ඇමෙරිකා-උතුරු කොරියා යුද උණුසුමට ගිනි පිඹින න්‍යෂ්ටික බෝම්බ

hjk
හැම දරුවෙකුම විශේෂයි…
September 20, 2017
jty
එංගලන්ත සෞඛ්‍ය සේවයට විදේශිකයන්ට ආරාධනා
September 21, 2017
Show all

ඇමෙරිකා-උතුරු කොරියා යුද උණුසුමට ගිනි පිඹින න්‍යෂ්ටික බෝම්බ

ffghk

අදින් වසර 72 කට පෙර එනම්, 1945 අගෝස්තු 6දා උදෑසන ප්‍රාදේශීය වේලාවෙන් 8.15 පමණ ඇමෙරිකානු බී – 29 ගුවන් යානයක් ටිනියන් නැමති ෆැසිපික් දිවයිනෙන් ගමන් අරඹා තක්සේරු ජනගහණය 255,000ක් පමණ වන ජපානයේ හිරෝෂිමා වෙතට හෙළනු ලැබීය. එසේ හෙළන ලද බෝම්බය පොළොවට මීටර් 600ක් ඉහළින් තිබියදී පිපිරී ගිය අතර, ඒ ක්ෂණයෙන් ජනගහනයෙන් 30%ක්
හෙවත් 80,000ක පමණ පිරිසක් එකවර මිය ගියේය. දෙවැනි ඉලක්කය ලෙස දින 3කට පසුව අගෝස්තු 09 වැනිදා තක්සේරු ජනගහනය 270,000ක් සිටින අතිශය කාර්මිකකරණය වී තිබූ නාගසාකියට එල්ල කරන ලදී. භූවිෂමතාවයද හේතුවෙන් හිරෝෂිමාවට වඩා නාගසාකියේදී පුද්ගලයන් එකවර මරණයට පත් සංඛ්‍යාවේ අඩුවක් තිබුණත් එයින්ද එකවර 40,000ක පිරිසක් මරණයට පත් විණි.
විද්‍යාඥයන් ප්‍රකාශ කරන අන්දමට මෙසේ එකවර පිරිසක් මියයාමට ප්‍රධාන හේතුව බෝම්බය පිපිරීමෙන් ඇති වූ අධික උෂ්ණත්වයයි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට කුඩා පරමාණු බෝම්බයකින් වුව සෙල්සියස් අංශක 3000කටත් වඩා වැඩි උෂ්ණත්වයක් විමෝචනය කිරීමට පුළුවන. මෙසේ ව්‍යසන ඇති කිරීමට සමත් බෝම්බ පිළිබඳව කතාබහ නැවතත් කරළියට පැමිණ තිඛෙන්නේ උතුරු කොරියාවත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ හිතමිතුරු රටවල් අතර උත්සන්න වෙමින් තිඛෙන න්‍යාෂ්ටික යුද්ධයක පෙර නිමිති නිසාය.
න්‍යෂ්ටික විඛන්ඩන ප්‍රතික්‍රියා සහ න්‍යෂ්ටික සම්බන්ධන ප්‍රතික්‍රියා උපයෝගී කර ගනිමින් පිළිවෙළින් න්‍යෂ්ටික බෝම්බයේදී සහ හයිඩ්‍රජන් බෝම්බයේදී විනාශකාරී ශක්තියක් මුදවාලිය හැකිය. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බෝම්බයක් පුපුරණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ යුරේනියම් 235 හෝ ප්ලුටෝනියම් 239 සමස්ථානික වේ. මීට අමතරව යුරේනියම් 233 ද භාවිතා කළ හැකිය. නමුත් ස්වාභාවිකව යුරේනියම් 235 ඇත්තේ 0.7% ප්‍රමාණයකි. අනෙක් සියල්ල යුරේනියම් 238 වන අතර බෝම්බ සෑදීමට අවශ්‍ය සමස්ථානික කෘතීම ලෙස සාදා ගත යුතුය.
