දැන් මහරජා වෙන කෙනෙක්…!

,,hjj
ජනාධිපති තාත්තාගේ ව්‍යවස්ථා උගුල
October 6, 2017
gjkl
දශක හතක අස්වැන්න වසකුප්පියද?
October 6, 2017
Show all

දැන් මහරජා වෙන කෙනෙක්…!

ghk

සතිය ආරම්භ වූයේ මෛත්‍රී ඇමෙරිකාව බලා පියාසර කර සිටියදීය. නිකම් පෞද්ගලික ගමනක් හෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ගිය ගමනක් නොවන්නේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසි වාරයට සහභාගී වී එය ඇමතීමට වන්නේය. මෙයින් බලවත් සිත් වේදනාවට සහ කම්පාවට පත් වී සිටින්නේ මහින්දය. ‘ලගී ගයා මර ගී’ හැරුණු විට මහින්දට වෙන කළ යුතු දෙයක් නොමැති තරමට අන්ත අසරණ වී සිටි බව ප්‍රකාශ වූ අවස්ථා සතිය පුරාම හමු වූයේය. රනිල් ද පත් වී සිටියේ ඊට නොදෙවැනි තත්ත්වයකට බව පැහැදිලි වූයේය. දේශපාලන වේදනාකාරී වර්තමානයෙන් මිඳීමට රනිල්ට තවමත් තිඛෙන්නේ සිතින් ’77ට යාම පමණක් බව පැහැදිලි වන්නේය.

මෛත්‍රී අලකලංචියක

මෛත්‍රීට නිව්යෝර්ක් නුවර සිට එක්සත් ජාතීන් සමඟ ඒකාත්මික වීමට පූර්ණ අවධානය යොමු කළ නොහැකි වූයේය. ලංකවේ තිඛෙන දේශපාලන සුළියේ විවිධ කරුණු කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට සිදු වූයේය. මෙම තත්ත්වයේ උපරිමය පැමිණ තිබුණේ 20 වැනිදා පාර්ලිමේන්තුවේදී වන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසි වැනි සංශෝධනය ගෙන ඒම පිළිබඳව තිබුණේ මහත් අලකලංචියක්ය. මෛත්‍රී, රනිල් දෙදෙනාම එක් වී සංශෝධනය ගෙන ආව ද, පළාත් සභාවලදී එය පරාජය වීමෙන් අලකලංචියට මුලපිරීය. පසුව පළාත් සභාවලදී එය සම්මත කෙරුණ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබුණේ, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කරගෙන ජනමත විචාරණයකින් ද අනුමත කරවා ගත යුතු බවය. මේ තත්ත්වය හමුවේ නිව්යෝර්ක්වල ශරීරයෙන් සිටිය ද මෛත්‍රී සිතින් පාර්ලිමේන්තුව තුළ සිටීමට සිදු වී තිබුණේය.

මහින්දට හුළං

මහින්දගේ කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ පුළුවන් තරම් බාල්දි පෙරළුවේය. විසි වැනි සංශෝධනයේ හරය වූ පළාත් සභා මැතිවරණය කල් දමා ගැනීමේ අරමුණ රනිල් මෛත්‍රී දෙදෙනාටම තිබුණේය. මහින්ද කණ්ඩායමට තිබුණේ පළාත් සභා මැතිවරණය කෑලි වශයෙන් ඉක්මනින් පවත්වා ගැනීමේ අරමුණය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නිසා රනිල් – මෛත්‍රී දෙදෙනාගේ අරමුණට මරු පහරක් වී තිබුණේය. නමුත්, එයට විකල්ප ක්‍රියාමාර්ගයක් ද හවුල් පාලනයට තිබුණේය. ඒ විසි වැනි සංශෝධනයේ අරමුණ වෙනත් ආකාරයකින් ඉටු කර ගැනීමය. 20 වැනිදා පාර්ලිමේන්තුවේ බලු පොරයක් වී තිබුණේ මේ සම්බන්ධයෙන්ය. නිව්යෝර්ක් නුවර සිටිය ද, පාර්ලිමේන්තුව තුළ සිටිමින්, මැතිවරණය කල් දැමීම සඳහා වූ උපක්‍රමික ප්‍රයත්නය ජයග්‍රහණය කරවීමේ මෙහෙයුම දියත් කිරීමට ද මෛතී්‍රට සිදු වී තිබුණේය. අවසානයේ මහින්දට හුළං බව පෙන්වමින්, මෛත්‍රී ජයග්‍රහණය කර තිබුණේය.

