ජනාධිපති තාත්තාගේ ව්‍යවස්ථා උගුල

xdj
ලලිත්ගේ දඩුවම ගැන මහින්දගෙන් ඉගෙන ගන්නවාද? අනුරගෙන් ඉගෙන ගන්නවාද?
October 6, 2017
ghk
දැන් මහරජා වෙන කෙනෙක්…!
October 6, 2017
Show all

ජනාධිපති තාත්තාගේ ව්‍යවස්ථා උගුල

,,hjj

මහින්ද ගැන පොතක් ලියුවේ මහින්ද ඉලේපෙරුමය. මෛත්‍රී ගැන ‘ජනාධිපති තාත්තා’ ලියූ බව කියන්නේ චතුරිකා සිරිසේනය. මේ සම්බන්ධයෙන් සලකා බලන කල මහින්දගේ පුතුන්ට අවුරුදු ගාණක් තිස්සේ කළ නොහැකි වූ දෙයක් චතුරිකා අවුරුදු දෙකෙන් කර තිබේ. මේ පොත් පෙරළීමේ දේශපාලනය ගැන සලකා බලීමේ දී ‘මාකටින්’ කිරීමෙන් එදා මහින්ද ගැන ලියූ මහින්ද ඉලේපෙරුම පරදා මෙදා මෛත්‍රීගේ චතුරිකා පිමි ගණනකින් ඉදිරියට පැන තිඛෙන බව සනාථ වී ඇත.
‘ජනාධිපති තාත්තා’ පොත නිකුත් කිරීමේ ‘ෆොටෝ කැම්පේන්’ එකක් කර තිබුණේය. එහි නිරූපණ ශිල්පිනිය වූයේ චතුරිකාය. චතුරිකාගේ ෆොටෝ කැම්පේන් එක දකින විට නිතැතින්ම මතකයට එන දේශපාලන චරිතයක් තිබේ. මීට සියවස් කාලකට පමණ පෙර 1993දී පමණ ‘පෝස්ටර් කැම්පේන්’ එකක් දියත් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. චන්ද්‍රිකා එදා ආවේ විහාර මහා දේවිය බව කියමින්ය. චතුරිකා ද විහාර මහා දේවියට අඳින්න සූදානම් වෙන බව කියන්නට ඉක්මන් වැඩි නොවන බව පැහැදිලිය.
එදා චන්ද්‍රිකා තරම්ම ලස්සන ෆොටෝ ගහගෙන එන ලස්සන චතුරිකාගේ ‘ජනාධිපති තාත්තා’ යටින් තිඛෙන්නේ ෆොටෝ තරම්ම ලස්සන කතාවක් නම් නොවේ. මේ හැරෙන්නේ කෙසෙල් පැළයට බව තේරුම් ගැනීම වැදගත්ය. චතුරිකාගේ ‘ජනාධිපති තාත්තා’ පොත රාජ්‍ය උත්සවාකාරයෙන් නිකුත් කරන්නේ විශේෂ තත්ත්වයක් යටතේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා මාලාව ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබියදීය. 2015 ජනවාරි 09 වැනිදාට පෙර සිටි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන දැන් ‘ජනාධිපති තාත්තා’ වී ඇත්තේය. ‘ආඩම්බරකාර තාත්තා’ සහ ‘ජනාධිපති තාත්තා’ අතර තිඛෙන සමානකම් හෝ වෙනස්කම් පිළිබඳ ක්ෂුද්‍ර පරීක්ෂණයක් කළ යුතු නොවන බව පෙර කී ශ්‍රීලනිප යෝජනාවලින් එළියට පැන අවසන්ය.
