මාධ්‍යවේදී ඝාතනයට එරෙහි උද්ඝෝෂණ

hjgfgm
පරිසර දූෂණය අවම කිරීමට චීනයෙන් තවත් විසඳුමක්
September 21, 2017
ghhklbzdfg
චීනය ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කරයි
September 21, 2017
Show all

මාධ්‍යවේදී ඝාතනයට එරෙහි උද්ඝෝෂණ

gulmb

හින්දු ජාතිකවාදී දේශපාලනය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ මාධ්‍යවේදිනී ගෞරි ලංකේෂ් ඝාතනය කරනු ලැබීමට එරෙහිව දිල්ලි අගනුවර  ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගර කීපයක විරෝධතා ව්‍යාපාර පැවැත්විණි.
පනස්පස් වැනි වියේ පසු වූ මාධ්‍යවේදිනිය පසුගිය සැප්තැම්බර් 05 වැනිදා වෙඩි තබා මරා දමා ඇති බව කර්ණාටක පොලිසිය විසින් තහවුරු කරනු ලැබ තිබිණ. පොලිසිය මගින් නිකුත් කරන වාර්තාවන්ට අනුව යතුරුපැදියකින් පැමිණ තුවක්කුකරුවන් ඇයගේ හිසට සහ පපුවට වෙඩි තබා ඇත. එහෙත් ඝාතනයේ අරමුණ කුමක් වීද යන්න මෙතෙක් හෙළිදරවු වී නැත.
වසර කීපයකට පසුව මෙලෙස මරා දැමුණු විශාල කීර්තියක් සහිත මාධ්‍යවේදී චරිතය ගෞරි ලංකේෂ්ය. ඉන්දියානු මාධ්‍යවේදීන් දැඩි හින්දු ජාතිකවාදී කණ්ඩායම්හි ගොදුරු බවට පත් වීම වැඩි වෙමින් පවතී.
පහර දෙන බවට හෝ දූෂණය කරන බවට බොහෝ මාධ්‍යවේදිනියන්ට තර්ජන එල්ල වී ඇති අතර, පොදුවේ මාධ්‍යවේදීහු සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හින්දු ජාතිකවාදී අන්තවාදීන්ගේ නින්දා පරිභව කිරීම් ආදියට ලක් වෙති. භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් වන ඇතැම් ඇමතිවරුන් පවා මාධ්‍යවේදීන්ට ප්‍රසිද්ධියේ අවමන් කර ඇති අතර මාධ්‍යවේදීන් ‘මාධ්‍යකරුවන් මෙන්ම ගණිකා වෘත්තියේ ද’ යෙදෙන මිශ්‍ර චරිත හැටියට එම දේශපාලකයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
‘ගෞරි’ යන සුහද නාමයෙන් මාධ්‍ය ලෝකය දැන සිටි ගෞරි ලංකේෂ් සතිපතා පළ කෙරෙන පුවත්පතක කතුවරිය වූවාය. විවෘත ලෙස අදහස් පළ කරන නිර්භීත මාධ්‍යවේදිනියක් ලෙසත් ඇය නමක් දිනා සිටියාය. භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් ද ඇතුළුව දක්ෂිණාංශික හින්දු ජාතිකවාදීන් විවේචනයට ලක් කරන ලද ගෞරි ලංකේෂ්ගේ අනාගමිකවාදී දෘෂ්ටිය මාධ්‍යවේදිනියක් හැටියට ඇය ජනාදරයට පාත්‍ර වීමට හේතු විය.
කලක ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පතේ සේවය කළ ගෞරි ලංකේෂ්, කවියකු, ලේඛකයකු මෙන්ම වාම මතධාරියකු වූ සිය පියා නිර්මාණය කළ පුවත් පතක පසුව සේවය කළාය. අනතුරුව ඇය ‘Gauri Lankesh Patrike’ නම් ඇයගේම පුවත්පත ආරම්භ කළාය. එසේම සම්මානලාභී සිනමා ශිල්පිනී කවිතා ලංකේෂ් ඇයගේ සහෝදරියකි.


ධනංජය සූරියබණ්ඩාර