ඕලු වැව ඉස්මත්තේ කිරට හඩන කිරි ගොවියෝ

fhyj
කැලණි ගඟ රැකීමට තරගාවලියක්
October 6, 2017
gjknm
චතුරිකාගේ තාත්තා ජනාධිපති කළ ජනතාව ගැන….
October 6, 2017
Show all

ඕලු වැව ඉස්මත්තේ කිරට හඩන කිරි ගොවියෝ

hjkgf

අපි අසල සිටියකුගෙන් ඕලුවැව ගම්මානය දක්වා මඟ විමසීමු. ‘ඔතනින් දකුණට හැරිලා වෙල මැද්දෙන් ගුරු පාර දිගේ යන්න. වැව් බැම්මට ගොඩවෙලා දිගටම ගිහාම ඕලු වැව ගම’ ඔහු එක දිගට කියාගෙන ගියේය.
අපි මෝටර් සයිකලය ගුරු පාරට හරවා ධාවනය කළෙමු. ටයරයට බොරලු යටවෙන කර කර හඩ සුළඟ හා මුසුවේ. හාත්පස ඊළඟ කන්නයට සැරසෙන වෙල් යායවල්ය. වැව් බැම්ම මතට ගොඩවූ පසු දිස් වූයේ නිලට දිය පිරුණු කුඩා වැවකි. විටින් විට ඇද හැලුණු වැසි වැව පෝෂණය කොට තිබිණි.
ඕලු වැව ගම්මානයට පිවිස මඳ දුරක් ගිය විට සුසන්ත තවත් තිදෙනෙකු සමග ඕලු වැව කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය ඉදිරිපිට රැඳී සිටියහ. මෙවර සංචාරක සටහන මෙරට ජනතාවට පෝෂණය සැපයමින් ජීවන අරගලයක යෙදෙන කිරි ගොවියා මුහුණ දී ඇති ගැටලු සෙවීම වෙනුවෙන්ය.
අපි කතාව ආරම්භ කළෙමු.
‘ප්‍රධාන වශයෙන්ම බලපාන ගැටලුවක් තමයි නිලධාරී හිඟය. නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටම ඉන්නේ එක සත්ත්ව සංවර්ධන උපදේශක නිලධාරීවරයායි. මේ ළඟදී එක නිලධාරිනියක් එවලා තියෙනවා. ඇයට තවම අත්දැකීම් මදි.’
කතාවට මුල පිරුවේ එම ස්ථානයට පැමිණ සිටි කිරි ගොවි මහතෙකි.
රජරට අතීතයේ පටන් ගව පාලනයට ප්‍රසිද්ධියක් උසුලයි. අද වන විටද රජරට බහුතර ජනතාව අවම වශයෙන් එක් කිරි ගවයෙකු හෝ ඇති කරනුයේ, තම ආර්ථීකයට යම් තරමක හෝ ශක්තියක් වනු පිණිසය. බලයට පත් කිසිදු ආණ්ඩුවක් මේ සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු කර ඇත්ද යන්න ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විමසීමේදී ඇති වන පැනයකි.
පශ= සම්පත් අමාත්‍ය පී. හැරිසන් ඇමතිවරයාද සිටින රජරට නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පමණක් සැලකූවද එම අවබෝධය ලබා ගැනීමට ප්‍රමාණවත්ය. කිරි ගොවීන් 1500ක් පමණ කිරි ගව පාලනයෙහිි නිරතව සිටින කිරි ගවයින් 5000ක් පමණ ගහනයක් සහිත නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අවම වශයෙන් සත්ත්ව සංවර්ධන නිලධාරීන් සිවු දෙනෙකුවත් සිටිය යුතු බව එම ප්‍රදේශයෙහි කිරි ගොවීහු ප්‍රකාශ කර සිටිති.
දැනට සේවයෙහි නිරත එම නිලධාරියා විසින් කලා ඔය, රාජාංගණය, 38 කණුව, විල්පත්තුව, කුකුල්කටුව, නාවක්කුලම, 419 ආදී ගම්මාන රාශියක් ආවරණය කරන අතර, එය ඔහුට කොහෙත්ම දැරිය හැකි වපසරියක් නොවේ. ඒ අනුව කෘතීම සිංචන කටයුතු වෙනුවෙන් එම නිලධාරියා විසින් සිිදු කළ යුතු මැදිහත්වීම නිසි අයුරින් සිදු කළ නොහැකිිව ඇත්තේ ඔහු විසින් ආවරණය කළ යුතු බල ප්‍රදේශය විශාල නිසාය.
අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පශ= වෛද්‍යවරුන් දෙදෙනෙකු අවශ්‍ය වුවද, සිටිනුයේ එක් වෛද්‍යවරියක් පමණි.
