95 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය

fthbn
ශීත මාලිගයට වෙඩි!
October 5, 2017
rrg
ජනපති ශූරතාව ‘බී’ කලාපයට
October 5, 2017
Show all

95 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය

dfhza

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා දියගමදී පැවැත්විණි. මෙවර එය පවත්වනු ලැබුවේ 95 වන වරටය. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය ඇතුළු කණ්ඩායම් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750කට වඩා වැඩි පිරිසක් සහභාගී විය. ඒ තරග ඉසවු 37ක් නියෝජනය කරමිණි.
සුපුරුදු පරිදි මෙවරද තරගාවලියේ වැඩි ගෞරව අත් කර ගැනීමට ත්‍රිවිධ හමුදාව සමත් වූයේ සමස්ත පදක්කම් 111න් පදක්කම් 100 ක්ම තමන් සතු කර ගනිමිණි. තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වූයේ රන් පදක්කම් 14ක් රිදී පදක්කම් 22ක් හා ලෝකඩ පදක්කම් 17ක් දිනා ගනිමිනි. රන් පදක්කම් 10ක් රිදී පදක්කම් 10ක් ලෝකඩ පදක්කම් 13ක් දිනා ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවන ස්ථානයත් රන් පදක්කම් 8ක් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත් ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.
මෙවර කාන්තා මීටර් 800 ඉසව්ව සදහා එහි ආසියානු රන් පදක්කම් ලාභිනිය වන නිමාලි ලියනආරච්චි සහභාගී නොවූ නිසා එම ඉසව්වෙන් ඉතා පහසු ජයක් හිමිකර ගැනීමට ගයන්්තිකා අබේරත්න සමත් වුවාය. තවද මීටර් 100 ධාවන ශූරයා වන හිමාෂ ඒෂාන්ද මෙවර තරගාවලියට සහභාගී වූයේ නැත.
මෙවර තරගාවලියේදී නව ශ්‍ර්‍රී ලංකා වාර්තා 3ක් සහ නව තරගාවලි වාර්තා 8ක් බිහි වූ අතර විශේෂ අභියෝග ශූරතා 15ක් පිරිනැමිණි.

මගේ කාලය ගැන සතුටුයි
ගයන්තිකා අබේරත්න

අද මගේ ඉසව්ව ජයග්‍රහණය කරන්න හැකි වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. එහෙත් මගේ හොඳම කාලය වාර්තා කරන්න බැරි වුණා. අද තරගයේදී මම මි.2 යි තත්පර 5.69 කින් තරගය නිමකරා. වර්ෂාව නිසා ධාවන පථයේ තරමක් ලිස්සන ගතියක් තිබුණා. ඒක නිසා එයින් අපට කිසිම සහයක් ලැබුණේ නැහැ. අනිත් එක තමයි අද නිමාලි නංගි ක්‍රීඩා කරේ නෑ. ඒක නිසා කිසිම තරගයක් තිබුණේ නැහැ. මම තනිවමයි දිවුවේ. නිමාලි දිවුවා නම් මීට වඩා හොඳ කාලයක් වාර්තා කරන්න තිබුණා. මේ කාලයට දුවන්න හැකිවීම පිළිබදව සතුටු වනවා.
මම මේ මාසේ 15 වනදා තරගාවලියකට සහභාගී වෙනවා. එතනින් මගේ මේ අවුරුද්දේ තරගාවලි අවසන් වෙනවා. ඊට පස්සේ ලබන වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා සූදානම් වෙනවා.


දර්ශන දිද්දෙණිය