෙසෙන වෙනත් පෙදෙසක එම අනුපාතය 1ට 83,000කි. එහෙත් රටේ සමස්ත වෛද්‍ය රෝගී අනුපාතිකය වන්නේ, 1ට 375කි.
හියුමන් රයිට්ස් වොච් වාර්තාව, වාර්ගික සුද්ද කිරීමක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වශයෙන් හඳුන්වන තත්ත්වය අවුන් සාන් සූ කී විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ජාත්‍යන්තරයේ පරීක්ෂාවට ලක්විය යුත්තකි. මුළු ජනගහනයෙන් සියයට 4ක් පමණක් වන මුස්ලිම් ප්‍රජාවකට එරෙහිව දියත් වන ජාතිවාදී හිංසනය ගැන ඈ හිතාමතාම නිහඩව සිටීම මේ වන විටත් ජාත්‍යන්තරයේ විවේචනයට තුඩු දී තිබේ.
රෝහින්ග්‍යා ප්‍රජාව ක්‍රමානුකූලව නැති කර දැමීමේ දශක ගණනාවක ක්‍රියාවලිය මාධ්‍ය මගින් ඛෙහෙවින් අමතක කොට දමා තිබුණි. වර්තමානයේදී පවා මාධ්‍යයට සිරස්තලයක් වන්නේ අවුන් සාං සූ කී මිස, රටක් විසින් වාර්ගික ප්‍රජාවක් අතුගා දැමීම නොවේ. රෝහින්ග්‍යා
ඇතුළු බුරුමයේ වෙනත් මුස්ලිම් ජන කොටස් ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ තර්ජනයකට මුහුණදෙමින් සිටිති. බුරුම ආර්ථීකයේ, රාජ්‍යකරණයේ හෝ සමාජයේ කිසි බලයක් නොමැති ඉතා කුඩා සුළුතරයක් වශයෙන් ඔවුන්ගේ තත්ත්වය ඉතා දුර්වලය. එම රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීත්වයට හෝ බෞද්ධ ජීවන පැවැත්මට එම ජනතාවගෙන් එල්ල වන කිසි තර්ජනයක් නොමැත. එහෙත් ඔවුන් සිටින්නේ අනතුරුදායක අඩියකයි. ඒ, සමාජයේ සෑම ස්ථරයකම මුස්ලිම් විරෝධී ජාතිවාදී සමාජ පීඩකයන් සමග ජාතියේ අම්මා එකට පෙළ ගැසෙන්ට පටන්ගෙන ඇති නිසා පමණක්ම නොවේ. ස්වකීය උපාය මාර්ගික අවශ්‍යතා සහ වාණිජ පරමාර්ථ පෙරදැරිව ඇමෙරිකාව සහ මහා බි්‍රතාන්‍ය වැනි රටවලුත්, ඉස්ලාම් භීතිකාව වපුරන සහ වෛරී භාෂණයට උඩගෙඩි දෙතියි කියන මියන්මාරයේ නායකත්වය සමග අත්වැල් බැඳ ගැනීම නිසාය. ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ඔත්තු සේවයේ අනුදැනුම මත එක්සත් ජනපද වුවමනාවන් ආගමික හෝ ජාතිවාදී මුහුණුවරින් ඒ ඒ රට තුළ ක්‍රියාත්මක කරන ඇමෙරිකන් ගැති නායකයන් අතර සු කීද සිය භූමිකාව එළිපිට රඟ දක්වන්නට පටන් ගෙන ඇත. ඉස්ලාම් අන්තවාදය මැදපෙරදිග ජන ජීවිතය අවුල් කරද්දී බෞද්ධ අන්තවාදය මියන්මාරය අස්ථාවර කරන්නේ කාගේ උවමනාවකටදැයි දැන් ඉතා පැහැදිලිය.


ධනංජය සූරියබණ්ඩාර