චීනය ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කරයි

gulmb
මාධ්‍යවේදී ඝාතනයට එරෙහි උද්ඝෝෂණ
September 21, 2017
jj
කාටූන්
October 5, 2017
Show all

චීනය ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කරයි

ghhklbzdfg

මාස තුනක පමණ කාලයක් දේශසීමා අවුලක පැටලී සිටි ඉන්දු – චීන රාජ්‍ය නායකයෝ එම දේශසීමා අවුල නිරාකරණය කර ගනු ලැබීමෙන් දින කීපයකින් අනතුරුව පළමු වරට ද්විපාර්ශ්වීය සාකච්ඡාවක නිරත වූහ.
චීන ජනාධිපති ෂි ජින්පින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පැයකට සීමා වූ එම සාකච්ඡාව සිදු වුණේ චීනයේ ‘ෂියා මෙන්’ වරාය නගරයේ පැවැත්වුණු බ්‍රික්ස් සමුළුව අතරවාරයේ බවට වාර්තා වේ.
ජනාධිපති ෂි ජින්පින් එම හමුවේ දී දෙරට අතර ‘යහපත් ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමේ වුවමනාව’ ඉන්දීය අගමැතිවරයාට ප්‍රකාශ කළ බව චීන රාජ්‍ය මාධ්‍යය වාර්තා කරයි. ඉන්දියාව සමග ද්විපාර්ශ්වීය සබඳතා යළිත් නිවැරදි මාවතට අවතීර්ණ වූ බව ජනාධිපති ෂි ජින්පින් ප්‍රකාශ කරන ලදැයි ‘ෂින් හු ආ’ චීන රාජ්‍ය පුවත් ආයතනය පවසයි.
මේ අතර නායකයන් දෙදෙනා අතර සමගිය ප්‍රදර්ශනය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, දින තුනක් මුළුල්ලේ පැවති ‘බ්‍රික්ස්’ සමුළුව අති සාර්ථක ලෙස මෙහෙයවනු ලැබීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට සුභ පැතීය.
නායකයන් දෙදෙනාගේ හමුවෙන් පසුව පැවැත්වුණු මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ඉන්දියාවේ විදේශ ලේකම් එස්. ජායිසංකර්, ඉන්දියාව සහ චීනය අන්‍යෝන්‍ය ගරුත්වයෙන් යුක්තව පෙරට ගමන් කරනු ඇතැයි සඳහන් කළේය.
තව දුරටත් අදහස් දැක් වූ ඉන්දීය විදේශ ලේකම්වරයා, පසුගිය ජූනි මාසයේ කසකස්ථානයේ ‘අස්තානා’ අගනුවර දී ඉන්දු-චීන නායකයන් අතර සිදු වූ හමුව පිළිබඳව සඳහන් කරමින් ‘තමන් අතර මතු වෙන මතභේදාත්මක තත්ත්වයන් අර්බුද බවට පත් කර නොගැනීමේ’ එකඟතාවකට එම හමුවේ දී දෙරට අවතීර්ණ වූ බවත් කියා සිටියේය.


ධනංජය සූරියබණ්ඩාර