ඒ සඳහා U 235, U 233 සහ Pu 239 සමස්ථානික භාවිතා කරමින් න්‍යෂ්ටික බෝම්බ තැනිය හැකි වේ. න්‍යෂ්ටික බෝම්බ තැනීම සඳහා මේ සමස්ථානික පිරිසිදු තත්ත්වයෙන් ලබා ගත යුතු වේ. මේ සඳහා ආසවනය, විසරණ, කේන්ද්‍රඅපසාරී බලය, විද්‍යුත් විච්ඡේදක, විද්‍යුත් චුම්බක, රසායනික ආදී ක්‍රම භාවිතා වේ. න්‍යෂ්ටික බෝම්බයක් තැනීමේදී ඉතාමත් දුෂ්කර, වියදම් සහිත සහ වැදගත් පියවර වන්නේ සමස්ථානික පිරිසිදුව ලබා ගැනීමය. දෙවන ලෝක යුද සමයේදී ජපානයේ හිරෝෂිමා නගරයට හෙළුෑ න්‍යෂ්ටික බෝම්බය U 235 උපයෝගී කර ගත තුවක්කු බට වර්ගයේ බෝම්බයක් වූ අතර නාගසාකි නගරයට හෙළුෑ බෝම්බය Pu 239 උපයෝගී කර ගත් අන්තඃස්ඵෝටන වර්ගයේ බෝම්බයක් විය. නාගසාකි නගරයට හෙළුෑ බෝම්බය Fat Man හෙවත් මහත මිනිසා ලෙසත් හිරෝෂිමා නගරයට හෙළුෑ බෝම්බය Little Boy හෙවත් පුංචි කොල්ලා ලෙස නම් කර ඇත. Little Boy බෝම්බය කිලෝග්රෑම් 4,400 වන අතර දිග අඩි 10ක් පමණ වේ. මෙහි යුරේනියම් 235, 64 නට අඩංගු විය. එමෙන්ම ත‍්එ ඵ්බ බෝම්බය 4,670කට පමණ බර වන අතර දිග මීටර් 3.3ක් වේ. මෙහි ප්ලුටෝනියම් 6.2ණට අඩංගු විය.
න්‍යෂ්ටික බෝම්බයක් පුපුරණ විට සෙල්සියස් අංශක කෝටියක පමණ උෂ්ණත්වයක් ඇති වී යකඩ වැස්මත් සමග යුරේනියම් වලින් කොටසක් වාෂ්ප වේ. මෙයින් ඇති වන ඉතාමත් ඉහළ පීඩනයකින් යුත් වායුව ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වීමෙන් ඉතා බලගතු කම්පන තරංග නිපදවේ. මෙය සැතපුම් ගණනාවක් දුරට පැතිරෙමින් හසු වන හැම දෙයක්ම විනාශ කරයි. න්‍යෂ්ටික පිපිරීමෙන් ඇති වන අධික තාප විකිරණ ඉතාමත් විනාශකාරී වේ. දෙවන ලෝක යුද සමයේ දී බ්‍රිතාන්‍ය සැලසුම්කරුවකු වූ බාන්ස් විලිස් අමුතුම බෝම්බ දෙකක් නිෂ්පාදනය කළේය. අද බංකර් නාශක බෝම්බ ලෙස හැඳින්වෙන බෝම්බයේ ආරම්භය එයයි. ඉන් එකක් ටෝල් බෝයි හෙවත් උස ළමයා නම් විය. එය බරින් ටොන් 5ක් විය. අනෙක ග්රෑන්ඩ් ස්ලෑම් නම් විය. එහි බර ටොන් 10ක් විය. මේවායේ බඳ තනා ඇත්තේ සවිමත් වානේවලිනි. මේවා වායුගති විද්‍යානුකූලව වල්ගයක් ද සහිතව සැලසුම් කර ඇති බැවින් ගුවන් යානයකින් ගෙන ගොස් මීටර 6700 (අඩි 22,000)ක් ඉහළ අහසේ සිට හෙළුෑ විට කැරකෙමින් පහළට එන්නේ ශබ්දයේ වේගය ද ඉක්මවන වේගයකිනි. මේවා මුලින්ම තනන ලද්දේ යුද සබ්මැරීන ගාල් කර තිබූ දැවැන්ත කොන්ක්‍රීට් ආවරණ විනාශ කිරීමටය. මේවා මුලින් සැලසුම් කළේ ඉලක්කයකට යවන්නට නොවේ. ඉලක්කය අසල බිම පතිත කළ විට පොළොව පසාරු කර ගෙන ගොස් යට දී විශාල කම්පනයක් ඇති කරමින් පුපුරන ආකාරයටය. එවිට ඉලක්ක කළ ගොඩනැගිල්ලේ පදනම පුපුරා ගොස් මොහොතකින් ඒ ගොඩනැගිල්ල පුපුරා පොළොව තුළට ගිලා බැසීමය. මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සැකසූ තද පෘෂ්ඨයන් විනිවිද යා හැකි, එමෙන්ම පොළොව පසාරු කර ගෙන ගැඹුරු තැන්වලට යා හැකි විශේෂ බංකර් බෝම්බ පෙළක්ම නිපදවීය. මීටර 1.8 (අඩි 6) සිට මීටර 6 (අඩි 20)ක් දක්වා ඝනකම ඇති කොන්ක්‍රීට් කුට්ටියක් පසා කර ගෙන යාමට ඒ බංකර් බෝම්බවලට හැකියාව තිබුණේය. ඒවා නම් කෙරුණේ ‘BLU -109 පෙනිටේ්‍රටර්, ‘BLU 116 ඇඩ්වාන්ස් යුනිටරි පෙනිටේ්‍රටර්, ‘BLU – 118/B තාපක්‍රියාකාරී යුද ශීර්ෂ, 113 BLU සුපර් පෙනිටේ්‍රටර් ආදී වශයෙනි.