ඒ අනුව අද වන විට නොච්චියාගම කිරි ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්ව ඇත්තේ සත්ත්ව සෞඛ්‍ය පිළිබඳ ගැටලුය. පශ= වෛද්‍ය සේවාව නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් විවිධ ලෙඩ රෝග නිසා මිය යන කිරි ගවයින් සංඛ්‍යාව සැලකිය යුතු ගණනකි. සත්ත්ව සෞඛ්‍ය සේවාව සැපයීමේදී වෛද්‍යවරු හිඟය මෙන්ම ඔවුන්ට ගමන් කිරීමට ඇති ප්‍රවාහණ පහසුකම්ද ප්‍රධාන බාධකයක්ව පවතී. නොච්චියාගම පශ= වෛද්‍යවරුන් සඳහා ඇති කැබ් රථය අලුත්වැඩියාව සඳහා ගෙන ගොස් වර්ෂ දෙකක් ඉක්ම ගොස් තිබියදී මේ වන තෙක් එය රැගෙන විත් ඇත්තේ නැත. එමෙන්ම කෘතිම සිංචන ශිල්පීන්ගේ හිඟයද ඉදිරියේදී කිරි ගවයන්ගේ ගහණයට බලපාන කරුණක් වශයෙන් පවතින බව කිරි ගොවීහු ප්‍රකාශ කර සිටිති.
දේශීය කිරි අවශ්‍යතාවය රට තුළින්ම සපුරා ගැනීමට අවශ්‍ය කරන තත්ත්වයන් මනාව පැවතියද ඒ සඳහා කිරි ගොවි කර්මාන්තයේ යෙදී සිටින ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් හෝ ලබා දීමට කිසිදු රජයකට මේ තාක් හැකි වී නොමැත්තේ මන්ද? යන්නට පිළිතුරු සොයා ගත යුතුය.
ඖෂධ මාෆියාව සේම දේශීය වෙළඳපොළ ගිලගෙන ඇති පිටි කිරි මාෆියාවද එයට බලපෑමක් කරනවාට සැක නැත. සටහනට අදාළ නොච්චියාගම ප්‍රදේශයේ පමණක් මේ වන විට කිරි දෙනුන් සඳහා සිදු කළ යුතු කෘත්‍රීම සිංචන 500ක් පමණ ඉක්මවන ප්‍රමාණයක් සිදු කළ නොහැකිව ඇත්තේ එම ශිල්පීන්ගේ හිඟකම හේතුවෙනි. එය ඉදිරි මාස 9ක කාලයක් තුළ ප්‍රදේශයේ කිරි අස්වැන්න පහළ බැසීමට ප්‍රභලව බලපෑම් කරනු ඇති බව ගොවීන්ගේ මතය වී තිබේ.
එමෙන්ම සත්ත්ව පාලනයට අදාළ ඖෂධ හා උපකරණ මෙන්ම, සත්ත්ව පාලන උපකරණද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. එහෙත් දියර කිරි ලීටරයක මිල රුපියල් 60.00ත් 65.00ත් අතර පවතී.
වසර 25 – 30ක් පුරාවට සත්ත්ව පාලනයේ යෙදෙන කිරි ගොවියෙකු වුවද, අද දින ගත කරනුයේ සැපවත් දිවියක් නොවේ. ආණ්ඩුව කටයුතු කරනුයේ කිරි ගොවියන්ගේ සැබෑ අවශ්‍යතාවයන් හඳුනාගෙන නොවන බවට ගොවීහු චෝදනා කරන අතර, ආණ්ඩුව ව්‍යාපෘති සකස් කරනුයේ ගොවීන්ගේ අදහස් විමසීමකින් තොරව බව ප්‍රකාශ කර සිටිති.
ඒ අනුව පසුගිය කාලයේ ඇති වූ වර්ෂාව අවම වීම හේතුවෙන් කිරි ගවයින් දැඩි ආහාර හිඟයකට මුහුණ දී ඇති අතර, ගොවීන් විසින් ඉල්ලා සිටි තණකොළ ගබඩා කර ගැනීමේ පහසුකම රජය විසින් ඉටු නොකිරීම හේතුවෙන් තම ගවයින් බේරා ගැනීම සඳහා අස්වැන්න නෙළා අවසන් වූ බඩඉරිගු වගාවන් මිලට ගෙන කිරි ගවයන්ට දීමට ගොවි ජනතාවට සිදු වී තිබේ.
නොච්චියාගම ප්‍රදේශයේ බහුතරයක් ජනතාව තම කිරි අස්වැන්න සපයනුයේ මිල්කෝ ආයතනයට වන අතර, නිසි පරිදි තම අස්වැන්නට මිලක් නොලැබීම හා නියමිත වේලාවට ගොවීන්ට තම මුදල් නොලැබීම හා සත්ත්ව ආහාර නියමිත වේලාවට ලබා නොදීම යන කරුණු මත අපහසුතාවයට පත් ගොවීන් සමාගම හැර යන අතට කරුණු සැකසෙමින් තිබේ. සුගිය මාර්තු සිට අද දක්වාම කිරි ගවයින් සඳහා අවශ්‍ය ගව ආහාර ලබාදීමට සමාගම අපොහොසත්ව ඇති බව ගොවීහු ප්‍රකාශ කර සිටිති. ඒ අනුව වැඩිමිල ගෙවමින් පිටත වෙළඳුන්ගෙන් ගව ආහාර මිලදී ගැනීමට ගොවීන්ට සිදු වී තිබේ.