මහින්ද මර ගී ගැයීම

මෛත්‍රී නිව්යෝර්ක් නුවර සිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම මහින්දට දරා ගත නොහැකි දෙයක් බවට පත් වී තිබුණු බව ඉතා හොඳින් පැහැදිලි වූ අතර, දැන් මහින්ද කතා කරන හැම දෙයක්ම මූල්‍ය අපරාධ විමර්ශන පරීක්ෂණවලට ඈඳා පහර ගැසීමට බොහෝ රුචියක් දක්වන්නේය. හෙක්ටර් කොබ්බෑකඩුව අනුස්මරණ උත්සවයක් පවත්වමින්, මහින්ද කියා තිබුණේ අනෙක් අයට කොබ්බෑකඩුව ගැන හාංකවිසියක් මතක නැති බවය. එයින් නොනැවතී ‘කොබ්බෑකඩුව මහත්තයා අද වගේ දවසක ඉඩම් ජනසතු කළා නම්, එතුමා අද එෆ්.සී.අයි.ඩී. එකේ’ යනුවෙන් කියා තිබුණේය. මෙයින් පැහැදිලි වන්නේ මහින්ද කොයි තරම් මූල්‍ය අපරාධ සහ මහජන දේපොළ කොල්ලකෑම් ආරක්ෂා කරනවා ද යන්නය. කොබ්බෑකඩුව ඉඩම් පවරාගෙන තමන්ගේ පවුලට ලියා නොගත්තේය. මහින්ද කළේ මහජන දේපොළ සහ මුදල් කොල්ලකෑමය. මෙය කොතරම් ද යන්න පැහැදිලි වන්නේ අම්මා තාත්තාගේ සොහොන් කොත් ඉදි කරන්න මහජන මුදල් කොල්ලකෑම තුළින්ය.

දැන් මහරජා වෙන කෙනෙක්

මහින්දගේ ‘ලගී ගයා මර ගී’ එතෙකින් නිම නොවන්නේය.  මහින්දගේ හොඳම කතාවක් එළියට ආවේ රෝහිත අබේගුණවර්ධන රචනා කළ බව කියන පොත් දෙකක් භික්ෂූන් පිරිසක් ඇතුළු පිරිසක් එක් වී ජනගත කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන්ය. ‘බලය තියෙද්දී මට මහ රජා කී අය මගේ වටේ සිටි අය දැන් මට කියන්නේ ඒකාධිපතියා කියලා. බලය තියෙද්දී ළඟට ඇවිත් වැඳ වැටෙන අය බලය නැති වුණාම කියන කතා ඔහොම තමයි. බලය නැති වුණාම තමයි, හැබෑ මිත්‍රයෝ කවුද කියලා තේරෙන්නේ…’ මහින්දගේ ‘ලගී ගයා මර ගී’ වල තිඛෙන වේදනාව කොතරම් දැයි මෙයින් හෙළි වන්නේය. අනෙක් පැත්තෙන් මේ කතාවේ යටිපෙළ වන්නේ ‘මම කළ හැමදේම එහෙමම කරගෙන යන්නේ දැන් වෙන මහරජා කෙනෙක්’ යන්නය. ඉතා අමාරුවෙන් හරි හිත හදා ගන්නට දෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තමන් බව කියූ මහින්ද දැන් ඒ කතාව ද නොකියන තැනට පල්ලම් බැස ඇත්තේය.

