මාලදිවයින් නීතිවේදීන්ට සේවා තහනමක්

gyuilr
උතුරු කොරියාවට එරෙහිව තවත් සම්බාධක
September 21, 2017
hjgfgm
පරිසර දූෂණය අවම කිරීමට චීනයෙන් තවත් විසඳුමක්
September 21, 2017
Show all

මාලදිවයින් නීතිවේදීන්ට සේවා තහනමක්

yuhjkb

මාල දිවයින් බලධාරීන් විසින් පනස් දෙනකුට අධික නීතිවේදීන්ගේ සේවා තහනම් කර ඇත. රටින් බැහැරව සිටින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු මාල දිවයින් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන්ගේ සේවා මෙසේ අත්හිටුවා තිබේ.
මේ හේතුවෙන් අධිකරණය කටයුතු කරන ආකාරය දෝෂ දර්ශනයට ලක් කරන එම නීතිවේදීන් කණ්ඩායම ‘රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කරන මෙන්’ ඉල්ලා සිටිමින් නීතිපතිවරයා වෙත පෙත්සමක් භාර දී ඇත. මේ අතර මාලදිවයින් සමූහාණ්ඩුවේ අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් කරමින් සඳහන් කරනුයේ එවැනි පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීම නීතියට පටහැ‚ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එය ‘කුමන්ත්‍රණ ප්‍රයත්නයක්’ හැටියට සලකන බවත්ය.
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අයිතිවාසිකම් මර්දනය කරන බවට විපක්ෂය ජනාධිපති අබ්දුල් යමීන් පාලනයට චෝදනා කරයි. එම විපක්ෂ කණ්ඩායම් සහ ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පෙන්නුම් කෙරෙන අලුත්ම සිද්ධිය නීතිවේදීන් විශාල පිරිසක සේවා තහනම් කරනු ලැබීම යයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
මේ වසරේ ජූලි මාසයේ අග භාගයේ මාල දිවයින් විපක්ෂයේ දේශපාලනඥයන් සහ යුද හමුදාව අතර ගැටුමක් ඇති විය. මාල දිවයින් පාර්ලිමේන්තුවේ කතානායක අබ්දුල්ලා මෂීස් මොහොමඩ්ට එරෙහිව ඉදිරිපත් කර තිබුණු විශ්වාසභංග යෝජනාවක් සඳහා ඡන්දය විමසීමට නියමිතව තිබියදී ජනාධිපති අබ්දුල් යමීන් යුද හමුදාව යොදවා පාර්ලිමේන්තුව වසා දැමීමත් සමග පසුගිය ජූලි මස එම ගැටුම් වාර්තා විය.


ධනංජය සූරියබණ්ඩාර