ඉන්පසු මෙවැනි බෝම්බ තවතවත් වැඩි දියුණු කරනු ලැබීය. දැන් ඇති නවතම අවියක් වන න්‍යෂ්ටික බී 61 මෙන්ම අධිතාපයක් ජනනය කර අවට ඇති ඔක්සිජන් සියල්ල ඇද ගත හැකි, මානයේ ඇති හැම දෙයක්ම අළු ධූලි කළ හැකි, ජී.බී.ය. වැනි කිලෝග්රෑම් 2130ක් බරැති සුපිරි බංකර් නාශක යුද අවියකට අඩි 20ක් පමණ ගැඹුරු කොන්ක්‍රීට් ආවරණයක් සිදුරු කර ගෙන යා හැකිය.
නමුත් ජලකර බෝම්බය යන්න පරමාණු බෝම්බයට වඩා ඉතාමත් සංකීර්ණ මෙන්ම දැනට ලෝකයේ වඩාත්ම විනාශකාරී බෝම්බ වර්ගය වෙයි. එහි භයානකකම කොතෙක්ද යන්න සරලව පැහැදිලි කළහොත් ජලකර බෝම්බය පිපිරවීම සඳහා අවශ්‍ය අධික උෂ්ණත්වය ලබා ගැනීමට පරමාණු බෝම්බයක් පුපුරුවා ලබන උෂ්ණත්වය ලබා ගත යුතුය. මෙම බෝම්බය පිපිරීමෙන් සිදු වන විනාශය සිතා ගැනීමටවත් නොහැකි තරම් වේ. එසේම මෙම බෝම්බය පිපිරීම නිසා කිරණ වැදුණු ගස් වැල්, ගොඩනැගිලි, යාන වාහන, වාතය, ජලය විකිරණශීලී තත්ත්වයට පත් වේ. පිපිරීම මගින් ඉතුරුවන කුඩා කුඩා අංශ= ඒවායේ බර අනුව සුළඟ මගින් විවිධ දුර ප්‍රමාණයන් වෙත විසිරුවනු ලබයි. අනතුරුව ඒවායේ විකිරණශීලීතාවය නිසා ජීව අජීවී සියලු වස්තු විකිරණශීලීතාවයට ඇද දමනු ලබයි. මේ මගින් ඇති වන බලපෑම පරම්පරා ගණනාවකට ඉවත් නොවේ. මෙහි භයානකම දේ ලෙස සඳහන් කරනුයේ විකිරණශීලීතාවය නිසා ඇති වන රෝග සඳහා ප්‍රතිකාර නොමැති වීමයි. එබැවින් මේ විකිරණශීලී ද්‍රව්‍යවල විකිරණශීලීභාවය ඉබේම අහෝසි වී යන තෙක්ම ඒවායේ අහිතකර බලපෑම් දිගින් දිගටම පවතී.
වර්තමානයේදී කාගේත් කතා බහට ලක් වී තිඛෙන ඇමෙරිකා උතුරු කොරියා මත ගැටුමේ උච්චතම අවස්ථාව කරා පැමිණීම සනිටුහන් කරමින් පසුගිය සතියේදී උතුරු කොරියාව විසින් ජලකර බෝම්බයක් අත්හදා බැලීමක් සිදුකරන ලදී. එය පිපිරීම මගින් රිච්ටර් මාපක අංශක 6.3ක භූ චලනයක්ද ඇති වී තිඛෙන බව සඳහන්ය. කවුරුන් කෙසේ කීවද මේ යුද උන්මාදයේ පසුබිම වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී වියරුවයි. ඒනිසා ලෝකයේ රටවල් පවතින තත්ත්වය මත සිය ආරක්ෂාව ප්‍රමුඛ කර ගනිමින් විවිධ අවි ආයුධ නිපදවීමට මෙන්ම අත්හදා බැලීමටද පෙළඹී සිටියි. නමුත් මෙසේ සාදනු ලබන කිසිදු අවියක් මිනිසාගේ හිත සුව පිණිස නොවන අතර, සියල්ලේම අවසානයකට ඇද දමන මහා ඛේදාන්තයක ආරම්භයකට තල්ලු වෙමින් පවතින බවද කල්ඇතිවම සඳහන් කළ යුතුය.


ධනංජය සූරියබණ්ඩාර