අමුතුවෙන් නොකිව යුතු වුවත්, චතුරිකාගේ ‘ජනාධිපති තාත්තා’ට මතක් කර දිය යුතු ප්‍රධාන කරුණක් තිබේ. 2014 නොවැම්බරයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වන බව නිවේදනය කළ නව නගර ශාලා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ‘රටට ශාපයක් වී තිඛෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන’ බවය. එතැන් සිට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පුරාම ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවය. මෛත්‍රී පසු අවස්ථාවක කියූ පරිදි ජනාධිපති වශයෙන් පත් වී සති තුනක් පමණ ගත වන තුරු තමා රටේ ජනාධිපති බව තමන්ට නොදැනුණේ යැයි කළ ප්‍රකාශය අමතක නොකළ යුතුය. ඒ වූ මෛත්‍රීගේ දුව චතුරිකා ‘ජනාධිපති තාත්තා’ ගැන ලියන ලද පොත පිට වන අවස්ථාවේ විධායක ජනාධිපතිකමේ රහ ඉතා හොඳින් තේරුම්ගෙන සිටින්නේය.
පක්ෂය පාවා දී විධායක ජනාධිපතිකම රැක ගැනීමට මෛත්‍රී හීන් නූලේ වැඩ කර තිඛෙන්නේ මේ නිසාය. විධායක ජනාධිපතිකමේ පත්තියන් වීමට පටන් ගත් තැන් සිට මෛත්‍රීගේ සට්ටෑඹියන් ටික කීමට පටන් ගත්තේ, ‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකපයින් කැමති වුණත්, පක්ෂයේ ස්ථාවරය වී තිඛෙන්නේ එය අහෝසි නොකළ යුතු බවය’ යන්නය. මේ මන්තරය ජප කිරීමෙන් පසු දැන් නිල වශයෙන් යෝජනා ඉදිරිපත් කර තිඛෙන්නේද විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන බවටය. චතුරිකාගේ ජනාධිපති තාත්තා පොත දැමීමේ ප්‍රචාරණ ව්‍යාපාරය යට තිඛෙන්නේ මේ රාක්ෂ මුහුණුවරය.
විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් දිගටම විරෝධය පළ කරන ජවිපෙ අපූරු ප්‍රකාශයක් කර තිබුණේය. එම පක්ෂයේ නායක අනුර දිසානායක විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබුණේ, ‘විධායක ජනාධිපතිකම දරන පුද්ගලයාට ද විනාශය අත් කර දුන්’ බවය. ‘ජනාධිපති තාත්තා’ගෙන් තහවුරු වන්නේ මේ සන්තෑසියම බව සනාථ කර හමාරය. 2020 ජනාධිපතිවරණයෙන් ශී්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රී බවද දැන් ඔහු වටේ සිටින සට්ටෑඹිරාලලා ප්‍රකාශ කරමින් සිටිති. ඔවුන්ට එවැනි ප්‍රකාශ කිරීමට තිඛෙන අයිතිය කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකිය. නමුත්, මේ රටේ ජනතාව ගොනාට ඇන්දවීමට දරන සටකපට, නිවට ක්‍රමයට ඉඩ තැබිය යුතු නොවේය.
විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යා යුතු බවට ගෙනෙන ප්‍රධාන තර්කය වී තිඛෙන්නේ ජනතාවගේ ඇගේ ලොමුදැහැගැන්වෙන කරුණක්ය. මහින්ද කල්ලිය තවමත් ජප කරමින් සිටින්නේ කොටි ත්‍රස්තවාදීන් යළි හිස ඔසවන බවය. මෛත්‍රීගේ අවශ්‍යතාවය අනුව සට්ටෑඹියන් ප්‍රකාශ කර තිඛෙන්නේ මහින්දගේ කොටි අවතාර ද පරාජය කරන කරුණක්ය. ‘ලොව වටා සිදු කෙරෙන බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියා සහ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර සිතා බැලිය යුතු බවය. මෙසේ සිතා බැලීමෙන් පසුව තහවුරු වී ඇත්තේ, රටේ ඒකීය භාවය හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට විධායක ජනාධිපති ධුරය තව දුරටත් පවත්වාගෙන යා යුතු බවය.’