ඔත්තු බලන අරුන්දික

මහින්ද ඒකාධිපති කතාව කියුවේ විශේෂ හේතුවකුත් ඇතිව වන්නේය. මෑත කාලයේ ලොකු කතාබහකට ලක් වූයේ අරුන්දික ප්‍රනාන්දුය. අරුන්දික මහින්ද ළඟ ගැවසෙන්නේ ඔත්තු බැලීමට බව මහින්ද පිල කරුණු සහිතව ඔප්පු කර ඇති බව කියවෙන්නේය. එම අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් හෙළි වන්නේ දැනට හෙළි කළ නොහැකි ප්‍රබල සාක්ෂි කීපයක් අරුන්දිකගේ ඔත්තු බැලීම සම්බන්ධයෙන් හෙළි කරගෙන ඇති බව වන්නේය. එම ආරංචිමාර්ග වැඩි දුරටත් හෙළි කරන්නේ මෑත කාලයේ අරුන්දිකගේ ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් ගැන බැලීමේදී ද දෙබිඩි බව ඉතා හොඳින් පැහැදිලි වන බවය. මහින්ද පිලට එක් වීමට නියමිත සංඛ්‍යාව පමණක් නොව ඔවුන් කවුරුන් ද යන්න ද හෙළි කරමින්, පාවා දී ඇති බවය. එසේම උදයංග වීරතුංග සමඟ ප්‍රසිද්ධියේ සම්බන්ධකම් පැවැත්වීමද එවැනිම පාවා දීමක් බව කියවෙන්නේය. මහින්දට දැන් අරුන්දික විශේෂ හිසරදයක් වී ඇති බවද හෙළි වන්නේය.

රනිල්ගේ ස්වර්ණමය යුගය

රනිල් දැන් බොහෝ දේවලින් පසුබා සිටින්නේය. ඔහුගේ දේශපාලන පිළිසරණට තිඛෙන්නේ අතීතයක් පමණක් බව පැහැදිලි වන්නේය. ඔහු යළි යළිත් රැඳී සිටින්නේ ’77 පිහිට වූ ජේ.ආර්.ගේ යුගයේම වන්නේය. මෑතකම ඔහු කියා තිඛෙන්නේ ‘හැත්තෑහතේ කර්මාන්ත විප්ලවය අභිබවා යන විප්ලවයක් යහපාලන රජය ඇරඹුවා…’ යන්නය. රනිල් මෙවැනි කතා කියන්නේ කුලියාපිටිය වොක්ස්වැගන් කර්මාන්ත ශාලා බොරුව ඇනගෙන සිටියදීය. හොරණ කර්මාන්ත ශාලා බොරුව ද ඇනගෙන සිටින අතර වන්නේය. තරුණ, තරුණියන් ලක්ෂ 10කට අලුතින් රැකියා ලබා දෙන බවට දුන් මැතිවරණ පොරොන්දුව පාරාවළල්ලක් වෙමින් තිබියදීය. රනිල්ට ඇත්තටම සිදු වී ඇත්තේ, හැත්තෑහත ගැන තලුමැරීම පමණක් වන්නේය.

රන්ජන්ට ජය

රනිල් දිගින්දිගටම ඇන ගන්නා කටයුතු කරගෙන යද්දී ගෝලබාලයෝ වෙනත් පාරවලින් ජයග්‍රහණ ලබමින් සිටින්නෝ්ය. විවිධ අවස්ථාවල මේ බව ඔප්පු වී ඇත්තේය. අලුතෙන්ම ජයග්‍රහණය කර ඇත්තේ, රන්ජන් රාමනායකය. ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සිරගෙදරට යැවූ සැණින් රෝහල්ගත කිරීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරිය නොයෙක් සටකපටකම් කර තිබුණාය. මේ හොර ගේම් සියල්ල රන්ජන් අල්ලාගෙන කරුණු සහිතව අදාළ බලධාරීන්ට ඔප්පු කර තිබුණේය. සෞඛ්‍ය ඇමතිට ලිඛිතව පැමිණිලි කර තිබුණේය. වෛද්‍යවරියගේ විෂමාචාර ක්‍රියා අතටම අල්ලා ගැනීම නිසා ගැලවීමට කිසිම ඉඩක් නොදී තිබුණේය. අන්තිමේදී රන්ජන් ජය ලබමින්, වෛද්‍යවරියට ස්ථාන මාරුවක්දී තිබුණේය.

