පරිසර දූෂණය අවම කිරීමට චීනයෙන් තවත් විසඳුමක්

yuhjkb
මාලදිවයින් නීතිවේදීන්ට සේවා තහනමක්
September 21, 2017
gulmb
මාධ්‍යවේදී ඝාතනයට එරෙහි උද්ඝෝෂණ
September 21, 2017
Show all

පරිසර දූෂණය අවම කිරීමට චීනයෙන් තවත් විසඳුමක්

hjgfgm

ඩීසල් සහ පෙට්‍රල් භාවිතයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ සහ වෑන් රථ නිෂ්පාදනය සහ අලෙවිය තහනම් කිරීමට චීනය සැලසුම් කරන බව වාර්තා වේ. මෝටර් රථ සඳහා ලොව විශාලතම වෙළඳපොළ පවතින චීනයේ, අදාළ විෂයභාර නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ මෙම තහනම සඳහා අවශ්‍ය සමීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවය.
කෙසේ නමුත් පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ තහනම ක්‍රියාත්මක වන නිශ්චිත දිනයක් පිළිබඳව ඔහු සඳහනක් කර නොමැත. එසේම ‘මෙම ක්‍රියාමාර්ග මගින් අපේ මෝටර් රථ කර්මාන්තයේ සංවර්ධනය කෙරෙහි විශාල වෙනස්කම් ඇති කරවයි’ යනුවෙන් නියෝජ්‍ය ඇමති ෂින් ග්වෝබින් චීනයේ නිල පුවත් සේවය වන ෂින්හුවා වෙත ප්‍රකාශ කර තිබේ.
චීනය පසුගිය වසර තුළ පමණක් මෝටර් රථ මිලියන 28ක් නිෂ්පාදනය කර ඇති අතර එය ගෝලීය මෝටර් රථ නිෂ්පාදනයෙන් තුනෙන් එකකි. චීන හිමිකාරිත්වය යටතේ පවතින වොල්වෝ මෝටර් රථ සමාගම පසුගිය ජූලි මාසයේදී ප්‍රකාශ කර සිටියේ වසර 2019 පටන් තම මෝටර් රථ සඳහා විදුලි බලයෙන් ක්‍රියා කෙරෙන එන්ජින් සවි කෙරෙන බවය.
වසර 2025 වන විට විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ දසලක්ෂයක් අලෙවි කිරීම වොල්වෝ සමාගමේ ඉලක්කය වී තිබේ. වෙනත් මෝටර් රථ සමාගම් වන රෙනෝල්ට් – නිසාන්, ෆෝර්ඩ්, සහ ජෙනරල් මෝටර්ස් සැලසුම් කර ඇත්තේ විදුලි බලයෙන් දිවෙන මෝටර් රථ චීනය තුළ නිෂ්පාදනය කිරීමටය.


ධනංජය සූරියබණ්ඩාර