ඉස්ලාම් අන්තවාදයට ටියුනීසියාවෙන් මරු පහරක්

kll;
කියුබාවේ දිවි රකිමින් එක්සත් ජනපදය සමතලා කළ ඉර්මා!
October 6, 2017
gjksz
උතුරු කොරියාවෙන් ප්‍රතිඥාවක්
October 6, 2017
Show all

ඉස්ලාම් අන්තවාදයට ටියුනීසියාවෙන් මරු පහරක්

gjukh

ටියුනීසියානු ජනාධිපති එසේබ්සි විසින් එරට කාන්තාවන්ගේ විවාහය පිළිබඳ නීති ලිහිල් කර ඇතැයි වාර්තා වේ. පැවති නීතිය අහෝසි කරමින් එරට වෙසෙන කාන්තාවන්ට මුස්ලිම් භක්තිකයෙකු නොවන පුරුෂයකු හා විවාහ වීමට ඉඩ සැලසෙන බව සඳහන්ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සහකරුවෙකු තෝරා ගැනීමට ඇති නිදහස දිනා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන්ට සුබ පැතුම් එකතු කරන බවයි.
මෙතෙක් පැවති නීතියට අනුව ටියුනීසියානු ජාතික කාන්තාවක හා විවාහපත් වීමට බලාපොරොත්තු වන අන්‍යාගමික පුරුෂයෙකු ඉස්ලාම් දහම වැළඳ ගත යුතුය. විවාහයට පෙර ඒ බව තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමත් අනිවාර්ය වේ. 99% මුස්ලිම් භක්තිකයන් වෙසෙන ටියුනීසියාව වෙනත් අරාබි රටවලට සාපේක්ෂව කාන්තා අයිතීන් අතින් ඉහළ ප්‍රගතියක් අත්කර ගත් අරාබි රටවල් අතරින් එකකි.
නව නීතිය බලාත්මක කිරීමත් සමග යුවලකට ආණ්ඩුවේ කාර්යාලයක් තුළ සිය විවාහය ලියාපදිංචි කිරීමේ අවස්ථාව හිමි වේ.
ස්ත්‍රී දූෂණයක් සිදු කළ අයෙකු එම තරුණිය හෝ කාන්තාව විවාහ පත් කර ගන්නේ නම් දඩුවම් ලැබීමෙන් මිදී සිටීමට හැකි වන පරිදි සකසා තිබූ වගන්තියක් ඉවත් කෙරෙන නව නීතියක් හඳුන්වා දීමටත් ටියුනීසියාවේ පාර්ලිමේන්තුව පසුගිය ජුලි මාසයේ කටයුතු කළේය.
කෙසේ නමුත් ටියුනීසියාවේ කාන්තාවෝ තවමත් වෙනස්කම්වලට ලක් වෙති. විශේෂයෙන් පරම්පරාවෙන් උරුම වන දේපළ සම්බන්ධයෙන් දියණියන්ට වඩා පුතුන්ට ප්‍රමුඛතාවක් හිමි වේ. එසේම එරට කාන්තාවන්ගෙන් 70% පමණ වධ හිංසාවලට ලක්වන බවට කාන්තා අයිතීන් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන ඇස්තමේන්තු කර තිබේ.


ධනංජය සූරියබණ්ඩාර