ඇමති චම්පිකට කොට්ටාවේදී විරෝධය

dgfj
සාධාරණය ඉල්ලන හම්බන්තොට වරාය සේවකයෝ
October 6, 2017
klkffv
වකුගඩු රෝගීන්ට මරු පහරක්
October 6, 2017
Show all

ඇමති චම්පිකට කොට්ටාවේදී විරෝධය

jklgh

කොට්ටාව කුල සෙවණ මාවත දිලෙන තරු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා භූමිය ඩෝසර් කර නිවාස තුන්සීයක් සෑදීමට පවරා ගැනීමට ගෙන ඇති තීරණයකට එරෙහිව ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වී තිබේ. අක්කර නවයක භූමි භාගයක කොටසක් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඇති බවට වන ආරංචිය හේතුවෙන් ප්‍රදේශවාසීහු උද්ඝෝෂණ ක්‍රියාමර්ගවලට එළඹ සිටිති.
මහරගම හිටපු නාගරික මන්ත්‍රී දේවානන්ද සුරවීර ඇතුළු පිරිසකගේ මැදිහත්වීමෙන් ප්‍රදේශය පුරා කළු කොඩි දමා සටන් පාඨ කියමින් අඟහරුවාදා පොළ හන්දියේදී පසුගිය දහ නව වන දින ප්‍රදේශවාසීන් විසින් දැවැන්ත උද්ඝෝණ ව්‍යාපාරයක් පවත්වන ලදී.


විමුක්තිනී සතරසිංහ