කෝප් එකට බය ඇමති

පසුගිය 19වෙනි දින මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබිණි. පසුගිය වසරේ ජූලි මස අට වෙනිදා දින එම අධිකාරිය කෝප් කමිටුවට කැඳවීමෙන් වසරකට පසුව මෙම කැඳවීම සිදු කර තිබිණි. එම කැඳවීම සිදුකිරීමට නියමිතව තිබුණේ වාර්ෂිකව සිදුකරන සාමාන්‍ය එකක් ලෙසය. එහෙත් පසුගිය දිනවල අධිවේගී මාර්ග සම්බන්ධයෙන් හෙළිදරව් වූ මහා පරිමාණ ටෙන්ඩර් වංචා සහ ඇස්තමේන්තු වංචා නිසා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුවට කැඳවීමට විරෝධය පළකරමින් විවිධ චෝදනා කෝප් කමිටු සභාපතිවරයා වෙත එල්ල කිරීමට පටන් ගත්තේය. අන්තිමේදී මෙම ගැටලුව කතානායකවරයා හමුවට පැමිණියේය.
පසුගිය අඟහරුවාදා දින කතානායකවරයා විසින් කෝප් සභාපතිවරයා, විගණකාධිපතිවරයා සහ ඇමතිවරයා කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී ඇමතිවරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුවට කැඳවීමට ඉඩ නොදෙන බවට තදින් ප්‍රකාශ කොට තිබේ. කෝප් සභාපතිවරයා පවසා ඇත්තේ, තමන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන බවත් රාජ්‍ය ආයතනයක ගිණුම් සම්බන්ධ කාරණා පමණක් නොව සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වුවද කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස විමර්ශනයට ලක්කිරීමට තමන්ට හැකි බවයි. එමෙන්ම තමන් ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ, විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවට අනුව පැන නැගුණු කරුණු සම්බන්ධයෙන් බවද කෝප් සභාපතිවරයා පවසා ඇත. විගණකාධිපතිවරයාද පවසා ඇත්තේ තම ආයතනය මාර්ග සංවර්ධන අධිකාරිය පිළිබඳව විගණන වාර්තාවක් සකස් කර ඇති බවයි. ‘මම මගේ නිලධාරීන් කෝප් කමිටුවට එවන්නේ නැහැ’ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත. ‘ඇයි ඔය තරම් බය වංචා දූෂණ කරලා නැත්නම්. වැරදි තොරතුරු තියෙනවනම් නිලධාරීන් කෝප් කමිටුවට ඇවිත් නිවැරදි කරයි.’ සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත. ‘ඇයි? පරණ ඒවා හොයන්නේ නැත්තේ.’ ඇමතිවරයා නැවත විමසා තිබේ. ‘මඟ නැගුම ගැනත් අපි හෙව්වා. වාර්තා දුන්නා. ඔබතුමා තමයි ඒවට අවශ්‍ය පියවර ගන්නේ නැත්තේ’ සුනිල් හඳුන්නෙත්ති පවසා තිබේ.
කරුණු මෙසේ තිබියදී මාර්ග සංවර්ධන අධිකාරිය පසුගිය අඟහරුවාදා කෝප් කමිටුවට කැඳවූ අතර නිලධාරීන් පනස්පස්දෙනෙකුට ආසන්න පිරිසක් විමර්ශනයට පැමිණ සිටියහ. මෙහිදී සිදුකරන ලද විමර්ශනවලදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ විශාල අක්‍රමිකතා ප්‍රමාණයක් හෙළිදරව් වී තිබේ. නියමිත පරිදි ශක්‍යතා අධ්‍යන වාර්තා සහ තාක්ෂණික ඇගයීම් වාර්තා සකස් කර නොමැති බවත් ආර්ථීක කළමනාකරණ කමිටුවට යොමුකරන ලද ලිපි මෙන්ම අක්‍රමවත් ගෙවීම් පිළිබඳවද විශාල කරුණු ප්‍රමාණයක් හෙළිදරව් වී තිබේ.
‘මේ රටේ වැඩියෙන්ම හොරකම් කරන මාර්ග බවට පත්වෙලා තියෙන්නේ ගුවන් මාර්ග සහ අධිවේගී මාර්ගයි’ පැය පහකට අධික විමර්ශනයකින් අනතුරුව කෝප් සභාපතිවරයා නිලධාරියෙකුට පැවසීය.

