උතුරු කොරියාවෙන් ප්‍රතිඥාවක්

gjukh
ඉස්ලාම් අන්තවාදයට ටියුනීසියාවෙන් මරු පහරක්
October 6, 2017
kfg
දියණිය මවගේ ප්‍රචාරක වැඩ බාර ගනී
October 6, 2017
Show all

උතුරු කොරියාවෙන් ප්‍රතිඥාවක්

gjksz

උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහනේ අවසානය කරා යන බවට නායක කිම් ජොන්ග් අන් ප්‍රතිඥා දී ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි. තම ඉලක්කය වී ඇත්තේ එක්සත් ජනපද හමුදාව සතුව පවත්නා බලයට ‘සම බලයක්’ සහිත හමුදාවක් තැනීම බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර ඇතැයි එරට රජයේ නිල මාධ්‍යය වන KCNA පුවත් සේවය වාර්තා කර තිබේ.
ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ ජපානයට ඉහළින් පසුගිය සැප්. 15 වනදා මිසයිලයක් අත්හදා බැලීමෙන් අනතුරුවය. උතුරු කොරියාව මෙතෙක් අත්හදා බැලු මිසයිල අතරින් වැඩිම දුරක් ගමන් කොට මුහුදට පතිත වී ඇත්තේ එම මිසයිලයයි.
‘කොයි තරම් සීමා තහංචි යෙදුවත් අපි න්‍යෂ්ටික බලයේ දිනුම් කනුව කරා යන්නේ කොහොමද කියල පෙන්වීම සඳහා උග්‍ර ජාතිභේදවාදීන්ට අපේ අවි බලය පැහැදිලිවම පෙන්විය යුතුයි’ යනුවෙන් කිම් ජොන්ග් අන් ප්‍රකාශ කළ බව KCNA පුවත් සේවය වාර්තා කර තිබේ.
කිලෝමීටර් 770 ක උන්නතාංශයක් දක්වා ඉහළට පියාසර කළ මිසයිලය කිලෝමීටර 3700 ක පමණ දුරකින් හොකයිඩෝ දූපත අසල මුහුදට පතිත වූ බව දකුණු කොරියාවේ හමුදාව පවසයි. ශාන්තිකර කලාපයේ ඇති ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ගුවාම් දූපතට ද එම මිසයිලය ළඟා විය හැකි බව විශේෂඥයෝ පවසති. ගුවාම් දූපත පිහිටා තිඛෙන්නේ පියොන්ග්යැන් අගනුවර සිට කිලෝමීටර 3400 ක් පමණ දුරිනි.


ධනංජය සූරියබණ්ඩාර