චතුරිකා පොත ලියූ ‘ජනාධිපති තාත්තා’ගේ තරම මෙයින් සිතා ගත හැකිය. මහින්ද ජනතාව භය කරන්නේ රට තුළ සහ රටින් පිට සිටින කොටි ත්‍රස්තවාදීන් පිළිබඳ අවතාර මවමින්ය. මෛත්‍රී ජනතාව භය කරන්නේ ලොව වටා සිටින බිහිසුණු ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් ගැන සඳහන් කරමින්ය. එයින් නොනැවතී විධායක ජනාධිපතිකම තවදුරටත් පවත්වාගෙන යාම ගැන තහවුරු කරන්නේ ජනතාවගේ ඡන්ද කොල්ලකෑමට ද අවස්ථාව ඉතිරි කර ගනිමින්ය. ‘ජාති ආගම් ඔස්සේ ඛෙදීමක් නොමැතිව රටේ සෑම පුද්ගලයකුටම පොදු ජනාධිපතිවරයකු පත් කිරීම හරහා ජනතාවට යම් දේශපාලන බලයක් හිමි වන බව’ ශ්‍රීලනිප යෝජනා විස්තර කරමින්, සඳහන් කර ඇත.
එයින් නොනැවතී ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ ලස්සන කරුණු ඉදිරිපත් කිරීමට ද අමතක කර නොමැතිය. ‘ජනතාව
මැතිවරණ ක්‍රමයේ කොටස්කරුවකු වන බැවින්, ජාතික සංහිඳියාව ඇති කිරිමටද හේතුවක් වන බව’ට තර්කයක් ද ගොතා ඇත්තේය. හරිම අපූරුය! ඒ නම්, ජනාධිපති තාත්තාගේ මහා ප්‍රඥාවේ තරමය. 2015 ජනවාරි 08 වැනිදා ලක්ෂ 62ක් ඡන්දය දුන්නේ පරමාධිපත්‍ය බලය සතු බව කියන ජනතාවමය. ඔවුන්ට හිමි වී තිඛෙන බලය වන ඡන්දය තුළින් ප්‍රකාශ කර හඩ ගා කියුවේ මේ රටට මහත් ව්‍යසනයන් ඇති කළ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙසය. එදා ලබා දුන් ඒ ඡන්ද දේශපාලන බලයක් හිමි නැති ඡන්ද බවට ජනාධිපති තාත්තාගේ මහා ප්‍රඥාවට දැන් වැටහී ගොස් තිඛෙන බව පැහැදිලිය.
එයින් ද නොනැවතී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ දියුණු දේශපාලන විඥානයක් සහිතව ඡන්දය භාවිත කළ අවස්ථාවක් හැටියට ද එම ජනාධිපතිවරණය හැඳින්වීමට හැකි විය. හෙඳන් හාල්, ශත විසිපහට හාල් සේරුව, ඇට රාත්තල් අට වැනි කුස මූලික ආකර්ෂණීය ඡන්ද පොරොන්දුවලට ඡන්දය දීමේ සංස්කෘතිය හැරවීමේ ලක්ෂ්‍යයක් ද එම ජනාධිපතිවරණයෙන් සටහන් කර තිබිණි. මෙරට මැතිවරණ ඉතිහාසයේ දියුණුම තීරණය ගන්නා ලද්දේ එදින බව සටහන් වූයේ මෙම ගුණාත්මක හැරවුුම් ලක්ෂ්‍යය නිසාය. නමුත්, එතැන් සිට අවුරුදු දෙකක් ගෙවී ගිය තැන ජනාධිපති තාත්තාගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා අනුව කියන්නේ ජනතාව මැතිවරණ ක්‍රමයේ කොටස්කරුවකු ද වන බව දැනගෙන ජාතික සංහිඳියාව ගොඩනැගීමට විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතු බවය.
මේ තරම් පාදඩ ප්‍රකාශයක් කරන තරමට මෛත්‍රී පිරිහෙළීමට ඔහු වටා සිටින සට්ටෑඹියන් සමත් වී සිටින බව පැහැදිලිය. ජනාධිපති තාත්තා කියන ආකාරයේ විධායක ජනාධිපති ක්‍රමයේ කොටස්කරුවකු වීමෙන් ජාතික සංහිඳියාව ගොඩනැගෙන බවය දැන් කියන්නේ. මෙය අවලම් කතාවක් වන්නේ 2015 ජනවාරි 08 වැනි දින සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ ජාතිකත්වයන් එකාවන්ව ලබා දුන් ඡන්දයේ අභිලාෂය මහා දවල් කෙළෙසීම නිසාය. ඡන්දය දුන් පිරිසගේ අභිලාෂය වූයේ ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කිරීමය. ජනාධිපතිවරණය වසර දෙකකට පෙර පවත්වා ඉල්ලන් කෑ මහින්ද රාජපක්ෂ ජනවාරි 09 වැනි දින මැදමුලනට පල්ලම් බැස කී කතාව මතක් කර ගැනීම ප්‍රමාණවත්ය.
