කියුබාවේ දිවි රකිමින් එක්සත් ජනපදය සමතලා කළ ඉර්මා!

gj,k
සෑම දරුවෙක්ම සුවිශේෂයි. එහෙත්….
October 6, 2017
gjukh
ඉස්ලාම් අන්තවාදයට ටියුනීසියාවෙන් මරු පහරක්
October 6, 2017
Show all

කියුබාවේ දිවි රකිමින් එක්සත් ජනපදය සමතලා කළ ඉර්මා!

kll;

ස්වභාවික විපත් සිදු වීම පිළිබඳව වර්තමානයේදී ඇත්තේ මහත් බියකි. මේ බිය අතීතයේදීද පැවතියත් වර්තමානය වන විට එහි ප්‍රවණතාවය පෙරට වඩා සිය දහස් ගුණයකින් වර්ධනය වී පවතී. මන්ද වර්තමානයේදී ඇති වන ස්වභාවික විපත් වලින් සිදු වන හානිය කියා නිම කිරීමට බැරි තරම් විශාල වීම මෙයට හේතුවයි. එය සනාථ කරන්නේ පසුගියදා ඇමෙරිකානු මහද්වීපය හරහා හමා ගිය සුළි කුණාටුවයි. එම සුළි කුණාටුව නමින් ‘ඉර්මා’ වන අතර, අත්ලාන්තික් ද්‍රෝණිය හරහා හමා ගිය බලගතු සුළි කුණාටුවලින් එකක් සේ සලකනු ලැබීය. මුලින් කැරිබියානු දූපත් ආශ්‍රිතව ඇති වූ මෙය අවසානයේදී ලොව මහා බලවතා යැයි කියා ගන්නා ඇමෙරිකානු භූමියෙන් කෙළවර විය. නමුත් ඇමෙරිකාවටද තමන්ගේ බලය භාවිතා කර එය නවතා දැමීමට නොහැකි වූ අතර, අවසානයේදී ඔවුන්ටද සිදු වූයේ ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ පාඩුව ඩොලර් බිලියන 10ක් යැයි කියා ගණන් බැලීමය.
මෙම ඉර්මා මුලින් ඇන්ටිගුවා හා බාබියුඩා දූපත් ද්විත්වය හරහා හමා ගිය අතර, එයින් කුඩා බිලිෙඳකුගේ ජීවිතයත්, බාබියුඩාහි ගොඩනැගිලිවලින් 95%ක් පමණ අහිමි කිරීමටත් සමත් විය. එසේම බාබියුඩාවට තරම් හානියක් ඇන්ටිගුවාවට නොවූ අතර, වැදගත්ම දේ වන්නේ කිසිදු ජීවිත හානියක් සිදු නොවීමය. එම දූපත් ද්විත්වය පසුකරමින් ආ ඉර්මා ඉන් අනතුරුව කඩා වැදුනේ මාර්ටින් හා බර්තෙලමේ දූපත් දෙසටය. එහිදී මාර්ටින් දූපතේ 60%කට නිවාස අහිමි කරන ලදී. එසේම සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසාවෙන් ජනතාවට සිය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි වූ අතර, පුද්ගල මරණ 9ක් වාර්තා විය.
ඉන්ද නොනැවතුණු මේ ඉර්මා අනතුරුව බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හා ඇමෙරිකන් වර්ජින් දූපත් වෙතින් ඇදී ගියේය. මේ දූපත්වලින්ද මරණ 9ක් වාර්තා විය. සංචාරක කර්මාන්තය තුළ ඉමහත් කීර්තියක් අත් කරගෙන සිටි වර්ජින් දූපතටද විශාල අලාභානියක් සිදු වූ නමුත්, පැවති කාලගුණ තත්ත්වය මත එහි හානිය ගණනය කිරීමට නොහැකි විය. ඉන්පසු ඉර්මා පෙටෝරිකෝ හරහා ගමන් කළ අතර, විදුලිය ඇණ හිටීමේ තත්ත්වයකට මුහුණ දීමට පොටෝරිකෝ වාසීන්ට සිදු විය. එසේම නිරන්තර ජල ගැලීම්වලට ලක්වන හයිටියට හා ඩොමිනිකන් ජනපදයන්ටද මින් හානි සිදු විය. නමුත් ඉර්මා ගැන කල්තියා හඳුනා ගත් ඩොමිනිකන් ජනරජය එය කඩා වැදීමට ප්‍රථම 20,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළහ.
කියුබාව වෙත ඉර්මා ඇදෙන්නේ ඉන් අනතුරුවය. මෙසේ කඩා වැදුනු ඉර්මා කියුබාව හරහා ඇදී යන විට 5 වැනි ගණයට අයත්ව තිබූ අතර, කියුබාවට 5 වැනි ගණයේ සුළි කුණාටුවකට මුහුණ පෑමට සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. නමුත් කියුබානු රජය ඊට මුහුණ දීම සඳහා මෙම සුළි කුණාටුවේ හැසිරීම් රටාවත්, ගමන් මාර්ගයත් පිළිබඳව නිසි අවධානය යොමු කර සිටි අතර, එමගින් ඔවුන්ට ඇති වීමට ගිය මහත් ව්‍යසනයට පිළියම් සෙවීමට කටයුතු කර තිබිණි. ඒ තම කියුබානු ජනයාගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහාය. ඔවුන් මෙම කුණාටුව තමන් වෙතට කඩා පැනීමට ප්‍රථම මිලියන 6ක් වූ කියුබානු ජනයාත්, දහස් ගණනකින් යුත් සංචාරක පිරිසත් නිසි ප්‍රමිතියකින් යුත් ආරක්ෂාකාරී ස්ථාන කරා යොමු කරන ලදී. එසේම රජය ගත් තීන්දුවට ඒකාන්තයෙන්ම සිය ආචාරය පුද කරමින් කියුබානු ජනතාවද තම දේපොළ පවා අතහැර ගොස් සිය ජීවිත මෙන්ම අන්‍ය ජීවිතද බේරා ගැනීමට එක්ව කටයුතු කර තිබිණි. අනතුරුව හමා ගිය කුණාටුව හේතුවෙන් නිවාස දේපොළ රැසකට හානි ගෙන දුන් අතර, ඔවුන්ගේ ප්‍රමිතියකින් යුත් ආරක්ෂක ක්‍රමෝපායන් හරහා කිසිදු ජීවිතයක් මෙම සුළි කුණාටුවට බිළි ගැනීමට සමත් නොවීය.
