ඉර්මා හමුවේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත

uuh
අවුන් සාන් සූ කී අන්තවාදයේ අලුත් මුහුණ
September 21, 2017
gyuilr
උතුරු කොරියාවට එරෙහිව තවත් සම්බාධක
September 21, 2017
Show all

ඉර්මා හමුවේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත

kkjkj

‘ඉර්මා’ හරිකේන් කුණාටුව හමුවේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්ත වැසියන් පනස් හය ලක්ෂයක් ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කරන ලද බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්ත බලධාරීහු පවසති. පසුගිය සතියේ හට ගත් මෙම කුණාටුව පැයට කිලෝමීටර් 300ක පමණ වේගයෙන් හමා ගියේය.
කුණාටු වර්ග කිරීම් අනුව පස්වෙනි ප්‍රභේදයට මුලින් ඇතුළත් කරනු ලැබූවත් පසුව එය වර්ග කිරීම්වල හතර වැනි ස්ථානය දක්වා පහත වැටී ඇතැයි පැවසේ. ජනතාව ආරක්ෂාව පතා ප්‍රාන්තයේ උතුරු දෙසට ගමන් ගැනීම ආරම්භ කිරීමත් සමග මහාමාර්ගවල විශාල රථ වාහන තදබදයක් මෙන්ම ඉන්ධන හිඟයක් ද මතුව පැවතිණි.
කැරිබියානු දූපත් ඔස්සේ හමා ගිය ‘ඉර්මා’ කුණාටුව ටර්ක්ස් සහ කේකොස් දූපත්වලට ද දැඩි හානි පමුණුවන ලදී. අගමැති ගැස්ටන් බ්‍රව්න මේ සම්බන්ධයෙංන් ප්‍රකාශ කර සිටියේ සිය භූමියේ ගොඩනැගිලිවලින් 95%කට පමණ හානි සිදු වී ඇති අතර, දිවයින ගුවනින් අධීක්ෂණය කළ අගමැතිවරයා ‘මේක මහා විනාශයක්’ යයි සඳහන් කළේය.
කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාාන්තයේ 4 දෙනෙක්ද, කැරිබියානු කලාපයේ අවම වශයෙන් 28 දෙනෙක්ද, මරණයට පත්ව ඇති බව පැවසේ. එසේම නිවාස තිස් හතර ලක්ෂයකට අධික සංඛ්‍යාවකට විදුලිය නොමැති වී තිබේ. තවද මයාමි නගරයේ 80%ක් විදුලි රැහැන් ජලයෙන් යට වී ඇත. මෙම කුණාටුව කියුබාව හරහාද හමා ගිය අතර, හවානා අගනුවර ජලයෙන් යට විය. කුණාටුව හේතුවෙන් එරට නිවාස, කෘෂිකර්මය හා විදුලි බල පද්ධතිය ඇණ හිට තිඛෙන අතර, කිියුබානු ජනපති රාහුල් කස්ත්‍රෝ විසින් ප්‍රකාශ කළේ විනාශයෙන් ගොඩ ඒම දැවැන්ත කර්තව්‍යයක් වනු ඇති බවය.


ධනංජය සූරියබණ්ඩාර