මැදමුලනට පළා ගොස් වවුල් රංගනයක යෙදෙමින්, ජනේල පොලුවල එල්ලී ප්‍රකාශ කළේ දෙමළ, මුස්ලිම් ඡන්ද නොදී තමන්ව පරාජයට පත් කළ බවය. වැඩි දුරටත් ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර ඡන්දවලින් තමන් පරාජය කළ බවය. එයින් කියවුණු අනෙක් කරුණ වූයේ එම ජනතාව මෛත්‍රීට ඡන්දය දුන් බවය. එය යථාර්ථයක්ය. එසේ ඡන්දය දුන්නේ ‘මැතිවරණ ක්‍රමයේ කොටස්කරුවන්’ වීමෙන් මිස ඒකාධිපති පවුල් පාලනය හමුවේ පළා ගිය නිසා නොවේය. මෛත්‍රී පොල් වත්තක හැංගී සිටියා සේ ජනතාව ද හැංගී සිටි නිසා නොවේය. නොබියව ඉදිරියට ඇවිත්, ඡන්දය පාවිච්චි කළ නිසාය. ඒ ඡන්දවල අභිලාෂය වී තිබුණේ, ජාතික සමගිය සහ සංහිඳියාවමය. දැන් ජනාධිපති තාත්තා ගරහන්නේ එම ඡන්දවලටය. චතුරිකාගේ ජනාධිපති තාත්තාට විධායක බලයේ රහ දැනී ජනතාවට පස්ස හරවන්නේ මෙසේය.
මේවාටත් වඩා බරපතළ දෙයක් එම යෝජනා තුළ අඩංගුය. එය නම්, පාර්ලිමේන්තුව ජනාධිපතිගේ අල්ලේ නටවන තැනක් බවට යළි පත් කර ගැනීමේ උත්සාහයයි. 19 වැනි සංශෝධනයෙන් එතෙක් තිබූ ඉඩ ජනාධිපතිගෙන් ඇහිරීය. මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවක කාලය වසර හතරහමාර ඉක්ම යන තුරු ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය නොහැකි සේ විධිවිධාන සැලසීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිගේ අභිමතය පරිදි විසුරුවා හැරීමට ඉඩ සලසාගෙන තිබිණි.
මෛතී්‍රගේ සට්ටෑඹියන් ඉදිරිපත් කර තිඛෙන යෝජනාවලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය යළිත් වරක් ජනාධිපතිට පැවරීමට යෝජිතය. පාර්ලිමේන්තුව රැස් කරවා වසර හතරහමාරක් ගත වීමට පෙර පවා එය විසුරුවා හැරීමට තිඛෙන අවස්ථා ගැන වැඩි දුරටත් සාකච්ඡා කළ යුතු බව දක්වා ඇත. මහින්ද, ජේ.ආර්, ප්‍රේමදාස ආදීන් පාර්ලිමේන්තුව අල්ලේ නැටවූ සේ අල්ලේ නැටවීමට ගෙන යන ප්‍රයත්නය මෙයින් පැහැදිලිය. කොටින්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තබන ලද ඉදිරි පියවර පවා ආපසු හැරවීමට මෙයින් උත්සාහ දරා ඇත. චතුරිකාගේ ජනාධිපති තාත්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකාධිපතියකු වීමට වලිකරන්නේ මේ ආකාරයේ උප්පරවැට්ටිවලින්ය. චතුරිකා ලියූ බව කියන ‘ජනාධිපති තාත්තා’ පොත යට තිඛෙන්නේ මේ දේශපාලන බල උමතුව බව තේරෙන භාෂාවෙන් කිව යුතුය.


ලංකා මාරසිංහ