ගොවීන්ට ඛෙදා දීම සඳහා ආනයනය කළ උසස් තත්ත්වයේ කිරි ගවයන් 2000කට අධික ගණනක් තම හිතවතුන් අතර ඛෙදා දුන් පශ= සම්පත් ඇමතිවරයා යටතේ පවතින රාජ්‍ය සමාගමක් වන මිල්කෝ සමාගම ගොවීන් සම්බන්ධයෙන් කටයුතු කරනුයේ එලෙසය.
බොහෝ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල නිරත සේවය කරන සේවිකා මහත්මීන් කටයුතු කරනුයේ මසකට රුපියල් 2,000.00ක් වැනි සොච්චම් මුදලකට වන අතර, අවශ්‍ය ගබඩා පහසුකම් නොමැති කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානද පවතින බව ඕලු වැව කිරි ගොවීහු ප්‍රකාශ කර සිටියහ.
කිරි අස්වැන්න ඉහළ දැමීම වෙනුවෙන් නව තාක්ෂණය හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ප්‍රදේශයේ සම්පත් භාවිත කිරීම තුළින් දේශීය කිරි අස්වැන්න ඉහළ දැමීමට තමන්ට හැකියාව පවතින බව නොච්චියාගම කිරි ගොවීහු ප්‍රකාශ කර සිටිති.
දේශීය කිරි ගොවියා නඟාසිටුවීම වෙනුවෙන් වගකීම පැවැරෙන කිසිදු ආයතනයක් තම යුතුකම් කොටස ඉටු නොකරන බව පවසන ගොවීහු ආණ්ඩුව දිනෙන් දින මෙම කර්මාන්තය අභාවයට යැවීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා කර සිටිති.
දේශීය කිරි ගොවියා යනු තමා විසින්ම පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයක් මගින් ජීවිකාව සරි කරගන්නා හා ඒ හරහා රටේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවත් සම්පූර්ණ කරන්නකි.
එහෙත් මෙම කර්මාන්තයේ නියුතු බොහෝ දෙනෙකුට තම කර්මාන්තය අර්බුදයට යමින් තිඛෙන බව හෝ තම වෘත්තිය ඉහළ තලයකට ගෙන ඒමට රාජ්‍ය මැදිහත් වීම අවම බව හෝ අවබෝධයක් ඇත්තේ නැත.
ලෝකයේ නව තාක්ෂණික ක්‍රමවේද හා කිරි අස්වැන්න වැඩිි කිරීමේ නව තත්ත්වයන් පිළිබඳ මෙම ගොවීහු බොහෝ දෙනෙකුට අවබෝධයක් ඇත්තේ නැත. මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව දැනුම ගොවීන් වෙත ගෙන යා යුතු අදාළ ආයතන කිරි ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු කළ යුතු වුවද එවැනි තත්ත්වයන් දක්නට ඇත්තේද නැත. ගොවීහු වසර ගණනාවක් පුරුද්දට කරන රැකියාව අදටත් ඔහේ කරගෙන යනවා මිසක වැඩි දෙනෙකු කටයුතු කරනුයේ මෙම කර්මාන්තයේ ලෝක තත්ත්වයන් පිළිබඳව අවබෝධයකින් නොවේ.
වසර 60 – 70ක් දරිද්‍රතාවයේ පතුළටම ගිල්වා ඇති ජනතාවකට තමන් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට හැඟීමක් ඇත්තේ නැත.
මෙරට ජනතාවට සමෘද්ධිය අහිමි වීම යනු මාරාන්තික කරුණක්ව ඇත්තේ එබැවිනි. තම කිරි නිෂ්පාදනයට සොච්චමක් වැඩි කළ පමණින් ඔවුනට මහ මෙරක් සේ දැනෙනුයේ එබැවිනි. තම පැවැත්ම වෙනුවෙන් පාලකයන් විසින් දරිද්‍රතාවය නඩත්තු කරමින් යන බව ජනතාවට අවබෝධයක් ඇත්තේ නැත. ජනතාවගේ අපේක්ෂාව වී ඇත්තේ හෙට හොඳ වෙයි යන්න පමණය.
ජනතාව තුළ ඇත්තේද දීර්ඝ කාලීන බලාපොරොත්තු නොවේ. ඒ මොහොතේ කුමක් හෝ ලැඛෙන තෙක් සතුටු වීමේ බලාපොරොත්තුවක් පමණි. කිරි ගොවියාටද එයම අදාළ වී තිබේ. තමන් ජීවත් වනුයේ දරිද්‍රතාවයේ පතුලක බව ඔවුනට අවබෝධයක් ඇත්තේ නැත.
ඒ හේතුවෙන්ම කිරි සමග කියවෙන තරමට ඔවුන්ගේ ජීවිතවල පෝෂණයක් ඇත්තේ නැත.