නමුත් පැයට කිලෝමීටර් 169ක වේගයෙන් ෆ්ලොරිඩාහි බටහිර වෙරළ තීරයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුල් වූ ඉර්මා හමුවේ ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ මහත් ඛේදාන්තයකටය. ඒ, එරට වැසියන් 70 දෙනෙකුට ජීවිත අහිමි කරමිනි. එසේම ඉර්මා ඇමෙරිකාවට ඇතුළු වන්නට පෙර කුණාටු හේතුවෙන් බිලිගත් ජීවිත සංඛ්‍යාව 36ක් වී තිබිණි. ඇමෙරිකාවේ ජනපද 9කට බලපෑම් කළ ඉර්මා මහා මාර්ග වාරිමාර්ග බවට පත් කරමින්, සන්නිවේදන ජාලා අඩපණ කරමින්, වනාන්තර වල ඇති ගස් උදුරා දමමින් සියල්ල සෝදා පාළුවට ලක් කළේය. එසේම මියාමි ප්‍රදේශයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී තිබුණු අතර, විදුලි බලය ඇන හිටි නිවාස සංඛ්‍යාව ලක්ෂ 25කට අධික විය.
ඇමෙරිකා එක්සත් ජනපදය මෙම සුළි කුණාටුව හමුවේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා විටින් විට කටයුතු කළත්, එය සම්පූර්ණයෙන් සාර්ථක නොවීය. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ එසේ ඉවත් කළ ප්‍රමාණය ලක්ෂ 63කි. නමුත් එය ප්‍රාන්්තයේ ජනගහනයෙන් 30%ක ප්‍රමාණයක් විය. එහෙත් එසේ ඉවත් කිරීමට නියමිත වූ සම්පූර්ණ පිරිසටද සිය ජීවිතය රැක ගැනීමට නොහැකි විය. ධනවාදයේ මුදුන් මල්කඩ වූ ඇමෙරිකාව දේපොළ හා පෞද්ගලික බල ලෝබය හමුවේ සිය පාලනය ගෙන යනු ලබයි. එසේ හෙයින් එහි බලපෑමද එරට ජනතාවට නිතැතින් හිමිව ඇති අතර, ඒ බලපෑම නිසාද මේ කුණාටුව හමුවේ ඇමෙරිකානුවන් හට ජීවිත අහිමි විය. ඒ මෙතරම් දැඩි කුණාටුවක් හමා යද්දීත් සිය දේපොළ ආරක්ෂා කිරීමට වෙහෙසීමේදීය. එක් කොටසක් ඇමෙරිකාව තුළ එසේ මිය යද්දී තවත් පිරිසක් කුණාටුව මග හැර යාමට අපොහොසත් වීම නිසා ජීවිතය අහිමි කර ගත්හ.
කෙසේ නමුත් මෙසේ ඇති වන ස්වභාවික විපත් සඳහා වත්මන් ලෝක බලවතුන්ගේ නොමනා පාලන ක්‍රමය ඉවහල් වී තිඛෙන බව සඳහන් කළ යුතුය. මෙය වර්තමානයේදී විද්‍යාඥයන් විසින්ද තහවුරු කර තිබේ. ඔවුන් සිදු කරන ලද පරීක්ෂණ හමුවේ ඔප්පු වී තිඛෙන්නේද ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළ යාම මේ සුළි කුණාටු සඳහා ඉවහල් වී ඇති බවය. වත්මන් ධනවාදය සිය ආර්ථීක පිළිවෙත මුල් කර ගනිමින් මුළු ලෝකයම විනාශ කිරීමේ ප්‍රතිඵලය මෙසේ වී තිබේ. නමුත් එහි බරපතළම වන්දිය ගෙවනුයේ පාලකයන් නොවේ. ඔවුන් එතනට ඔසවා තැබූ ඔවුන්ගේම අතවැසියන්ය. ඉහතින් පෙන්වා දී ඇති ලක්ෂ සංඛ්‍යාත අවතැන්වීම්, මරණයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ එයයි. එය පාලකයන්ට පක්ෂ අය හෝ විපක්ෂ අය හෝ තෝරා බේරා ගනිමින් ස්වභාවධර්මය විසින් දඩුවම් නොකරයි. මේ පාලකයන්ගේ විනයක් රහිත අමන ක්‍රියා පිළිවෙත් නිසා ජනතාව සිය ජීවිතයෙන් වන්දි ගෙවමින් සිටියි. එබැවින් වහාම මේ විනයක් රහිත පාලකයන් පළවාහැර ලෝකවාසී ජනතාවගේත්, මිනිසාට ජීවය දෙන ස්වභාවධර්මයේ පැවැත්මත් තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් සේ පෙනී යයි.


ධනංජය සූරියබණ්ඩාර