අනුර වෙනුවෙන් පෙළපාළියක්

පසුගිය දාසයවෙනි (16) දින කඳුරට ජනතා පෙරමුණේ තරුණ සම්මේලනය කොටගල නගරයේදී පැවැත්විණි. මේ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබ තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකය. කඳුරට ජනතා පෙරමුණෙන් ලද මෙම ආරාධනාව පිළිගත් ජවිපෙ නායකයා සමුළුවට ගිය අතර එහිදී ඔහුට විශේෂ පිළිගැනීමක් හිමිව තිබිණි. කඳුරට ජනතා පෙරමුණේ නායක රාධා ක්‍රිෂ්ණන් ඇතුළු තරුණ පෙරමුණේ නායකයන් ජවිපෙ නායකයා පෙළපාළියකින් කැඳවාගෙන යෑමට කටයුතු කර තිබුණි. මෙහිදී ජවිපෙ නායකයාගේ කතාවට දමිළ තරුණයින්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබී තිබුණි. පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාවාරයේදී විජිත හේරත් මන්ත්‍රීවරයා සමඟ කතාබහක වැටුණු රාධා ක්‍රිෂ්ණන් ඇමතිවරයා මෙම තරුණ සමුළුව ගැනද විස්තර කළේය. ‘ඔබතුමාලාගේ නායකයාට තමයි සමුළුවේදී වැඩිම ප්‍රතිචාර තිබුණේ. අපි පළවෙනි වතාවට තමයි මේ වගේ සිංහල නායකයෙක් අපේ සමුළුවක ප්‍රධාන ආරාධිතයා විදියට එකතු කරගත්තේ. අපේ තරුණ පරම්පරාවට හොඳට සිංහල භාෂාව තේරෙනවා. ඒ නිසා කතාවටත් හොඳ ප්‍රතිචාර තිබුණා. වතුකරයේ ප්‍රශ්නය ගැන අනුර සහෝදරයා හොඳට පැහැදිලි කළා. සමුළුවෙන් පස්සේ අපේ අය ඔබතුමාලගේ නායකයා ගැන තමයි කතා කළේ. ඇත්තටම ජවිපෙට ස්තූතියි අපේ සමුළුවට ඔබතුමාලගේ නායකයා සම්බන්ධ කිරීම ගැන.’ රාධා ක්‍රිෂ්ණන් ඇමතිවරයා විජිත හේරත්ට කියා සිටියේය.
‘අපි හොඳ දේවල් අගය කරන පක්ෂයක් නේ. ඔබතුමාලා තීරණය කරපු දේ හොඳ දෙයක්. ඒ නිසා අපි කල්පනා කළා, කඳුකරයේ තරුණ තරුණියන් ආමන්ත්‍රණය කරන්න මේක අවස්ථාවක් කරගන්න. අපේ රටේ හැම තරුණයෙක්ම මුහුණ දීලා තියෙන ඛේදවාචකයට කඳුකරයේ තරුණයත් මුහුණ දෙනවා. එයාලට මේ තත්ත්වය තේරුම් කරලා දෙන්න ඕනෑ. අපි ඔබතුමාලාට ස්තූතිවන්ත වෙනවා අපිට ආරාධනා කිරීම ගැන’ විජිත හේරත් පෙරළා රාධා ක්‍රිෂ්ණන්ට ස්තූතිය පළ කළේය.