සමාගම ගොවීන්ට බොරු කරනවා
සුසන්ත ප්‍රනාන්දු (සභාපති නොච්චියාගම මිල්කෝ ඒකාබද්ධ කිරි ගොවි බල මණ්ඩලය)

මේ වන විට මිල්කෝ සමාගම ගොවීන්ට මුදල් ගෙවීම ප්‍රමාද කරමින් සිටිනවා. සත්ත්ව ආහාර සහ ඛනිජ ලබාදීමේදී සමාගම අනුගමනය කරන්නේ උදාසීන ප්‍රතිපත්තියක්. ඒ නිසා කිරි ගොවීන් අපහසුතාවයට පත්වෙලා සිටිනවා.

ගොවීන්ට තාක්ෂණික දැනුම ලබාදෙන්න ඕනේ
කේ. ඩී. වීරසේකර (ඕලු වැව ඒකාබද්ධ කිරි ගොවි බල මණ්ඩලය)

අපි කාලයක් කිරි ගොවීන් විදිහට මෙම වෘත්තිය කළාට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ප්‍රමාණවත්ව ලැඛෙන්නේ නැහැ. ලෝකය අපිව පහුකරන් ගොඩක් දුර ගිහිල්ලා. අපට ඒ දැනුම ඕන. රජය මැදිහත්වෙලා කිරි ගොවීන්ට ණය පහසුකම් ලබාදෙන්න කටයුතු කරන්න ඕන. ගවයන්ගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් පහසුකම් සලසන්න ඕන.

නිෂ්පාදනයට සාධාරණ මිලක් ඇත්තේ නෑ
සුසන්ත කුමාර නවරත්න (කිරි ගොවීන් සුරැකීමේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ජාතික සංවිධායක)

සත්ත්ව ආහාර හා ඖෂධ මිල සියයට සීයකින් ඉහළට ගිහින් තියෙනවා. නමුත් පිරිවැයට සාපේක්ෂව ගොවීන් අතට සාධාරණ මුදලක් ලැඛෙන්නේ නෑ. ඒ නිසා දවසින් දවස මෙම කර්මාන්තය අභාවයට යමින් තියෙනවා. ගොවීන් දිනෙන් දින දරිද්‍රතාවයට පත්වෙමින් සිටිනවා.


සටහන සහ ඡායාරූප
කිත්සිරි කොඩිතුවක්කු